IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


යාපනයේ ගොවීන්ට ’’පාට් දාන’’ කල්ලියක්

(අංජුල මහික වීරරත්න)

යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක් සම්බන්ධව වාර්තා වී ඇති බැවින් එම පිරිස වහාම අත් අඩංගුවට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාපනය පොලිස් ප්‍රධානීන්ට අද (15) උපදෙස් දුන්නේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැති විශේෂ කෘෂිකාර්මික කමිටු රැස්වීමේදී ගොවීන්   අමාත්‍යවරයාට පැමිණිලි කර ඇත්තේ කප්පම් කල්ලිය ගැන මෙතෙක් පොලිසිය කිසිදු පියවරක් ගෙන නැති බවයි.

ගොවීන්  වගා අස්වැන්න යාපනයේ වෙළෙඳපොළට  අලෙවිය සඳහා ගෙන එන විට සංවිධානාත්මක කල්ලියක් සෑම දිනකම කප්පම් ලබා ගන්නා බවත්  යාපනය, කොඩිකාමම්, හා සින්නවේලි මාර්කට් වල කාලයක් තිස්සේ මෙම කප්පම් කල්ලිය ක්‍රියාත්මක වී සිටින බවත් ගොවීහු පැවසූහ.

මෙහිදී පොලිසිය අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ කප්පම් කල්ලිය ගැන පැමිණිල්ලක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි.
කෘෂිකර්ම කමිටුවට අදාල පැමිණිල්ල මෙන්ම තොරතුරු ඉදිරිපත් ව ඇති හෙයින් බුද්ධි අංශ නිලධාරීන් යොදවා හෝ  කප්පම් කල්ලිය අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පොලිසිය⁣ට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියද සහභාගී වූවාය. 



අදහස් (3)

යාපනයේ ගොවීන්ට ’’පාට් දාන’’ කල්ලියක්

kamal Sunday, 15 October 2023 08:17 PM

මිනී මැරුවත්, පැමිණිල්ලක් නැත්නම් පොලිසිය නොදැක්කා වගේ සිටියි.

:       0       2

Perera Monday, 16 October 2023 11:59 AM

රටේ මිනිස්සුන්ට පාට් දාන කල්ලියක් දියවන්නාව පැත්තෙත් ඉන්නවා

:       1       1

දයාසේන K Monday, 16 October 2023 02:33 PM

මට මතක් වුණා එක දේශපාලුවෙක් අනුන්ගේ විදුලි බිලක් ගෙව්වා නේද කියලා... ඒක ඔය වගේ දෙයක් නොවෙන්නේ මොන හේතුවක් නිසාද කියලා නොදන්නා කමට අහන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 0 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 26 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 42 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 248 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 422 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site