( වසන්ත චන්ද්‍රපාල)
යුද සමයේ භාවිතා කිරීම සදහා කොටි සංවිධානය වළ දමා තිබූ භු ගත යුද උපකරණ ගබඩාවකින් පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් කරදියනාරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන තිබේ.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අඩි අටක පමණ ගැඹුරින් මෙම පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ වල දමා තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි.
පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930 ක් මෙහි තිබු බව පොලීසිය පවසයි.
එරාවූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම බෝම්බ හා උණ්ඩ විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිසියට බාර දී ඇත.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුද සමයේ භූගත ආයුධ ගබඩාවක් කරදියනාරුවලින් හමුවෙයි
ජයනාත් Thursday, 11 July 2024 09:49 AM
මේ විදියට උතුරු නැගෙනහිර ප්‍රදේශය ම තවම අවදානම් . කෑලි බෙදා ගැනීම නෙවෙයි ඉක්මනින් කල යුත්තේ භුමිය පිරිසිදු කර ගැනීම . ඒකට ජාත්‍යන්තර සහය ඉල්ලීම් වැදගත් .
Bamunuarachchi Saturday, 13 July 2024 03:16 AM
අපි දඟලන ඕනේ නැහැ ඒගොල්ලොම බිම් බෝම්බ සොයාගනී. වැළලුවෙත් ඒගොල්ලෝ.