IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


යතුරුපැදි අනතුරින් සෙබළා මරුට

( කුෂාන් ජයවර්ධන)

ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී  සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු  පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ එම යතුරු පැදිය පැදවූ බව කියන යුද හමුදා  ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස රාජකාරියේ නියුතු  ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වන හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙකි.

ඔහු ගනේමුල්ල ප්‍රෙද්ශයේ කඳවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇති බව ද, සිදුකළ විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය කියයි.  නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුරදී මෙම අනතුරට මුහුණ පා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය කියයි.

 

 



අදහස් (4)

යතුරුපැදි අනතුරින් සෙබළා මරුට

ගමේ එකා Friday, 07 February 2025 10:43 AM

කනගාටුයි. හැබැයි දැං එයත් "රණවිරුවෙක්" වීදිහටද අවමංගල හමුදා ආචාර ලබන්නේ? අවුල් නේද එහෙම නම්? ඇත්තටම යුද්ධෙදි දිවි පුදපු සැබෑ රණවිරුවන්ට අසාධාරණයක් නේද වෙන්නෙ?

:       7       12

Krishantha Friday, 07 February 2025 01:44 PM

ගමේ එකාගෙ කතාවේ ලොකු පොයින්ට් එකක් තියෙනවා. රිදෙන අයට රිදෙයි. හැබැයි දැන්වත් නිවැරැදි කරන්න අවශ්‍ය දෙයක් ඔය වැඩේ...

:       1       8

Chinthana Saturday, 08 February 2025 10:07 AM

යුද්ධයට ගියත් නැතත් හමුදා සෙබළුන්ට හා විශ්‍රාමිකයන්ට හමුදා සම්ප්‍රදායානුකූලව අවමංගල කටයුතු කරනවා. මරණය රාජකාරියේදී වුණත්, නැතත්. ඒක නොලැබෙන්නේ දිවි නසාගත් අයට හමුදාවෙන් ඉවත්කළ හා නියමිත කලට ඉවත් වූ අයට... යුද්ධයට නොගියා නම් එහෙම නෙවෙයිනේ...

:       0       2

krishantha Saturday, 08 February 2025 10:14 AM

එයාලගේ ජොබ් එක වෙනස්. හාෆ් ඩේ ලීව් නැහැ. ෂෝට් ලීව් නැහැ... ලොකු කැපවීමක් තියෙන්නේ. මැරෙන්න යන්න කිව්වොත් යන්න ඕනෑ. එයාලගේ ජොබ් එකට තියන එක වරප්‍රසාදයක් තමයි ඔය අවමංගල්‍යය උත්සවය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1359 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 262 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 522 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 731 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 145 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 537 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site