(සමන් පාලිත නානායක්කාර)
රියදුරු බලපත්‍ර රහිතව යතුරුපැදියක් පදවා රිය අනතුරක් සිදු කළ බව කියන දාහත් හැවිරිදි පාසල් සිසුවකු අද 22 බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට මෙම මස 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියම කෙළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූවේ බණ්ඩාරවෙල විශාකා මාවත පදිංචිව සිටින දාහත් හැවිරිදි පාසල් සිසුවෙකි.
බණ්ඩාරවෙල නගරයේදී මොහු පැදවූ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනෙක් යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පියා භාරයේ තිබෙන යතුරුපැදිය බලපත්‍ර නොමැතිව තම පුතුට ලබාදීම වෙනුවෙන් පියාට ද නඩු පැවරීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල කොට්ඨාස පොලිස් අධිකාරී ඩී. එම්. දසනායක මහතා පැවසීය.
බලපත්‍ර නොමැතිව යතුරුපැදියක් ධාවනය කර අනතුරක් සිදු කිරීමේ චෝදනාව යටතේ මෙම පාසල් සිසුවා බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ එම් නිහාල් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
බණ්ඩාරවෙල කොට්ඨාස පොලිස් අධිකාරී ඩී එම් දසනායක මහතාගේ උපදෙස් ඇතිව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ එම් නිහාල් මහතා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරුපැදියක් පදවා අනතුරක් කළ සිසුවා රිමාන්ඩ්
sharm warn Tuesday, 23 November 2021 09:12 AM
එතකොට වැලිසර අනතුර කරපු ළමයට ,මොකද්ද ගත්ත විසඳුම?එතන දෙන්නෙක් මැරුණා.ඒකත් පාස්කු කතාවක් වෙන්න අරිනවද ?