IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


යුද හමුදාව අඩකින් අඩුකරන්න සැලසුමක්

(අජන්ත කුමාර අගලකඩ)

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන්  හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත.

යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත. 

මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,ලබන 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ය.

ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය.

දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම් වී ඇතැ යි ඔහු කීවේය

මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

 

 



අදහස් (27)

යුද හමුදාව අඩකින් අඩුකරන්න සැලසුමක්

කිරිපුතා Saturday, 30 September 2023 06:31 PM

ඔය එන්නේ ටික ටික. ශාලාව, ආයුධ ගබඩාව පිපිරීම එහෙම කාටත් මතක ඇති. මේ පාලනය ඊළඟ මැතිවරණයෙන් ගෙදර නොයැව්වොත් රට, ජාතිය සහ සම්බුදු සසුන දැඩි අවධානම් තත්ත්වයකට පත් වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඊළඟට තෝරා ගන්න පුද්ගලයා ගැනයි. රටට විශ්වාස කළ හැකි නායකයෙක් නෑ දැන්...!

:       224       249

AJITHSaturday, 30 September 2023 07:19 PM

අපට සජිත් ප්‍රේමදාස ඉන්නවා...

:       116       19

nalliyaSaturday, 30 September 2023 08:25 PM

කොටියට ආයුධ දුන්නානේ.. ඒ කාලේ!!!

:       5       0

පැරකුම්Saturday, 30 September 2023 08:36 PM

ඇයි අජිත් සමහරු කියන්නේ අකුදි කියලා...? මිහින්තලාවේ හාමුදුරුවෝත් එනවලු ඡන්දෙට රට ගොඩගන්න කෙනෙක් තමයි නැත්තේ…!!!

:       2       1

Prabha Saturday, 30 September 2023 11:57 PM

විකට රජා...!

:       5       0

Bamunuarachchi Sunday, 01 October 2023 03:44 AM

දැන් ඉන්නේ වඩුග නායකයෙක්.. ඊළඟට මේ වැඩුගයාම හෝ අනිත් වඩුගයෝ සජිත් අනුර බලයට ආවොත් 13 ක්‍රීයාත්මක කරනවා ෂුවර්.

:       8       1

අලුත් ගෙදර Sunday, 01 October 2023 08:48 AM

ඩිස්ලයික් වලින් පේන්නේ හැකියාවක් තියෙන කණ්ඩායමක් නැතත් අතීත ක්‍රියාවන් නොදන්නා මුග්ධයින් ඉහළින් දක්වා තිබෙන සත්‍යම අදහස් වලට ඩිස්ලයික් දාලා තියෙනවා. ඔහොම එවුන් හිතාගෙන ඉන්න ආකාරයට බලපෙරලියක් වුණොත් 2019 නයියන්ඩි නැටුමට අන්ත දෙයක් වෙන්න පුළුවන්..!

:       6       4

pjSunday, 01 October 2023 08:50 AM

මව් කිරි නොබී හැදුණාම ඔහොම කතා කියවෙන එක වළක්වන්න අපහසුයි.

:       8       2

Nalinpc6Monday, 02 October 2023 07:15 PM

යුද්ධ හමුදාපතිතුමනි, මට කියන්න තියෙන්නේ ස්වේච්ඡා බළසේනාවේ සේවා කාලය අවුරුදු 22 අවසන් දැනට හැරමිටියෙන් යන සෙබළුන් ඇත... එම නිසා ස්⁣වේච්ජා බලසේනාවට නිත්‍ය බලසේනාව මෙන් වසර 22 න් විශ්‍රාම යාමට කටයුතු සිදු කරන්න....

:       0       1

AB Saturday, 30 September 2023 07:00 PM

වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නිවැරැදිව තේරුම් ගෙන නැත. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුකළ යුතු බව සැබෑවකි. මෙම පිරිස දේශීය මෙන්ම විදේශීය වශයෙන් විධිමත් පුහුණුවක් ලබා ඇත. විනය, කාර්යක්ෂමතාවය සහ වෙනත් කරුණු සලකා බැලීමේදී ඔවුන් ලබා ඇති පුහුණුවෙන් සහ දැනුමින් ප්‍රයෝජනයක් ලබාගැනීමට රජය කටයුතු කළ යුතුවේ. බොහෝ පිරිසක් වසර 20ක සේවයෙන් පසු විශ්‍රාම ගොස් වෙනත් රැකියාවල (Three wheel drivers) නිරත වේ. හෝ විදේශගත වේ. එමනිසා මහජන මුදලින් පුහුණුවක් ලබාදී ඇති ත්‍රිවිධ හමුදාවන්ගේ පිරිස අඩු කිරීමට පෙර ඔවුන් රජයේ වෙනත් රැකියාවන් හෝ රජයේ ඉඩම් ලබාදී කෘෂිකර්මාන්තය, සත්ව පාලනය හෝ වෙනත් රැකියාවන් වෙත හෝ ස්වයං රැකියාවන් වෙත යොමු කිරීමට කටයුතු කළයුතුවේ.

:       1       12

Bamunuarachchi Saturday, 30 September 2023 09:48 PM

ඒ වැඩේ එතරම් හොඳ එකක් නොවෙයි. හමුදාවේ ජෙප්පෝ ඉන්නවා නම් අස්කර දමන්න...

:       5       2

Chandana Wickramaratna Saturday, 30 September 2023 10:02 PM

අවංක නායකයෙක් ✅... හැකියාවන් සහිත කන්ඩායම්ක් ✅... රට නැංවීමේ වැඩපිළිවෙලක් ✅... මහපොලවේ බහුජන සහභාගීත්වය✅... විසඳුම NPP මාලිමාව පමණමයි...

:       6       5

nihal Saturday, 30 September 2023 11:33 PM

බණ්ඩාර ඇමැතියෝ, ඉස්සෙල්ලාම කළ යුත්තේ... මුළු රටටම සාපය වී ඇති පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ඉහඳ පණුවන් අඩුකිරීමයි කළ යුත්තේ... සූත්තර පුංචාගේ තීරණ වලින් මේ රට විනාශ වෙනවා. මේ සම්බන්ධව තීරණ ගැනීමට පෙර සරත් ෆොන්සේකා මහතාගෙන් විමසිය යුතුයි.

:       3       3

abaran Sunday, 01 October 2023 02:56 AM

බොහොම හොඳ තීරණයක්.. ඇත්තටම ක්‍රියාත්මක කරනවා නම්...! යුද්යධ පටන්ගන්න පෙර අපේ හමුදාවේ පැවැති පිරිස්බලයට තරමක් වැඩි මට්ටමකට අඩුකිරීම අත්‍යාවශ්‍ය කරුණකි. බ්‍රිතාන්‍යයේ හමුදාවේ ඉන්නෙත් සෙබළු ලක්ෂ 2ක් පමණයි. බ්‍රිතාන්‍ය ජනගහනය අපේ වගේ 3න් ගුණයක්. අපි වගේ දුප්පත් රටකට දරාගන්න බැරි තරමට ආරක්ෂක වියදම ඉහළ ගොස් ඇත්තේ දැනට අපිට අනවශ්‍ය තරමේ හමුදාවක් නඩත්තු කිරීමට සිදුවීම නිසයි. දැන් ඉතින් ඔය කිරිපුතාලා වගේ රට, ජාතිය අනතුරේ කියලා වැලලෙන සෙට් එක එළියට බහීවි...!

:       0       10

chandima Sunday, 01 October 2023 04:42 AM

පාර්ලිමේන්තුවේ පිනාලා ගානත් අඩුකළොත් නරකද? දැන් ඔය රට බංකොළොත් කරපු ජනාධිපතිලාටත් පෙන්ෂන් ගෙවනවාද?

:       1       6

Colombo Citizen Sunday, 01 October 2023 06:19 AM

රජයේ වියදම් විශාල ලෙස රාජ්‍ය සේවක වැටුප් වලට කිව්වාට 50% ක් ආරක්ෂක අංශයටලු. භාගයක් කිරීම කෙසේ වෙතත් සමාලෝචනය කිරීමක් කළයුතුයි. වෘත්තිකයෝ ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්...

:       0       5

මල් මාමා Sunday, 01 October 2023 09:04 AM

රනිල්ට එහෙම එකක් කරන්න ජනවරමක් දීලා නැහැ..

:       8       5

AKS aththanagoda Sunday, 01 October 2023 09:08 AM

සියලුම ප්‍රශ්න සජිත් විසඳනවා...!

:       11       1

Wimal Sunday, 01 October 2023 09:44 AM

රට බේරගන්න මහින්ද මහත්තයාව වලෙන් නැගිටවන්න හරි එන්න වෙයි වගේ...!

:       10       3

ලුම්බිණි Sunday, 01 October 2023 09:54 AM

හොඳ දෙයක්...!

:       1       11

Mihira Sunday, 01 October 2023 11:28 AM

ලංකාවේ ජනගහනයට සාපේක්ෂව යුද හමුදාව, නාවික, ගුවන් හමුදාව පිළිවෙලින් 50,000, 25,000, 15,000 හොදටම ඇති. යුද හමුදාවෙන් භාගයකට වඩා අද ඉන්නේ ජේෂ්ඨ නිලධාරීන්ගේ වැඩවලට ගෙවල් වල නැති නම් සේවා වනිතා කඩවල හෝටල් වල... හොඳට බලාගන්න පුළුවන් පාසල් අරින වෙලේ ආනන්ද, විශාකා, රාජකීය ළඟට ගියාම...!

:       1       16

සමීර මෙල්බර්න් Sunday, 01 October 2023 12:11 PM

හමුදාව අඩු කරන එක හොඳදෙයක්. මෙච්චර ලොකු හමුදාවක් නඩත්තු කරන එක ආර්තිකේට විශාල බරක්...!

:       2       15

විජේ Sunday, 01 October 2023 03:53 PM

රනිල් කියන්නේ ප්‍රභාකරන්ගේ නිවුන් සහෝදරයෙක්ද කියලා හිතුණු වාර අනන්තයි...!

:       4       2

ගමේ එකාලා Sunday, 01 October 2023 04:10 PM

යුද්ධ හමුදාව අඩුකරන එක හොඳ වැඩක්. ඒ වගේම කිසිම වැඩකට නැති සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳින, මහජන මුදලින් නඩත්තු වෙන කාලකන්නි, බලලෝභී දූෂිත දේසපාලුවෝත්, 70 පැනලත් බලයේ එල්ලීගෙන ඉන්න හදන නාකි ටිකත් අඩු කරනවා නම් තමයි වැඩිය හොඳ...

:       1       3

Nuwan Sunday, 01 October 2023 05:45 PM

පැහැදිලිව කළ යුතු දෙයක්... මොන ආණ්ඩුව ආවත් සිදුවිය යුතුයි. රටේ ආදායමට සාපේක්ෂව මේසා විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. හමුදාව අඩුකළාට රට, ජාතිය බේරාගැනීමට මුකුත් වෙන්නේ නැහැ. හරක් කතා කියන්න එපා...

:       0       2

Dayananda Monday, 02 October 2023 03:03 PM

ඉතාම කාලෝචිත පියවරක්. මේ පුංචි රටට මේතරම් අතිවිශාල හමුදාවක් නඩත්තු කිරීම අපරාධයක්. රටේ අනිත් රජයේ සේවකයින් සමග සසඳන විට මේ රැකියා සපයන අනාථ මඩමක්‌ වගේ මේ හමුදාව පවත්වාගෙන යාම පට්ට බොරු වැඩක්.. උපරිම අඩුකරන්න වහාම පියවර ගන්න.. 2030වනතුරු නොසිට හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන්න...

:       0       1

බද්රානි Tuesday, 03 October 2023 03:10 PM

දයානන්ද ඔබ නිවැරදියි. පාලකයින්ව රකින මුර බල්ලන්ව අසරණ හිඟන ජනතාවගේ මුදලින් නඩත්තු කිරීම අපරාධයක්... අනික දැන් අපට ආරක්ෂා කරගන්න කියලා රටක් නැහැ ඉතිරිවී නැහැ.... හොරු කණ්ඩායමක් මේ රට අල්ලාගෙන ඉවරයි.... අපිට දැන් ඕනා කරන්නේ ලෝකයේ බලවත් ජාතියක් මේ රට ආක්‍රමණය කොට මේ රටේ අසරණ ජනතාව මේ හොර කල්ලියෙන් ගලවා ගැනීමයි...මේ වෙද්දීත් හැකියාව ඇති හැම කෙනාම මේ රටින් පැන ගන්නවා. අවසානයේ ඉතිරි වන්නේ මේ කම්බා හොරුන්ගෙන් යැපෙන හා ඔවුන්ට ආවඩන අමන අධමයන් රැළක් පමණක් ඉතිරිවීමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1625 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 591 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 217 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 307 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 146 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 97 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39998 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 224 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1301 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site