හමාස් සංවිධානය පරාජය කිරීමෙන් පසු, ගාසා තීරයේ අනාගතය කුමක් වේවිදැයි යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.
යෝව් ගැලන්ට්, මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමඟ ද යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
‘ඊශ්‍රායලයට ඇත්තේ අරමුණු දෙකක් පපමණයි. හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරගැනීම සහ හමාස් සංවිධානය අඩපණ කිරීම. යුද්ධය අවසන් වෙන්නේ එවිටයි. එය අද හෙට සිදුවන දෙයක් නොවෙයි. ඒත් යුද්ධය අවසන් වේවි.’ යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
ගාසා තීරය පලස්තීන පාලන ප්‍රදේශයකි. යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරය සම්පූර්ණයෙන්ම පලස්තීන පාලන ප්‍රදේශයක් නොවනු ඇතැයි ද යෝව් ගැලන්ට් පැහැදිලි කර තිබේ. යුද්ධයෙන් පසු ගාසා තීරයේ කිසිදු ඊශ්‍රායල ජාතිකයකු රැඳී නොසිටිනු ඇති බවත්, ගාසා තීරය පාලනය යළි හමාස් සංවිධානය අතට පත් වීමට ඉඩ නොදෙන බවත, වෙනත් පාර්ශ්වයක් ගාසා තීරයේ බලය අතට ගනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුද්ධයෙන් පසු ගාසා තීරයට සිදුවන දේ ඊශ්‍රායලය කියයි
Mary Friday, 05 January 2024 06:34 PM
ජේසුස් වහන්සේව පාවාදුන් මිනිමරු යුදෙව්වෝ... දවසක මොවුන් සියලු දෙනාවම මේ ලෝකෙන් තුරන් කරනවලු...