IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාපතිගෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක්

(සුජිත් හේවාජුලිගේ )

ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි  තමා ආයතන ප්‍රධානීන්ගෙන්  විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.

එසේම උත්සව සාදවලට මේ මොහොතේ සහභාගීවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද  යුද හමුදාපතිවරයා ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

ආයතනවලට සේවකයන් හිතෙන හිතෙන පරිදි කැද වුවහොත්  කොවිඩ්  අවදානම උත්සන්න විය හැකි බවත් අවශ්‍යම සේවකයන් පමණක් මේ මොහොතේදී කැඳවීම ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවත් ශවේන්ද්‍ර  සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සමහර ආයතනවලට  වැඩිපුර සේවකයන් කැඳවන බවට වාර්තා ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. මේ මොහොතේ අප කතා කළ යුත්තේ රට වැසීම ගැන   නොවන බවත් රට නොවැසෙන තැනට වැඩ කිරීම පුරවැසියන් සැමගේ වගකීම බවත් යුද හමුදාපතිවරයා කීවේය.

බහුතර පිරිසක් ඉල්ලා සිටින්නේ රට නොවසන  ලෙස යැයිද    ඔහු පැවසුවේය. සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන්ම සුපිරි වෙළෙඳසල් ඇතුළු පොදු ස්ථානවලදී  ජනතාව බෙහෙවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

 

 



අදහස් (10)

යුද හමුදාපතිගෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක්

චමින්දජයනාත් ජයසූරිය. Wednesday, 11 August 2021 05:20 PM

ශවේන්ද්‍ර සිල්වා මහත්මයත් දැන් ටික ටික බොරු කියන්න පුරුදු වෙනව වගේ.....මට අර ගිරව් දෙන්නගෙ කථාව මතක් වෙනව...

:       243       262

Senaka Wednesday, 11 August 2021 05:48 PM

රජයේ සේවකයින්ට සෙනසුරාදාත් ඇතුලුව සතියට දවස් තුනක් අනිවාර්යයෙන් සේවයට එන්න කියලා ගිය සතියේ චක්‍රලේඛයක් ගහලා තියෙනවා කියලා මෙතුමාට අමතක වුණාද? ඒ අනුව තමයි පුද්ගලික අංශයත් සියලුම සේවකයින් කැඳවන්නේ... මේ ගොල්ලන් කියන්නේ එකක්... කරන්නේ තව එකක්. දේශපාලනයට හොඳට ගැලපෙනවා. දැනුත් කරන්නේ ඒකද මන්දා..?

:       192       197

sachithWednesday, 11 August 2021 06:20 PM

මෙයත් පූජිත කෙනෙක් වෙන්න යන්නේ...

:       47       59

SENAKA Wednesday, 11 August 2021 07:08 PM

හමුදාවේ සිටි ගෝඨාභය ජනාධිපති කළා මෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී මොහුව ජනාධිපති කරමු...

:       13       11

JCN Wednesday, 11 August 2021 05:55 PM

රඟනවා හොඳටම වැඩියි. මට නම් දිරවන්නේම නැති මනුස්සයෙක්...

:       173       228

Wickramasinghe Wednesday, 11 August 2021 06:00 PM

කොච්චර කිව්වත් ආයතන ප්‍රධානීන්ට ඕන ආයතනයේ හැමෝම ගෙන්වන්න. මොකද එයාලට හැමදාම එන්න වෙන නිසා...

:       70       33

Pathum Wednesday, 11 August 2021 06:12 PM

මොකද හැම දෙයක්ම හමුදාපතිට කියලා කියවන්නේ..?

:       50       22

එරා Wednesday, 11 August 2021 06:46 PM

මෙතුමාත් දැන් වම දකුණ අමතක වෙලා වැඩ කරන්නේ.

:       64       83

fairoos Wednesday, 11 August 2021 06:59 PM

හැම එකටම ජනතාව තමයි පලි.. ඔයාලා තමයි හොඳටම කරලා තියෙන්නේ..

:       37       61

ගමරාල Wednesday, 11 August 2021 10:29 PM

තොත්ත බබා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 4 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 22 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1096 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1224 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3370 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 4040 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1368 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site