IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යාපනයට නව නගරාධිපතිවරයෙක්

( සිතුම් චතුරංග)
       

යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ  නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (30) වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
       

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවැනි වරටත් පරාජයට පත්වීම හා තනි පක්ෂයක් වෙත 50% හෝ බලයක් නොමැතීවීම හේතුවෙන් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා පත් කිරීමේ ජන්ද විමසීම ඊයේ උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් ෆැට්‍රික් නිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
       

යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ජන්ද 21 ක්ද, මහ නගර සභාවේ හිටපු නගරාධිපති වු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී (ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරඟ කළ) එමානුවේල් ආනෝල්ඩ් මහතා වෙත ජන්ද 20 ක්ද හිමිවු අතර, එහිදි වැඩි ජන්දයක් ලබා ගනිමින් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා තේරී පත්වූහ.
       

යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය ජන්ද විමසීම දෙවැනිවර කියවීම පසුගිය 16 වැනිදා වැඩි ජන්ද තුනකින් පරාජයට පත්ව තිබුණි.
       

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතා 2021 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය පළමුවර කියවීම දෙසැම්බර් 02 වැනිදා සිදුකළ අතර, එහිදි අයවැයට පක්ෂව ජන්ද 19 ක්ද විපක්ෂව ජන්ද 24 ක්ද හිමිවිය.
       

නව නගරාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ඊ.පි.ඩි.පි පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු , දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශකොට තිබූණි.

යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වෙත දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 15 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු, දෙමළ නිදහස් පෙරමුණ මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු  පක්ෂව ඡන්දය ප්‍රකාශකොට තිබූ බවද මහ නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කළහ.


මහ නගර සභාවේ අයවැය දෙවරක් පරාජයට පත්වීම හා මහ නගර සභාවේ තනි පක්ෂයකට 50% ක තනි බලයක් නොමැතිවීම හේතුවෙන් මහ නගර සභා පනතේ ප්‍රතිපාදන මත පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නව නගරාධිපතිවරයෙකු පත්කරගැනීම සිදුකෙරිණි.



අදහස් (0)

යාපනයට නව නගරාධිපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

දියත

මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 100 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 656 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2287 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 323 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 821 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 987 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 258 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site