IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


යාපනය- මන්නාරම වෙරළ තීරයන්හි දී කහ තොගයක් අල්ලයි

(සිතුම් චතුරංග)

යාපනය, අරියාලේ ,පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 2,272 කට අධික ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා අත්අඩංගුවට  ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබූ වියලි කහ කිලෝ  601 ග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

එලෙසම වයඹ නාවික විධානයට අයත් නාවික නිළධාරීන් පුත්තලම, කෝලන්කනත්ත වෙරළ තිරයේ සිදුකළ මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් වෙරළ ආශ්‍රිත ලදු කැලෑවක සඟවා තිබූ වියළි කහ කිලෝ 750ක් මන්නාරම,යහප්පර් වෙරළ ප්‍රදේශයේදී තවත් වියලි කහ කිලෝ  921 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක්ද සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

මෙම වියළි කහ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් ඇති බවද නාවික හමුදාව පැවසීය.

නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාශ කිරීමට නියමිතව තිබුණි.

        

 

 

 



අදහස් (0)

යාපනය- මන්නාරම වෙරළ තීරයන්හි දී කහ තොගයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 348 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 572 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 331 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 120 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 497 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 393 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 194 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1089 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site