(අමදෝරු අමරජිව)
යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රිලංකාවේ සංචාරයක් සදහා ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට අද (26) සේන්දු වුහ.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා මහතා පැවසුවේ ත්‍රිකුණාමල වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය බවයි.
පැමිණි සංචාරකයන් ත්‍රිකුණාමල, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුවේ එක්දින සංචාරයෙන් පසු තායිලන්තය බලා පිටත්විමට නියමිත බව නේවාසික කළමනාකාරවරයා කීය.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මේ තුලින් විශාල බලපෑමක් කල හැකි බව කී කලමනාකාරවරයා මෙම නැව ත්රිකුණාමලවරයාට සේන්දු වි නැවත පිටවි යැම දක්වා සිදුකල මෙහෙයුම් කටයුතු වලින් වරායට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබුණු බව කීහ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
යුරෝපා සංචාරකයන් රැගෙන දැවැන්තයෙක් ත්‍රිකුණාමලයට