IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


යුද ගැටුම වළකන යෝජනාවට ලංකාව අත උස්සන්නේ නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු - යුක්රේන යුද්ධය නවත්වන ලෙසත් රුසියානු හමුදාවන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙසත් පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් වූ යෝජනාවට නැවත වරක් ශ්‍රී ලංකාව ඡන්දය ලබා දීමෙන් වැළකී සිට ඇත.

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් මහතා සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී රුසියාවට එරෙහිව ගෙන එනු ලබන මෙම යෝජනාවට සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්ද කර තිබිණ.

යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 141 ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර එම යෝජනාවට විරුද්ධව සාමාජික රටවල් 7 ඡන්දය ප්‍රකාශ කර තිබිණ.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සාමාජික රටවල් ගණන 32 කි.

කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා, රුසියාව, බෙලරුසය සහ සිරියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වේ.



අදහස් (20)

යුද ගැටුම වළකන යෝජනාවට ලංකාව අත උස්සන්නේ නෑ

Perera Friday, 24 February 2023 12:17 PM

එහෙම කරන්න අපිට කොන්දක් නැහැ... නැතුව ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නෙවෙයි... ඔය රුසියන් කාරයෝ එන්නෙත් නැතුව යාවි අපේ තේ විකුණා ගන්නත් බැරිවේවි කියලා බය ඇති...

:       251       15

SenakaFriday, 24 February 2023 12:44 PM

අත උස්සන්නේ නැතුව ඉන්නයි කොන්දක් ඕන. කොන්ද නැති හැම රෙද්දටම බටහිරට දෙන කාලකන්නි තමයි ඔය අත උස්සල තියෙන්නෙ. අහිංසක යුක්‍රේන් මිනිස්සු පාවිච්චි කරලා රුසියාව වට්ටන්න යුද්ධයක් බටහිර සෙට් එක කරගෙන යනව කියල තේරෙන්න පොඩ්ඩක් හිතන්න පුලුවන් වෙන්න ඕන. බටහිරට කඩේ යන ගොබ්බයන්ට ඒක ටිකක් තේරෙනව අඩුයි.

:       7       144

EdirimannaFriday, 24 February 2023 01:03 PM

තමුන් වගේ බටහිරට කඩේ ගිහින් ඔවුන් ලවාම කෙලවාගෙන අන්තිමට ගුටි කනකොට එක්සත් ජාතීන්ගෙන් උදව් ඉල්ලන එක මහ ලැජ්ජ නැති වැඩක් පෙරේරා... ඔවුන් මෝඩතීන්දු ගන්නකොට අපෙන් අහලා, අපි කියපු නිසා කළා නම් අපිට අත උස්සන්න තිබුණා...

:       5       73

Rata PerataFriday, 24 February 2023 01:23 PM

තමුන් කියන එක ඇත්ත. චීනය වගේ රටවල් එක්ක... ඩීල් දාලා කෙළ වුණාට පස්සේ නම් එක්සත් ජාතීන්ගේ ලෝක බැංකුව, imf වගේ ඒවායින් හිඟාකන එක ආඩම්බරයක්... අනේ මෙහෙමත් අය...

:       0       0

namal- newyorkFriday, 24 February 2023 04:43 PM

මෙතැන ඉන්න මෝඩ, බටහිර විරොධී අය හිතාගෙන ඉන්නේ රුසියාවට බයේ ඡන්දේ නොදී සිටීම වීරකමක් කියලා... රුසියාව යුක්‍රේනයට ගහන්න ගිහින් දැන් හොට බිම ඇනගෙන ඉන්නවා.

:       35       6

RyanSaturday, 25 February 2023 05:43 AM

හොට ඇනිල ඉන්නව නම් ඇයි ඇමරිකාව මේ දහ අතේ දඟලන්නේ එක්සත් ජාතීන් ගාවටත් ගිහින්. ඇයි උන් ඩොලර් බිලියන සිය ගණන් තාමත් පොම්ප කරන්නේ? ඇයි යුරෝපෙයි ඇමරිකාවෙයි උද්ධමනය හි‍ටු කියල වැඩි වෙන්නේ? කොයි රටේ හිටියත් හරි දේට හරි කියන්නයි වැරද්දට වැරදියි කියන්නයි පුරුදු වෙයන්.

:       1       2

Daminda Friday, 24 February 2023 12:41 PM

සරල කාරනය නම් "යාචකයින්ට තෝරා ගන්නන් වීමට නොහැක"

:       56       5

Asela Friday, 24 February 2023 12:48 PM

යුද්ධය නවත්තන්න වෙන්න ඕන අර පඩත්තල යුක්‍රේන් විහිලුකාරයා ධූරයෙන් ඉවත් වෙන එක විතරයි. ගුටි කකා තමන්ගෙම ජනතාව විනාශයට ඇදල දාලා වෙන කෙනෙක් යුද්ධෙ ඉවරකරන්න මැදිහත් වෙනකන් බලන් ඉන්න එක මොන විකාරයක්ද.

:       6       112

Alfread Friday, 24 February 2023 12:53 PM

හොඳ තීරණයක්. විරුද්ධ වුනා නම් එක කට්ටියක් තරහ වෙනව. එකඟ වුනා නම් විපතකදි උදව් කරන්න එන මිනිස්සු ටික තරහ වෙනව. ඒක නිසා පැත්තක් නොගෙන පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳම දේ. අපිට ඔය ලොකු අය එක්ක හැප්පෙන්න යන්න ඕන නෑ.

:       0       97

සාමා Friday, 24 February 2023 12:57 PM

රටවල් ගාන අඩුවුණාට වැඩි ජනගහනයක් ඇති රටවල් රුසියාවට එරෙහි නොවී ඇත...

:       3       84

kamal Friday, 24 February 2023 01:33 PM

කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නෙමෙයි... ඔහේ වැටඋඩ ඉන්නත් දැන් අපිට අමාරුයි. එහෙම නේද අපේ හාමුදුරුවනේ...?

:       0       0

pakeer Friday, 24 February 2023 02:09 PM

හොඳ තීරණයක් ලංකාව අරන් තියෙන්නේ .පෙරේරා මහා මෝඩයෙක් .අන්න උන් වගේ ගොබ්බ මෝඩ එවුන් තමයි පාර්ලිමේන්තුවේත් ඉන්නේ.සෙලෙස්කි රූකඩයක් .පවු යුක්රේන මිනිස්සු

:       2       74

බද්රානි Friday, 24 February 2023 02:25 PM

ඒ යෝජනාවට ඡන්දය නොදී හෝ ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් දෙස බැලුවාම පැහැදිලිව පේනවා ධර්මිෂ්ඨ හා අධර්මිෂ්ඨ බවේ යතාර්ථය. ආඥාදායක පාලකයින් හා මෝඩ ගෝත්‍රික ගති පැවතුම් ඇති කලහකාරී ජනතාවන් සිටින රටවල්වල වෙසෙන පාලකයින්ට පමණක් නොවෙයි ජනතාවටත් අවශ්‍ය වන්නේ යුද්ධය මිස, සාමය නොවේ. ස්වෛරීය රටක් වන යුක්රේනය තව දුරටත් රුසියාවේ අනසක යටතේ සිටිය යුතු යයි සිතන අමනොඥයින් ලංකාව කලාපයේ බලවත් ඉන්දියාවේ හෝ චීනයේ අණසකට යටත් වීමට කැමැතිද? පාලකයින් ඉදිරියේ දණින් වැටෙන නීචයින් යුක්රේන් ජනාධිපතිව මනින්නේ ඔවුන්ගේ මිම්මෙන්ම වෙන්න ඇති...

:       1       0

ටානියාSaturday, 25 February 2023 07:59 PM

සෙලන්ස්කි වගේ මෝඩ මී හරකෙක් දාගෙන බටහිර කදවුර කරන ගෝත්රික සෙල්ලම පේන්නෙම නැද්ද.......

:       0       0

sujeewar Friday, 24 February 2023 03:57 PM

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට මේ යුද්ධය සැබෑවටම අවසන් කල යුතුම නම් කල යුතු හොඳම සහ පහසුම ක්‍රියාමාර්ගය වන්නේ සෙලෙන්ස්කිට අවවාද කිරීම පමණකි. එහෙත් ඔවුන් ඊනියා සාමයේ නාමයෙන් යුක්රේනයට ආයුධ පොම්ප කරති. අන් අධිරාජ්‍යවාදීන් මෙන් රුසියානුවන් අනුන්ගේ රටවල තම හමුදා කඳවුරු පවත්වා ගනිමින් එම රටවල් තම රූකඩ බවට පත් කර ගැනීමට උත්සාහ නොකරන බව අප සැම අවබෝධ කර ගත යුතුය. සමබර ලෝකයක් සඳහා රුසියාව බලවත්ව සිටිය යුතුමය. එසේම ආසියාවේ ආරක්ෂාව සඳහා සියළු ආසියාතික රටවල් බටහිර ගැති නොවී එක්ව සාමූහිකව කටයුතු කල යුතුය.

:       3       62

nuwan Friday, 24 February 2023 04:49 PM

අපි සිටගත යුත්තේ බටහිර රටවල් සමගයි. යුක්‍රේනය යනු රුසියාව විසින් ආක්‍රමණය කළ ඒ ආක්‍රමණයට නොබියව මුහුණදෙන වීරයෙක් වගේ ජනාධිපති කෙනෙක් ඉන්නා රටක්...

:       58       5

AppuhamiSaturday, 25 February 2023 05:47 AM

මෙහෙමයි බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නෙ. අපිට අවුරුදු 30ක තෑග්ගක් එහෙම හම්බුනා මදෑ. ආක්‍රමණයට නොබියව මූණ දෙනව වගේ නෙමේ අපිට නම් පේන්නෙ වෙන මොකක් හරි දෙනව වගේ. නැත්තන් අනුන්ගේ ඒරියස් වලට තම්න්ගේ රටේ මිනිස්සුන්ව බිලි දෙන්න ඕන නෑ නේ.

:       0       0

Rohitha Friday, 24 February 2023 06:22 PM

නාමල්- නිව්යෝක්, අනික ඔයා කියන විදියට මෙතන ඉන්නේ මෝඩ අය නෙවෙයි. ඔයාගේ බුද්ධි මට්ටම මෙතනින්ම තේරෙනවා. අපි බටහිර විරෝධී අය නෙවෙයි. ඇත්ත කියන්නේ ඇත්ත දන්නවා.

:       0       2

බද්රානි Friday, 24 February 2023 07:13 PM

බල්ලා මහත්තයා, රුසියාව පැත්තේ ඉඳගෙන යුක්රේනය දෙසට බුරන කෙනෙක් වගෙයි පේන්නේ. නැත්නම් ඉතින් මගේ කොමෙන්ට් එක දැකලා, ඇලජික් වෙලා, බඩ යන්න විදිහක් නැහැනේ.. කොහොමත් නිවටයින් ගණන් කාරයින්ට කැමතියිනේ.. ඒකනේ පහුගිය කාලේ ලෝකල් පුටින් කෙනෙකුත් ගෙනාවේ. ලෝකල් පුටින්ට වුණු දේ ඔර්ජිනල් පුටින්ට වෙන දවස වැඩි ඈතක නැහැ කියලයි මට නම් හිතෙන්නේ...

:       33       0

Kaveesh Fernanadoz Friday, 24 February 2023 11:10 PM

හොඳ බුද්ධිමත් තීරණයක්. මොකද අපේ රටේ 30 අවුරුද්දක් පැවති LTTE යුද්ධයේදී, දෙමළ ඊළාම් ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇති බවට යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් අපිට නිකරුණේ මඩ ගහද්දී.. අපිත් එක්ක UN එකේදී එකට හිටගත්ත රටක් තමයි රුසියාව..ඒක නිසා ඒ වගේ රටක් තරහා කරගන්න එක මෝඩකමක්..අනික ආර්ථිකමය හා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද රුසියාව අපිත් එක්ක බොහෝ සමීප සබඳතා පවත්වන නිසා ඔය විදිහට මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන එක නිවටකමක්වත්, බටහිර විරෝධීකමක්වත් නෙවෙයි..ඒක තමයි බුද්ධිමත්කම..මොකද අපිට රටක් විදිහට මේ නිශ්චිත මොහොතේ ඕන තරම් ප්‍රශ්න තියෙනවානේ..මිනිස්සුන්ට හරිහැටි කන්න බොන්නවත් නැති අපි වගේ රටකට ඔය කොහෙවත් තියෙන රුසියා-යුක්‍රේන යුද්ධ අදාළ නැහැ...තමන්ගේ ඇඟ බේරගෙන කාත් එක්කත් හොඳින් මිත්‍රශීලීව ඉන්නවා හැරෙන්නට..ඉතිං මේ තීරණය කාලීන වශයෙන් ඉතා බුද්ධිමත්, සවිඥානාත්මක තීරණයක් වන බවයි මට නම් නැවත නැවතත් කියන්න තියෙන්නේ..‼️That's All..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1644 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 324 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 662 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4236 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 571 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3177 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site