IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාපනේ කෝවිලක පූසාරි ගැටුමක්

(ගයාන් සූරියආරච්චි)

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපොළ කඩා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි සහ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයකු බව පොලිසිය පැවැසීය.

සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සදහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී සැකකාර පූසාරිවරයා පොලිස් නිලධාරීන්ට විරෝධය පළකර බැන තර්ජනය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදී සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සදහා දින 10 බැගින් බෙදා වෙන්කර දී ඇති බව පොලිසිය පවසයි.

එසේ තිබියදී සැකකාර පූසාරිවරයා නිතර කෝවිලට පැමිණ ගැටුම් ඇතිකර ගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ දිනයේද සැකකාර පූසාරිවරයා එම කෝවිලට පැමිණ පූජාවට බාධාකරමින් දේපොළවලට හානි කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමකදී එහි සිටි කාන්තාවකට පහරදී ඇති බව පොලිසිය පවසයි.

 

 



අදහස් (4)

යාපනේ කෝවිලක පූසාරි ගැටුමක්

රංබොඩ Sunday, 23 June 2024 11:08 PM

මිනිසුන් රවට රවටා මෙහෙන් සල්ලි හම්බ කරගෙන කැනඩාවේ ජීවත් වෙනවා. අහිංසක සාමාන්‍ය ජනතාව මේ ගැන දැනගන්න ඕනෑ...!

:       0       2

sam Monday, 24 June 2024 07:56 AM

මූව වහාම පිටුවහල් කරන්න

:       0       2

Bandula Monday, 24 June 2024 10:15 AM

ඇයි දෙවියනේ මේ ඔබ වහන්සේට නොපෙනේද මේ විපත්...?

:       0       2

Bunny Preena Monday, 24 June 2024 03:07 PM

ඉහළ වටිනාකම් වලින් යුක්ත මුදල් සහ භාණ්ඩ පූජා කිරීම නිසා දැන් කෝවිල් වල ඉන්න අයත්වාසි පැත්තට හෝයියා කියන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 0 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 280 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2060 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 932 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1017 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site