(ඉන්දිකා රාමනායක)
කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇදන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.
රජයේ රෝහවල ඇඳන් ධාරිතාව වැඩි කිරිම සදහා 10.000 ක ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇති බව ද හමුදාව සඳහන් කරයි .
ඇඳන් නිෂ්පාදනයට අමතරව ආසාදිතයන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 මේ දක්වා පවත්වාගෙන යන බවද බව ද හමුදාව සඳහන් කරයි .
මෙලෙස නිෂ්පාදනය කර ඇති ඇඳන්වලින් කොටසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවද හමුදාව සඳහන් කරයි .
කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල වේගයෙන් වර්ධනය වීමත් සමගම ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පහසුකම් අවම වීම හේතුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවද බව ද හමුදාව පවසයි .
කොස්ගම යුධ හමුදා යුධෝපකරන බලකා මධ්‍යස්ථානය තුළ මෙම ඇඳන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද හමුදාව කියා සිටියි.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද හමුදාවෙන් ඇඳන් 20,000 නිෂ්පාදනය කරයි
siri Sunday, 23 May 2021 01:23 PM
යකඩ ඇඳන් උඩ ලෙඩ්ඩු නිදිකළාට ලෙඩ හොඳ වෙන්නේ නෑ. ඒවාට උපකරණ අවශ්‍යයි. පුහුණු කාර්ය මණ්ඩල අවශ්‍යයි. බෙහෙත් අවශ්‍යයි. ඒවාත් දැන් සූදානම්ද? වහලා තිබ්බ ඇඟලුම් කම්හල් "අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන" ලෙසට අලුත් වැඩියා කරදෙනවාට ඒවායේ අයිති කාරයෝ හමුදාවට පින්දෙනවා ඇති.
Senevi Sunday, 23 May 2021 01:28 PM
අපි නම් අහලා තියෙන්නේ වෙන රටවල්වල කරන්නේ රෝහල්වල තියෙන ඇඳන් ප්‍රමාණයට රෝගීන් අඩුකරගන්නට උත්සාහ කරන එක කියලයි. නමුත් අපි කරන්නේ රෝගීන් වැඩිවෙන්න ඇරලා ඒ ගානට ඇඳන් වැඩි කරන එකයි.
SudeshSunday, 23 May 2021 03:15 PM
සැප ගෙවල් වල පිනට කකා, කීබෝඩ් පලන උන්ට ගමේ එදා වේල හම්බකරන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන අරගලය තේරෙන්නේ නෑ. එහෙම උන් සෙට් එකක් නිසා තමයි එක්සත් ජාතික පක්ශයටත් මේ සෙතේ වුනේ. දවසේ රුපියල් දාහෙන් දවසට කන්න හාල්, පොල් එලවලු 2ක් ශොපින් එකේ දාගෙන යන අය සති දෙක ලොක් කරාම මැරිල වේලිල ඉඳීවි. පොඩ්ඩක් කාමරෙන් එලියට බැහැල බලන්න.
Sri Lanka Sunday, 23 May 2021 08:09 PM
ඇඳන් ලංකාවේ හැදුවට බෙහෙත්, යන්ත්‍ර ඔක්කොම පිටරටින්...