IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට

(කේ. බුද්ධික කුමාරසිරි)

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී  අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මියගිය පොලිස් නිළධාරීයා දින තුනක කාලයක් නිවාඩු ලබා සිට සිය පියා බැලීම සඳහා තුම්මෝදර දඹෝර ප්‍රදේශයේ නිවසට ගොස් යළි හඳපාන්ගොඩ ප්‍රදේශයට යන අතරතුර එම නිළධාරීයා ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ප්‍රපාතයකට පෙරලීමෙන් බරපතල තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ මෙනේරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පාදුක්ක පොලිසියට අනුයුක්තව කටයුතු කළ 56959 පොලිස් සැරයන් වජිර ප්‍රියාන් නැමැති 54 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ දේහය පාදුක්ක දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යාමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය හෙට (10) දින සිදු කිරීමට නියමිතය.

පාදුක්ක පොලිසියේ රථවාන අංශය සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට

ඔබේ අදහස් එවන්න

දියත

අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි
2024 නොවැම්බර් මස 25 51 0

බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර


ගංවතුර තිබුණත් උසස් පෙළ දරුවන් විභාග මධ්‍යස්ථානයට
2024 නොවැම්බර් මස 25 0 0

මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද


යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 297 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 259 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 983 1

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 2138 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2053 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site