(කේ. බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතුරුපැදියක පසුපැදිකරු ලෙස සිටි කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ යතුරු පැදි දෙකම පහත්ගම දෙස සිට මීපේ දෙසට ධාවනය කර ඇති අතර මියගිය කාන්තාව තම ස්වාමිපුරුෂයා සමඟ ගමන් ගත් යතුරුපැදිය වම් අත දෙසින් ධාවනය කරමින් සිට එක්වරම මාර්ගය හරහා දකුණු පැත්තට ධාවනය කරවීමේදී එම දෙසටම ධාවනය වූ තවත් යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සහ අනෙක් යතුරු පැදියෙහි පැදිකරු සුළු තුවාල ලබා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර මියගිය කාන්තාවගේ දේහය එම රෝහලේ ම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඒ පිළිබදව වූ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට