(බී.ජී. චතුරංග)
මහනුවර - යාපනය ඒ-9 මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50කට අධික කේරල ගංජා සමග යුද හමුදා සෙබළකු සහ නාවික හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාබල හමුදාවේ, සාම්පූර් ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිටි හමුදා සෙබළකු සහ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සෙබළකු බවත් අත්අඩංගුවට ගත් අනිත් පුද්ගලයා පෙරුම් නුනන්කාවිල්, චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි,
යුද සහ නාවික හමුදා සෙබලා සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ තුන බැගින් සොයා ගත් බවත් අනිත් සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ හතරක් සොයා ගත් බවත්, අත්අඩංගුවට ගත් එම කේරල ගංජා කිලෝ 10හි, වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 50 ඉක්මවන බවද පොලිසිය සඳහන් කළේය.
කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. මංගල සමන් කුමාර වික්‍රමනායක මහතාගේ උපදෙස් සහ මෙහෙයවීමෙන් පූනෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම් සිදු කලහ.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුද-නාවික සෙබළු ලක්ෂ 50ක ගංජා සමග මාට්ටු
සත්‍ය ගවේෂී. Monday, 01 May 2023 05:14 PM
හමුදාවේ පොලීසියේ හොරකම් හා මෙවැනි දේ කරන අය අතීතයේත් සිටියා.ඒත්,ඒ කාලයේ පැවැති බිහිසුණු වාතාවරණය නිසා ඒවා ගැන එතරම් සොයා බැලීමක් තිබුණේ නැහැ.හොඳ අවංක නිලධාරීන් එදත් සිටියා.අදත් සිටිනවා.ඒ අයට අපේ ප්‍රණාමය.ඒත්,මේ වැනි හමුදාව පොලීසිය විනාශ කරනා අයගෙන් හමුදාව හා පොලීසිය බේරාගත යුතුව ඇත.