(එම්. කේ. නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී අයුරින් සංචාරය කොට වන ජීවීන්ට හානි කළැයි අධිකරණය බාරයේ ඇති අති සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට වාහන හිමිකරුවන් ගොනු කළ මෝසම තිස්සමහාරාම මහෙස්ත්‍රාත් සහ දිසාවිනිසුරු තරිඳු සමීර සිල්වා මහතා ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දස දෙනකුට එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හල මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන දෙසැම්බර් මස 09 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
අධි සුඛෝපභෝගී වාහන 35කින් 80 ක පමණ පිරිසක් ඉකුත් 22 දා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවී නීතිවිරෝධී අයුරින් සහ වන ජීවීන්ට හානි වන ආකාරයෙන් සංචාරය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වනජීවී නිලධාරීන් විමර්ශන කටයුතු අරඹා ඉකුත් 26 වැනිදා වාහන 07 ක් සහ සැකකරුවන් 10 දෙනකු තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාලේ යකා නැටූ වාහන ඉල්ලා ගොනු කළ මෝසම ඉවතට
fairoos Sunday, 13 November 2022 07:19 PM
වාහන 30 න් 7 යි අධිකරණ භාරයට අරගෙන තියෙන්නේ. අනිත් වාහන ටික ඇමතිලාගෙද?