(අංජුල මහික වීරරත්න)
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හිංසාවන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින්ට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.
කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග පරිදි මෙම පියවර ගෙන තිබෙි.
එමෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන වල වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව ද මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
වනෝද්‍යානය වල වනසතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
වනජීවී අමාත්‍යවරයා ගත් මෙම තීන්දු තීරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට උපදෙස් දුන්නේය .
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාලේ යකා නැටූ අයට වසර 3ක් වනෝද්‍යාන තහනම්
Ruhunu Tuesday, 25 October 2022 12:25 PM
කැලේ ඉන්න සත්තු හැදුවත් ඕවා බලන්න යන සත්තුනම් හදන්න බෑ.
Samitha Tuesday, 25 October 2022 12:38 PM
එතකොට වනෝද්‍යානවලට අතුලුවනවිට හැඳුනුම්පත් බලනවද?
Mithrasiri Tuesday, 25 October 2022 12:45 PM
ඔය සුකුරුත්තං දඩුවම් වලින් උන්ට පාඩම් උගන්වන්න බැහැ මහත්තයෝ. ඇඟට පතට දැනේන්න එකාට රුපියල් ලක්ෂ 5 ක් වත් දඩ ගහන්න ඕන. ඒක ආන්ඩුවටත් හොඳයි. සල්ලි නැති උන් නොවෙයිනේ ඩිෆෙන්ඩර් වලින් යන්නේ.
ravin Tuesday, 25 October 2022 12:56 PM
දේශපාලුවන්ගේ පුත්තුත් ඉන්නවලු නේද.?
naleen Tuesday, 25 October 2022 01:05 PM
එක නම් පුදුම දඩුවමක්. මෙහෙව් රටක එහෙව් දඩුවම් ගැන පුදුම විය යුතු නැත.
රන්ජන් Tuesday, 25 October 2022 01:19 PM
මරු දඩුවම්. අසාදු ලේඛන බලලාද ඕවට ඇතුල් වෙන්න දෙන්නේ. පොඩි මිනිහෙක් කලා නම් රාජ්‍ය දේපලවලට හානි කිරීම යටතේ හිරේ දානවා. අරුන් හිතාමතාම හානවනේ යාල.
Ruwankumara Tuesday, 25 October 2022 01:51 PM
අම්මෝ...පුදුම දරුණු දඬුවමක්නෙ දීල තියෙන්නෙ..එක රටක් එක නීතියක් .....
දියවන්නා 'පුතු සතා' Tuesday, 25 October 2022 02:32 PM
වනසතා විදෙස් සංචාරකයො ආවහම ඔවුන්ට පේන්නම පිල්විදහලා නටලා ඔවුන්ගේ දෑස් වශිකරලාම පෙන්වනවා...! එකට අපේ කොළඹ පුතා-සතා ඩිස්කි-විස්කි දාලා රෝද හතරෙන් පස්ස පේන්නම නටලා විදෙස් සංචාරකයන්ට පෙන්වනවා මෙතරම්ම කෝටි ගාණක් වටිනා වාහන කොහොමද අපට අයිති උනේ ඔය වගේ අඩු වයසකට කියලා..!
මෝඩ චූන් Tuesday, 25 October 2022 02:33 PM
අනේ ඔව්.. දඩ නොගෙවා ,හිරේ නොගිහින් , නඩු නැති ඔය වගේ දඩුවම් දීම තමා ඉතාමත් සුදුසු. ඇමැති පුතා උනත් සතුටින් යය්.. මොකද තහනම් කලාම හැමෝම දන්නවා ඒක . අය්ඩෙන්ටිය බලාගෙන ටිකට් දෙන්න පුලුවන් .. තවත් හොදය් තට්ටමේ පච්චයක් කෙටුවානම්.. සුපිරි වැඩක් ..
Upasiri Kumarage Tuesday, 25 October 2022 02:50 PM
ඒ දඬුවම දරුණු වැඩි නැද්ද?
රංජන්Wednesday, 26 October 2022 12:07 AM
සැර හොදටම වැඩියි. යාල රේස් පැදලා හාපු උන්ට හිතෙනවා ඇති එල්ලලා මැරුවනම් මීට වඩා හොදයි කියලා. ඔය වගේ හිතන්න වෙන දඩුවම් තමයි දෙන්න ඕන. මේ තීරනේ ගත්ත බලදාරීන්ට අපේ මේවා එක.
Chinthaka Tuesday, 25 October 2022 03:46 PM
මොකක්ද මේ දඩුවමක්ද? උන් දැන් වෙන තැනකට ගිහින් රේස් පදී . සල්ලි තිබුනට මොලේ නැති උන්.
රංජන්Wednesday, 26 October 2022 12:05 AM
වෙන තැනකට යන්නේ ඇයි ? ඇතුල් කරන්නේ අයිඩෙන්ටි බලලද ?
ජයම්පති Tuesday, 25 October 2022 04:06 PM
මාධ්‍යට කොන්දක් තියේ නම් මේ පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න. කීයටවත් බැහැ..
ගමේ එකාලා Tuesday, 25 October 2022 04:37 PM
දෙපා සතුන්ගේ හැසිරීම තිරිසන් සත්තුන්ට වඩා අන්තයි. මාස 6 කට වත් හිරේට යවන්ඩ තිබුනේ .
APerera Tuesday, 25 October 2022 04:46 PM
අම්මෝ..! හක්ක පනින බරලතප දඬුවමක්නෙ දීලා තියෙන්නෙ. තරාතිරම නොබලා මෙහෙම නම්, තරාතිරම බලලා දඬුවම් කලානම්, සමාව ඉල්ලලා වන්දියකුත් ගෙවයි (මහජන මුදල් වලින්).
S jayawardena Tuesday, 25 October 2022 07:10 PM
Punishment is not at all adequate in my opinion. Disappointed.
ඒ ටි.අබේවර්ධන Wednesday, 26 October 2022 03:18 PM
අමරවීර එතකොට ඔයාගේ බූරු පුතා හා අනෙක් බූරු පුත්තු කළ පාහර වැඩේ එතැනින් ඉවරද..? නුඹලා මේ කෙළවෙච්චි රටට කරන මේ අපරාධ කවද්ද නවත්වන්නේ...? හෙන හතම වැදියව්...! සාප කරනවා වැනසිලාම යන්න. රටේ මිනිස්සු අපා දුක් විඳිනවා. ආතල් ගන්නවා. ගිලෙන නැවත මුදුනේ ඉඳගෙන මහජනතාවගේ දේවල් වහනවා. කවදාහරි වන්දි ගෙවන්න වෙනවා...!