IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


යුරෝපා තානාපතිවරුන් ගෙන් ජනපතිට සහතිකයක්

(සුජිත් හේවාජුලිගේ )

අසීරු අවස්ථාවේදී  ශ්‍රී ලංකාව  අත නොහැර අඛණ්ඩවම සහය  ලබාදෙන බව යුරෝපීය රටවල තානාපතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (24) පොරොන්දුවූහ.

එම තානාපතිවරුන් මෙසේ පොරොන්දු වූයේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ  හමුවූ අවස්ථාවේදීය.

"යුරෝපා  රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන්  විදිහට  සලකන්න " යැයිද ඔවුහු මෙහිදී  ඉල්ලා සිටියහ.

ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ස්ථිර පණිවිඩයක් ලබාදීමෙන්  ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහාය විය හැකි බව  තානාපතිවරු පෙන්වා දුන්හ.

කෘෂිකර්මාන්තයේ   නියැලෙන ජනතාවට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා  පැවසීය.

වගා කර නොමැති රජයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන්  ලබාදීමට පියවර ගෙන ඇති බවත්  යුද්ධයෙන් පසු  මානුෂීය තත්වයන් සැලකිල්ලට ගෙන ජනතාවට  දීර්ඝකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම   නීතිය ක්‍රියාත්මකවීමේදී කිසිවිටෙකත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති බවද  ඔහු කීවේය.

ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද  මෙහිදී දීර්ඝව සාකච්ඡාව  කෙරිණ

මේ සාකච්ඡාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා  මැනෙල්ලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රිනා යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (2)

යුරෝපා තානාපතිවරුන් ගෙන් ජනපතිට සහතිකයක්

chandima Friday, 24 June 2022 08:21 PM

දිගටම ණය දෙනවා කිව්වද? බොල් ණය කපාහරිනවා කිව්වද? තව නෙළුම් කුළුණක් ගහන්න සල්ලි දෙනවා කිව්වද? ඇත්තටම මොනවද කිව්වේ..?

:       0       7

chandima Friday, 24 June 2022 11:27 PM

මෙහිදී අපි යාලුවෝ කිව්වට එහෙ ගියාම මානව හිමිකම් නෝනව කුලප්පු කරලා ලෙඩේ දානවනේ... කොහොමද විශ්වාස කරන්නේ..? එහෙමනම් විශ්වාසය පලකිරීමක් හැටියට දහ පහළොස් දාහක් වීසාවත් දෙන්න මේ අමාරු අවස්ථාවේ එහෙ ගිහින් වැඩ කරලා එන්න. ජපානය, කොරියාව නම් කරන්නේ එහෙමයි. මොකද වචීපරම මිත්‍රයින් නම් ඕනෑතරම් ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1578 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 7 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 485 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 305 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1005 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 310 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1785 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site