IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


යුද්ධයට මැදිව සැඟවුණු පැරණි පුදබිමක් වව්නියාවෙන් හමුවෙයි

 

(රොමේෂ් මධුෂංඛ)
                         

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය පිහිටි පුදබිමේ සිදුකරන ලද කැනීම් වලදී ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස්වලට අතර කාලයට අයත් බුදු පිළිම හමුවූ බවට විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හිමියෝ පවසති.


යුද සමයේදී මෙම විහාර භූමියට දැඩි ලෙසින් හානි සිදු වී කැලෑවැදී තිබුණු අතරම විහාරස්ථානයේ පැරණි නටඹුන් හා පිළිම නිධන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී විනාශ කොට ඇත.


සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරයේ පූජා භූමිය අක්කර 100 ක පමණ භූමි භාගයක විසිරී පවතින අතරම අක්කර දෙකක පමණ දිය අගලකින් වටවූ පබ්බත විහාර ලක්ෂණයන්ට අනුව පිළිම වහන්සේලා සහ නටඹුන් මේ වන විට මතුවෙමින් පවතින බවට වව්නියාව පුරාවිද්‍යා කාර්යල නිලධාරීන් පවසති.


මෙතෙක් පුරා විද්‍යා නිලධාරීන් විසින් සිදුකරන ලද කැනීම් වලදී වව්නියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ පර්යේෂණ භාර නිලධාරී සමන්කුමාර දෙල්දෙනයි මහතා පවසි සිටියේ මේ වන විට මෙම ස්ථානයේ ස්ථූප 4 ක් හමුවෙලා තියෙනවා .
පළමුව සිරව නොමැති බුද්ධ ප්‍රතිමාවක්, බොසත් ප්‍රතිමාවක් හමුවුනා පසුව අපි විසින් සිදු කරන ලද කැනීම් වලදී බුද්ධ ප්‍රතිමාවේ සිරස හමුවුනා ඊට අමතරව තවත් බෝසත් ප්‍රතිමාවක් සහ තාරා දෙවඟනගේ පිළිමයක්ද හමුවුනා මෙමගින් අනුරාධ පුර යුගයේ මුල් යුගයේ බවටත් නිගමනයක ආ හැකියි ඊට අමතරව කැටයම් රහිත සඳකඩ පහන් දෙකක්, මුලගල් දෙකක් , සිරිපතුලක් හමුවෙලා තියනවා මෙම නටඹුන් වලට නිධන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී හානි කරල තියෙන්නේ අපි ඉදිරියටත් මෙහි කැනීම් කටයුතු සිදු කරනවා. යනුවෙනි.
 
එමෙන්ම සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් කියා සිටියේ,
 
‘මෙම පූජා භූමිය එදා දළදා වහන්සේ වැඩම කර ස්ථානයක් බවට ජනප්‍රවාද බොහෝ තියනවා ඒ වගේම මෙම පූජා භූමියේ දිය අගලකින් වටවී තිබීම තවත් ආසන්නයෙන් බිසෝ කොටුවක් වගේම අසලින් වැවක් ගම්මානයක් තිබීම මගින් වැවයි පන්සලයි ගමයි දාගැබයි යන සංකල්පය පෙන්නුම් කිරීම මගින් දළදා වහන්සේ වැඩම සිටි පූජ්‍ය ස්ථානයක් බවට මෙම ස්ථානය හැඳින්වීමට හැකි බැවින් මෙම පූජා භූමිය වහාම සංරක්ෂණය කොට බැතිමතුන්ට වන්දනාමාන සිදුකිරීමට අවස්ථාව උදාකර දිය යුතුයි. යනුවෙන්ද පැවසූහ.



අදහස් (4)

යුද්ධයට මැදිව සැඟවුණු පැරණි පුදබිමක් වව්නියාවෙන් හමුවෙයි

ගෝපිනාත් කුරුප්පු Friday, 30 October 2020 05:39 AM

ඉතින් දෙයියනේ.., මේවා දෙමළ බල ප්‍රදේශ කියලා ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ට ලියලා දීලා තියෙනවා නේද?

:       0       0

vikum Friday, 30 October 2020 08:38 AM

එක දෙයක් පැහැදිලියි. අද දෙමළ මිනිස්සු ඔයවගේ පදිංචිවෙලා හිටියට යට ගිය දවස ඕවා ඔක්කෝම බෞද්ධ උරුමයන් බව අමතක නොකරනු. එ්ක නිසා ඉතිහාසය හා පුරාවිද්‍යා සාක්ෂි මගින් දින දින පෙන්නුම් කරන්නේ මේක සිංහල බෞද්ධ උරුමයක්ම බවයි. අද සිංහලයන් දෙකේ කොලේට වැටුණාට...

:       0       0

wije Friday, 30 October 2020 08:39 AM

ඕක හෙට වෙනකොට කවුරු හරි ලොක්කෙක් ඩෝසර් කරලා දාන එකක් නැහැ නේද?

:       0       0

peradiga urumaya Saturday, 31 October 2020 07:45 AM

වව්නියාවෙද? එහෙමනම් කමක් නැහැ. නමුත් නැගෙනහිර ගල්කණු හිටවන්න නම් හිතන්න එපා. කිසිම ආණ්ඩුවකින් ඉඩ ලැඛෙන එකක් නැහැ.

:       3       10

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2538 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1691 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2434 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3339 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site