(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති.
රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් වන හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්රාංජලි, ශෂිනි ගිම්හානි, සංජානා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී එම ක්‍රීඩිකාවෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි උප නායිකාව ලෙස කටයුතු කරන්නීය.
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ වැඩිමහල් දියණිය වන ලිමන්සා තිලකරත්න එම කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නිය ලෙස පසුගිය කාලයේ ‘බට්ටි’ ලෙස ප්‍රසිද්ධ වූ මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යලයේ චමුදි ප්‍රබෝදා කටයුතු කරන්නීය.
මෙම තරගාවලිය මැලේසියාවේදී මේ මස 18 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය:
මනුදි නානායක්කාර (නායිකා - මොරටුව වේල්ස් කුමරි විදුහල), රශ්මිකා සෙව්වන්දි (උප නායිකා - මාතර අනුර විදුහල), විමෝක්‍ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මහ විද්‍යාලය), හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්රාංජලි, ශෂිනි ගිම්හානි, සංජානා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විදුහල), දහමි සනුත්මා (නුගේගොඩ අනුලා විදුහල), අෂිනි තලගුණේ (මහනුවර මහමායා විදුහල), ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය), චමුදි ප්‍රබෝදා (මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යලය), දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) සහ ලිමන්සා තිලකරත්න
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි