IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


යුද ස්මාරක ඉදිකරන්න පළාත් පාලන ආයතනවල අනුමැතිය ඕනේ නැහැ

(ලක්ෂ්මී ජයකොඩි)
 
යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක්  අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
 
මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය හමුවක් අමතමිනි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබුණු මුල්ලිවායික්කාල් සැමරුම් ස්මාරකය කඩාදැමීමට සිදුවුයේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බැවින් යැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය ලබාදී තිබූ පිළිතුරට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
 
“යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම පිළිගත නොහැකි ක්‍රියාවක් මෙන්ම මිලෙච්ඡ ක්‍රියාවක්. මේ ස්මාරකය රජයේ අවසරයකින් තොරව ඉදි කිරීම නිසා කඩා දැමුවැයි කීම එම මිලෙච්ඡ ක්‍රියාව තවත් තීව්‍රකිරීමක්. යුද ස්මාරක ඉදි කිරීමට පළාත් පාලන ආයතනවල ඉදිකිරීම් අනුමැතියක් වුවමනා නැහැ.
 
එහෙම නම් උතුරු පළාත පුරාම ආරක්ෂක අංශ විසින් ඉදිකර ඇති රණවිරු ස්මාරක සියල්ලම කඩා බිඳ දාන්න වෙනවා. මේ වගේ ස්මාරක කිළිනොච්ච්ය, ආනෙයිඉරව්, පුදුකුඩිඉරිප්පු වගේ ප්‍රදේශවලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් විවිධ තැන්වල ඉදි කරල තියෙනවා.
 
මේ රටේ තිබුණු යුද්ධයෙන් දහස් ගණන් හමුදා නිලධාරීන් මිය ගියා. ඔවුන් සිහිපත් කරන්න ඕනේ. ඒත් කිසි වරදක් නොකළ අහිංසක ජනතාවත් යුද්ධයේදි ඝාතනය වුණා. විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනෙ නැද්ද?
 
යුද්ධයෙන් මිය පිරිස යම් ජන ප්‍රජාවකට අයත් ජනතාවක් කියල ඔවුන්ගැන  දුක්වෙන්නත් සිහිපත් කරන්නත් මේ ස්මාරක පොදු ස්ථානයක් වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ඒ ස්මාරකය තිබුණු ස්ථානය එම සිසුන්ට විශේෂ ස්ථානයක් වෙන්න පුලුවන්” යැයිද කීය.



අදහස් (9)

යුද ස්මාරක ඉදිකරන්න පළාත් පාලන ආයතනවල අනුමැතිය ඕනේ නැහැ

Prabath Thursday, 14 January 2021 12:47 PM

යුද ස්මාරක රජයේ හා අර්ධ රජයේ ආයතන ඇතුළේ ඉදිකරන්න බැහැ. ඒවා රජයේ ආයතන...

:       9       34

කුමාරThursday, 14 January 2021 01:17 PM

දකුණේ ඒ වගේ ස්මාරක කීයක් තියෙනවදෙ? රජයේ හා අර්ධ රජයේ ආයතන ඇතුළේ? ඒවාට ඔබ කියන නීතිය අදාල නැද්ද?

:       19       31

" නිදහස් මිනිසා " Thursday, 14 January 2021 08:23 PM

ඔබ හරි. මේක මිනීමරුවන් ඉන්නා රාජ්‍යය බව අමතකද..? ඒ නිසා නිශ්ශබ්දව බලාගෙන ඉන්න. " විනිශ්චයේ දවස " එනකම්.

:       0       2

AraFriday, 15 January 2021 05:59 AM

එහෙනම් රාජ්‍ය උත්සවවලදී විනාඩියක් නිශ්ශබ්දව ඉන්න එකක් වැරදිද?

:       1       1

THILAK Thursday, 14 January 2021 02:03 PM

යුද ස්මාරක හදන්න ලංකාවේ යුද්ධයක් තිබුණාද?

:       0       0

sathyapala Thursday, 14 January 2021 02:12 PM

"විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනේ නැද්ද?"

:       0       0

beau Thursday, 14 January 2021 03:38 PM

ඔන්න මෙයා මේකට ඇඟිලිගහන්න ඇවිත්. කොටින්ව සිහිකරමින් යුද ස්මාරක ගහන්න තහනම් බව දන්නේ නැද්ද ගොඩ පෙරකදෝරුවන්.. !!!

:       0       0

Bamunuarachchi Friday, 15 January 2021 03:14 AM

හලෝ මගේ ගෙවත්තේ තාප්පේ දාගන්නත් පළාත්පාලන නැතිනම් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕනේ.. රටේ මැරුණු ත්‍රස්තයින් සිහිකරන්න ස්මාරක ගහන්න අවසර ඕනේ නැද්ද?

:       2       2

සේනක Friday, 15 January 2021 05:32 AM

සුමන්තිරන්, ⁣ලංකාව කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුව නෙමෙයි...

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 17 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 24 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 5 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 256 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1088 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1252 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 459 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1433 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site