(බී.ජී. චතුරංග)
මිහින්තලය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඒ 9 මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය ගවයකුගේ ඇගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් අද (8) ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , මිහින්තලේ නගර මධ්‍යයේ "ලාභ කඩය" නමින් වෙළඳ සැලක් පවත්වා ගෙන යමින්, ජනතාවට භාණ්ඩ සහන මිලට අලවි කළ, මරදන්කුලම, පුවරසන්කුලම, ශ්‍රමදාන මාවතේ පදිංචිව සිටි ප්‍රසන්න නානායක්කාර නැමැති 69 හැවිරිදි තිදරු පියෙකි.
ජීවිතක්ෂයට පත්වූ ප්‍රසන්න මහතා ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ සේවකයෙකි. මුළු දිවයිනටම සාම විනිශ්චයකාරවරයෙකු වූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා, සමගි ජන බලවේගය පක්ෂයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරඟ කිරීමට නාම යෝජනා දීමට නාම යෝජනා භාර දී තිබූ අයෙකි.
පසුගිය 5 දා තම පුතු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (8දා ) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ 9 මාර්ගයේ මිහින්තලේ ඇඟලුම් කම්හල, අසල සහ මරදන්කුලම ප්‍රදේශයේ දී අයාලේ යන ගවයන්ගෙ ගැටී ජීවිතක්ෂයට පත්වූ පස්වැනි පුද්ගල මරණය මෙය බවත්, රාත්‍රී සහ දහවල් කාලයේ මාර්ගය පුරා සැරි සරන අයාලේ යන ගවයන් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය හෝ ප්‍රාදේශීය සභාව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බව මිහින්තලය නගරයේ පදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී. ඒ.සෝමරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී වෙළෙද සංගම් සභාපති මරුට
Chaminda Monday, 08 May 2023 02:04 PM
අයාලේ යන නොවෙයි, යවන්න කියා වෙනස් කළොත් හොඳයි... මොකද ඒ සතුන්ට හිමිකම් කියන්න අය ඉන්නවා... එහෙම සතුන් අයාලේ යවන අයට දඬුවම් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද? ක්‍රමයක් තිබේ නම් අදාල නීතිය ක්‍රියාත්මක නොකරන අයට දඬුවම් දෙන්න බැරිද?
fairoosMonday, 08 May 2023 04:32 PM
දඬුවම් දෙන්න පුළුවන් වෙන රටක් නම්... ලංකාවේ එහෙම බැහැ.
Bunny Preena Monday, 08 May 2023 03:44 PM
මැරුනු මිනිසුන්ගෙ පවුලෙ අයගෙ ශාපයෙන් ඔය හරක් නිදැල්ලෙ යවන පුඩ්ගලයින්ට ගෙලවෙන්ට හම්බ වෙන්නෙ නැහැ.
kapila Monday, 08 May 2023 04:39 PM
මස් කඩ මුදලාලි කෙනෙක් ඔය පාරේ ගියා නම් හරි.
Douglas Tisseverasinghe Monday, 08 May 2023 06:08 PM
එහෙම සතුන් අයාලේ යවන අයට දඬුවම් දෙන්න ක්‍රමයක් හදන්න බැරිද?