(සුජිත් හේවාජුලිගේ )
ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගතවූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අසූ දෙනෙකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් ( බැඳුම්කර) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළා වාර්තාවක සඳහන්වේ.
එසේම මෙම ආධ්‍යයන සහ අනධ්‍යන කණ්ඩායම එම ශිෂ්‍යත්ව වැඩසටහන් අවසන් කර වාර්තා කර නොතිබූ බවද එහි දැක්වේ. පසුගිය 1980 සිට 2023 දක්වා කාලයේදී ගිවිසුම් කඩ කළ නිලධාරීන්ගෙන් මෙම බැඳුම්කර අය කර ගැනීමට විශ්වවිද්‍යාලයද නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විවරණ කාර්යාලය පවසයි.
මේ අතර එම විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අතිකාල සහ නිවාඩු දින ගෙවීම් කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනය සරසවියේ ඇදුරෝ අසූවක් රට පැනලා මුළු පාඩුව කෝටි 17ක්
hemantha Tuesday, 08 April 2025 12:45 PM
ජාතිය, නිජ බිම, ගැන තමයි අන්තවාදී කතාව – හොරෙන් රට පැන යාම තුළින්ම පේනවා ජාතිය ගැන තියෙන කැක්කුම.
Lalla Tuesday, 08 April 2025 03:38 PM
දෙමල, සිංහල වෙනසක් නෑ. ඉහළ උගතුන් තරම් ආත්මාර්ථකාමී හොරු සාමාන්‍ය ජනතාව අතර අඩුයි.
kamal Koyrala Tuesday, 08 April 2025 05:27 PM
උද්දර්පන නීතිය යටතේ ගෙන්වා ගත යුතු සමහරක් වෙන රටවල පුරවැසිභාවයත් ලැබිලා ඇති .එම නිසා බැඳුම්කරයට අත්සන් කල අයවත් ගෙන්වා ගත යුතුයි නීතිය ඉදිරියට."