(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අඩංගුවට ගෙන තිබුණි.
අදාල ස්ථානය ගෘහ භාණ්ඩ සැකසිමේ ස්ථානයක් ලෙසද පවත්වාගෙන යමින් එහි එක් කොටසක මෙලෙස සොරා ගන්නා ලද යතුරු පැදි ගලවා කොටස් කිරීම සිදුව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව ඇත.
පුත්තලම මන්නාරම් මාර්ගයෙ 4 කනුව ප්‍රදේශයෙ තරුණයකුගේ ලක්ෂ හතරක් පමන වටිනා පල්සර් වර්ගයෙ යතුරු පැදියක් පනුගිය 11 දින රාත්‍රියෙ සොරා ගෙන තිබු බවත් ඒ සම්බන්ධව සිසිටිවි දර්ශන මගීන් සොරා ගත් සැකකරු හදුනා ගෙන ඔහු අල්ලා ගැනිමේන් පසු අදාල සැකකරු යතුරු පැදිය ලබා දුන් ස්ථානය තරුණයාගේ පිරිසක් එක්වි වටලා එහි තිබු යතුරු පැදිය හදුනා ගෙන තිබු බව කියයි.
අදාල ස්ථානයට පුත්තලම පොලිසියෙ නිළධාරීන් සමග ඇතුළු වි එය පරික්ෂා කිරීමේදි එහි 4 කණුව තරුණයාගේ යතුරු පැදිය ඒ වන විටත් කොටස් කර තිබු බව කියයි.
ඒ සමගම තවත් යතුරු පැදි 10 කට ආසන්න සංඛ්‍යාවක් ගලවා කොටස් කර තිබු බවත් එම ඇතැම් යතුරු පැදි වල අංක නම්බර් තහඩු පවා එම ස්ථාන වල තිබු බවත් එම යතුරු පැදි සොරා ගත් ඒවාද නැතිනම් කුමන හේතුන් මත මෙම ස්ථානයෙ කොටස් කර තිබේද යන්න පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් නිළධාරීන් පවසයි.
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මහ මග ගමන් ගන්නා ජනතාවගේ ගෙල බැද තිබූ රත්රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක
ලොස් ඇන්ජලීස් ළැව් ගිනි තව දුරටත් දරුණු වෙමින් පවතින බවත්, මේවනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවී
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල
දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝ
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි පැවති 6 වැනි සිගිඩී තරුණ හා විශිෂ්ටයන්ගේ සම්මාන උළෙලේදී මෙරට ප්‍රවීණ කථක් නර්තනාචාරිණියක වන ශ්‍රී ලං
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරුපැදි කොටස් කර විකිණිමේ ජාවාරමක්