(පද්මසිරි ගාර්දියවසම්)
රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ් රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ අන්ද්‍රාහැන්නදිගේ මංජුල ප්‍රියනාත් නමැති 54 හැවිරිදි පොලිස් සැරයන් වරයාය.
ඔහු අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
පොලිස් සැරයන් වරයා යතුරුපැදියෙන් රන්න දෙස සිට හුංගම දෙසට ගමන් කරමින් සිටියදී හුංගම දෙස සිට රන්න දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
කැබ් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්වරයාගේ දේහය රන්න ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ .
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. හුංගම පොලිසියේ රථවාහන අංශය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට යයි.
මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක සිටි ආරක්ෂක සේවකයකු ඝාතනය කර සේප්පුවේ තිබූ ලක්ෂ දාහතරක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන එම ආයතනය
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කල බව ජලාශය භාර
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ව
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය ට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැය
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන් මරුට