IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’

(ගයාන් සූරියආරච්චි)

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  පැවැසූහ.

උන් වහන්සේ ඒ බව පැවැසූවේ අද (29) නාරාහෙන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය  හමුවකදීය.

මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා ආරම්භ කළ පාතාලය හා කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට බාධා නොකරන ලෙසත් උන් වහන්සේ පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවැසූහ.

‘ශ්‍රී ලංකාවේ  මත්ද්‍රව්‍ය උවදුර මිනීමැරුම් වැඩි වී තිබුණා. දැන් පොලිස්පතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. කුමන ක්‍රමයක් හෝ භාවිතා කරලා හරි මේ ප්‍රශ්න විසදන්න ඕන. මේ වැඩපිළිවෙළට නීතිඥවරුන් කීප දෙනෙක් බලපෑම් කරනවා.

පොලීසිය කුඩුකාරයන්ට, පාතාලයන්ට තුවක්කුව භාවිත කරනවට මේ නීතිඥවරු අකමැතියි. අපි අහන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලයි.‘ යැයි ආනන්ද හිමියෝ පැවැසූහ.



අදහස් (29)

’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’

වත්සි Monday, 29 April 2024 07:56 PM

කලු කෝට් හමුදාව දැන් ඔබවහන්සේට විරුද්ධවත් අවි අමෝරා ගනියි.

:       15       30

Danushka Monday, 29 April 2024 08:33 PM

එතකොට යුක්තිය පසිඳලන ආයතන ආච්චිට හාල් ගරනවද ?

:       11       42

Rata Perata Monday, 29 April 2024 09:27 PM

සිවුරු දාගත්තාම ඒ වැඩ කරගෙන ඉන්න... පිස්සු කියවන්නේ නැතුව

:       19       43

විජිත් Tuesday, 30 April 2024 12:11 AM

ඔබ මම වැනි පෘතග්ජන කෙනෙක් මේ කතාව කීවානම් එය ඉතාම සාමාන්‍ය දෙයක් ලෙස සලකන්න පුළුවන් එත් මේ මිනීමරන කතා කියන්නේ බුද්ධ පුත්‍රයෙක්ද ? කීයටවත් වෙන්න බැහැ , ඒ නිසා මම මෙයාට නමකියලාම කතාකරනවා. " මුරුත්තෙට්ටුවේ ආනන්ද , කරුණාකරලා "හොඳ හිතින් " ඔබ ඇඳන් ඉන්න සිවුර ගලවලා - උපවිදිවෙලා ඔහෙට ඕන මගුලක් කියාගන්නවා.පාතාලය,කුඩු කාරයෝ ගැන ආරක්ෂක අංශත් අධිකරණයත් බලාගනිවී.ඒවාගැන කතාකරන්න ,දඬුවම් කරන්න තමුසේ කවුද ? බුදුන් වහන්සේ කියලා තියෙනවාද මිනි මරන්න කියලා ?හැබැයි ..අපේ උතුම්වූ බුදුන්වහන්සේගේ සිවුර ඇඳගෙන " පානාතිපාතා ..." කියන සිල්පදය කඩන ආකාරයට යමෙක්ට අවවාද දීලා අහුවෙන්න එපා...කන පලනවා ,මේ ඇත්තයි නාකියා කියලා බලන්නේ නැහැ. කහ රෙදි පටලව ගත්ත හොර ජූජක බමුණා.

:       3       7

Ari Sam Tuesday, 30 April 2024 02:23 AM

හාමුදුරුවනේ ,මට මතක් කරන්න පුළුවන්ද බුදුහාමුදුරුවෝ ආයුධ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන්න උපදෙස් දුන්නේ නැහැ කියලා. ඔබ සිවුරු අඳින තාක් දුරට ඔබේ සීමාව තුළ සිටින්න.

:       2       6

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 30 April 2024 04:20 AM

මේ භික්ෂුවකගේ මුවින් පිටවිය යුතු වදන්ද? බුදුන් වහන්සේ ගිලනුන්ට උවටැන් කළ සේක. මේ උන්නැහේ හෙදියන් ලවා වැඩ වර්ජන කරවා ගිලනුන් මරාදැමුවේය.රාජපක්ෂ නිකාය පිහිටුවා ඒ පින් බෙලෙන් මෙලොවදීම සුරසැප විඳින්නෙකි. පෞද්ගලික සුඛ විහරණය තකා කෙනෙකුට මේ තරම්ම පහත් තත්වය ට ඇද වැටිය හැකිද? බුදුන් වහන්සේ අංගලිමාලට පිහිටවූ බැව් අපි දන්නෙමු.එහෙම දෙයක් ගැන ගිහ අපෙන්වත් දැනගත්තොත් නේද හොඳ?

:       3       5

Nisantha Tuesday, 30 April 2024 04:37 AM

කොස් කොටන්න.... රාජ ලාභ වෙනුවෙන් සිවුර විකුණන් කන අය බිහිවෙන බව කොසොල් රජුගේ සිහින වලින් එකක්.එය සිදුවෙමින් පවතී.බුද්ධ සම්ප්‍රදාය සුළඟේ පාකර ඇත....

:       2       5

Majid Tuesday, 30 April 2024 05:52 AM

"පාණාතිපාතා වේ රමණී" කියන්නෙ ඒක ද හාංදුරුවො?

:       2       6

swene Tuesday, 30 April 2024 05:53 AM

බුදු හාමුදුරුවෝ කිසි විටෙකත් අවි ආයුධ වලින් ප්‍රශ්න විසඳුවේ නැහැ . සිවුර දා ගත්තහම බුදු බණ පමණක් දේශනා කරොත් නේද හොඳ ?

:       2       5

Nimal Tuesday, 30 April 2024 07:29 AM

කීර්තිමත් විශ්වවිද්‍යාලයක කුලපති තනතුරට පත්වීමට කිසිසේත්ම නොසුදුසු වෘත්තීය සමිතිවාදියෙකුගේ නින්දිත මානසිකත්වය මෙයින් පෙන්නුම් කෙරේ. මේ හාදයා කුලපති ලෙස පත්කිරීමෙන් මේ ශුද්ධ වූ ශාසනයේ හොඳ ප්‍රතිරූපය පවා කැළැල් වෙනවා.

:       3       6

Algoda Tuesday, 30 April 2024 01:49 PM

නිමල් හරියට හරි පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ පමණයි කියලා සමකාලීන අය කියනවා පිරිවෙන් අවසානය සමත්වෙලාද කියලා දන්නෙ නැහැ ඒක කොහොම වුණත් දැන් ආචාර්ය තනතුරක් දරණවා කොහොම වුණත් බුදුහාමුදුරුවෝ නොකළ යුතු යැයි පෙන්වූ වෙළදාම් පහෙන් මත්ද්‍රව්‍ය වෙළදාම එකක් වෙනවා ඉතින් ඒක නැවැත්වීම වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීම කුඩ්ඩන්ට ඉවසන්න අමාරුයි කියලා පේනවා

:       0       2

sweneWednesday, 01 May 2024 04:26 PM

මේ වගේ අය කුලපතිකමට පත් කිරීමෙන් හිටපු ජනපතිට මොලේ කළඳක්වත් නැති බව ප්‍රත්‍යක්ෂ වුණා. තැන නොතැන නොබලා හෙන්චයියන් පත්කළා.

:       0       1

Kazi Shajahan Tuesday, 30 April 2024 08:03 AM

අපේ බුදු හිමියන් නම්, කලේ එයාලා පවින් මුදාගත්ත එක . අංගුලි මාල වගේ. නැතිනම් ඔවුන්ව මරා දමා කිව්වේ නැහැ .ඒකට ඔබවහන්සේ .අනේ අපොයි ශාසනයට ගිය කල .bmw එක ,AC එක දුන්නම ඕනෑම දෙයක් කරගන්න පුළුවන්

:       1       5

Dayananda Tuesday, 30 April 2024 08:55 AM

ලෝඩ් බුද්ධාගෙ මතවාදය නෙමේ මේ හාමුදුරුවො MRගෙ මතවාදය වෙන්න ඇති.

:       1       3

නලින්ද ශ්‍රීනාත් වීරසිංහ Tuesday, 30 April 2024 08:58 AM

බුද්ධ පුත්‍රයන් පංච ශීලයෙහි පළමු ශික්ෂා පදය වන පර පණ නැසීම පවක් ලෙස පෙන්වා දෙන අතර ඔබ වහන්සේ භික්ෂුවක් ලෙස නොව දේශපාලකයින්ගේ වරදාන, වරප්‍රසාද අපේක්ෂාවෙන් සිටිනා ප්‍රේතයෙකි.

:       2       5

Ariyatjilaka Tuesday, 30 April 2024 10:00 AM

ශාක්‍ය පුත්‍රීයා ශ්‍රමණයෝයැයි මේ භික්ෂූන් ප්‍රතිඥා කරන්නේ ද? අඳෝමැයි! තථාගත් සම්බුදු රජුන්ගේ පැනවීම පහත පරිදිය. බුද්ධ ප්‍රප්ඥත්ට්ජිය අමත කළ මහනුන්ගේ හැටි බලව! “යො පන භික‍්ඛු සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපෙය්‍ය සත්‍ථහාරකං වාස‍්ස පරියෙසෙය්‍ය මරණවණ‍්ණං වා සංවණ‍්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය: “අම‍්භො පුරිස කිං තුය‍්හිමිනා පාපකෙන දුජ‍්ජීවිතෙන, මතන‍්තෙ ජීවිතා සෙය්‍යො”ති ඉති චිත‍්තමනො චිත‍්තසඞ‍්කප‍්පො අනෙකපරියායෙන මරණවණ‍්ණං වා සංවණ‍්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය, අයම‍්පි පාරාජිකො හොති අසංවාසො”ති. (පාරාජිකා පාළි විනය පිටකය) “යම් මහණෙක් දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කෙරේද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපාය උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුඃඛජීවිතයෙන් කිම? තාගේ ජීවත්වීමට වඩා මරණය උතුමි’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද, මරණය පිණිස උපාය උගන්වා ද, මේ මහණ තෙමේ ද පැරදුනේ වෙයි, සංවාසයට නුසුදුසු වෙයි.” ‍(කුමන ආකයෙන් හෝ මිනිසෙකු මැරීමට අනුබල දීමෙන් මහනකම අහෝසියි. )

:       2       3

කමල් Tuesday, 30 April 2024 02:00 PM

මහනකම නෙමෙයි තුමනි නැතිවෙන්නේ... උපසම්පදා භික්ෂුවක් එසේ කෙරුවොත් ඒ අනුව ක්‍රියාකාර දිවි තොරගත්තොත් පමණක් නැතිවෙන්නේ උපසම්පදාව විතරයි. සමානේර කම නැති නොවෙත්. හැබැයි උපසම්පදාව තිබුනොත් නැතිවෙනවා.

:       1       2

AriyathilakaThursday, 02 May 2024 07:59 PM

උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් පාරාජිකා වුවහොත් මහනකම අහෝසියි. සාමනේර පැවිදි බව උපසපන් වීමෙන් ඉගිලී ඇත. උපසම්පදා වීමට සාමනේර භූමිය ම ඇවැසිය. උපසම්පදාව නැති වීමත් සමග නැවත සාමනේර භූමිය පිහිටන්නේ නැත. එය එසේ වෙනවා කියා යමෙක් කියනවා නම් සම්බුදු විනයට පටහැනියි. පාරාජිකා වූ ඔහුගේ ඉල්ලීමට අනුව මහා සංඝයා වහන්සේලා කැමැති නම් පමණක්, සිවුරු ඉවත්කර ගිහි බවට පත් කර නැවත විනයානුකූලව පැවිදි වී සාමනේර භූමියේ සිටීමට හැකියාව ඇත. එම ජීවිත කාලයේ දී උපසපන් විය නොහැක. භික්ෂූන් වහන්සේලා විසින් නොදැන උපසපන් කළ ද උපසම්පදාව නොපිහින බව තථාගත විනය අනුව පැහැදිලි ය. විනය පිටකය සහ සමන්ත පාසාදිකා, කංඛාවිතරණී අට්ඨකථා, විමති විනෝදනී ටීකාව, සාරත්ථදීපනී විනය ටීකාව, වජිර බුද්ධි ටීකාව, විනයාලංකාර ටීකාව කියවීමෙන් වැඩි විස්තර දත හැක.

:       0       0

AriyathilakaTuesday, 30 April 2024 07:19 PM

“පාරාජිකො හොතීති - සෙය්‍යථාපි නාම පුථුසිලා ද‍්වෙධා අප‍්පටිසන්‍ධිකා හොති, එවමෙව භික‍්ඛු සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපෙත්‍වා අස‍්සමණො හොති අසක්‍යපුත‍්තියො. තෙන වුච‍්චති පාරාජිකො හොතීති.” සිංහල තේරුම නම්:- පාරාජිකො හොති යි දෙබෑවූ මහගලක් යම් සේ සන්‍ධි කට නො හැකිවේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කොට නොමහණෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පරිජි අවන්නේ වේ යයි කියනු ලැබේ” “අසංවාසොති - සංවාසො නාම: එකං කම‍්මං1 එකුද‍්දෙසො සමසික‍්ඛතා, එසො සංවාසො නාම. සො තෙන සද‍්ධිං නත්‍ථි තෙන වුච‍්චති අසංවාසො’ති” අසංවාසො යි එකට කර්‍ම කිරීමය, එකට උදෙසීමය, සම වූ ශික්‍ෂා ඇති බවය යන මෙය සංවාස නමි. ඔහු හා ඒ සංවාසය නැත. එහෙයින් අසංවාස යයි කියනු ලැබේ. පාරාජිකා පාලි විනයපිටක පාරාජිකා සිකපද පනවා වදාරා ඇත්තේ උපසපන් භික්ෂූන් වහ්න්සේලාට පමණය. එක් පාරාජිකා සිකපදයක් බිදීමෙන් ම මහණකම අහෝසි ය. තථාගතයන් වහන්සේ විසින් ම “අස‍්සමණො හොති අසක්‍යපුත‍්තියො” ශ්‍රමණ භාවය නැති ශාක්‍යපුත්‍රියෙක් නොවන බව වදාරණ ලදහ. සාමනේර භූමිය ද නැත. ශ්‍රමණ ලිංගය හෙවත් සිව්රු පොරවා ගෙන සිටීම පෙනේ.

:       0       0

උපාසක Wednesday, 01 May 2024 12:03 AM

ඔබතුමා නිවැරදි කරගන්න. උපසම්පදාව පමණයි නැතිවෙන්නේ. සමනේර විදියට ඉන්න පුළුවන්. උපසපන් ස්වාමින්වහන්ස කෙනෙකුගෙන් අසා දැනගන්න පුළුවන්.

:       0       0

අනුර ා Tuesday, 30 April 2024 10:22 AM

බුද්ධ පුත්‍රයෙක් (මොහු නම් නාමිකයි) මෙවැනි ප්‍රකාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

:       1       4

කිත්සිරි Tuesday, 30 April 2024 10:46 AM

ධර්මයට නැති හාමුදුරුවෝ පොල් ගාන්නද?

:       1       5

Asanga Tuesday, 30 April 2024 10:52 AM

නිවන් සැප ලැබේවා!

:       1       3

බණ්ඩා Tuesday, 30 April 2024 11:06 AM

මේ බුදු රජානන් වහන්සේගේ ගෝල යොද​, එහෙම නැත්නම් වසවර්ති මාරයාගේ ගෝලයොද ? බුදු සිවුර අස්සට රිංගා ගත් වසලයන් බහුල කාලයකි මේ.

:       1       6

sam Tuesday, 30 April 2024 12:51 PM

අපායේ දොරළඟ ඉඳගෙන එලෝ විකාරයෙන් මෙලෝ අත ගානවා...

:       1       0

වීරසිංහ Tuesday, 30 April 2024 02:01 PM

ස්වාමින්වහන්සේ කෙනෙකුට නොගැලපෙන දෙයක් මේ හිමියන් කියා ඇත.

:       1       3

චමින්ද නුවන් Tuesday, 30 April 2024 04:09 PM

මේ හාමුදුරුවන්ට විරුද්ධව අදහස් ඉදිරිපත් කල කිසිවෙක් දුටුගැමුණු සේනාවේ හිටපු පුස්සදේව ඇමතිවරයා නැත්නම් බ්‍රිගේඩියර් ගැන අහල නැතුව වගේ කියවනවා එතුමා දුටුගැමුණු රජතුමා යුද්ධය මෙහෙයවන වෙලාවෙ පැවිදිව සිටි කෙනෙක් .ඒත් ඒ වෙලාවෙ රට බේරගන්න එතුමා සිවුරු හැර යුද්ධය සදහා ගියා යුද්ධය දිනුවට පස්සෙ නැවත පැවිදි වෙලා රහත්වුනා කියලා තමයි අහල තියෙන්නෙ එහෙම නම් දැනට රටේ ව්‍යසනයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා අනෙකුත් දූෂිතයො මට්ටුකර රට යහමගට ගැනීමට හාමුදුරුවෝ අදහස් පලකිරීම වරදක් වෙන්නෙ කොහොමද

:       3       1

shanthaWednesday, 01 May 2024 03:04 AM

එක තමයි මේ පිටුවේ අපි කියන්නේ සිවුර ගලවලා නොහොත් උපවිදිවෙලා ඕන මගුලක් නටන්න කියලා. මේකා සිවුර ඇඳගෙන පානාතිපාතා ඉතරක් නොවෙයි කාමේසු මිච්චාචරයත් කරන කෙනෙක්

:       0       2

නන්දන Wednesday, 01 May 2024 12:08 AM

මේ රටේ ජනතාව අන්ත අසරණ කරපු පාලකයෝ ගැන මීක් ගාන්නේ නැත්තේ ඇයි අපේ හාමුදුරුවනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 882 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 412 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 896 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 1039 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3250 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 593 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site