IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට

(සනත් ගමගේ)

යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. 

ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා මෙම නැව අද සිට 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.

 



අදහස් (22)

යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 August 2022 09:48 AM

රටට දැරිය නොහැකි අති විශාල වියදම් දරා දැවැන්ත කළු ගලක් කඩා නැව් නොඑන වරායක් ඉදිකළා.ඒ සුදු අලියාගේ වියදම් දැරීමට නොහැකි නිසා එය චීනෙට බදු දුන්නා.දැන් මේ චීනුන්ගේ වඩා නිසා ඇමෙරිකාව ඉන්දියාව ඇතුළු චීන සතුරු බලවේග අප ගැන දැඩි පරික්ෂාවෙන් ඉන්නේ.ඔවුනොවුන් අතර ගැටලුවක් උනොත්,අපට වෙන්නේ කුමක්ද ? කොහොමද රාජපක්ෂලා ගේ සවුභාග්‍යය.

:       33       51

JayathTuesday, 16 August 2022 02:52 PM

හැමෝම බැලුවේ වරාය හදන එක නවත්තන්න. වරාය බදු දුන්නේ සංචිත අඩු වුණු නිසා මිස වෙන දෙයක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව කලේ ණය වෙලා අඩුවට කාපු එක. දැන් පේනවානේ හම්බන්තොට වරායේ වටිනාකම. ඒක ඉන්දියාව අමරිකාවට පේන්න බැහැ. විපක්ෂය යොදා ගෙන බොරු කිය කිය නවත්තන්න හැදුවේ. ඉස්සඑහට සේද මාවතේ යන නැවි වලට සේවා සපයන්නේ මේ වටිනා සේද වරාය.

:       35       20

සත්‍ය ගවේෂී.Tuesday, 16 August 2022 03:52 PM

අපෝයි ඔව් පේනවා පේනවා හම්බන්තොට වරායේ වටිනාකම.හොඳටෝම පේනවා.ඇයි නැව් ඇවිල්ලා ලැබුණේ ආදායම ඉහළින්ම.චීනා මේක ගත්තාට වෙන කවුරුවත් ගන්නේ නැහැ.චීනා මේක ගත්තේ වෙනත් යටි අරමුණු ඇතිව.එහෙම නැතිව ම...

:       6       9

සුරංග Wednesday, 17 August 2022 06:17 AM

ජයත්, මහින්ද රාජපක්ෂ වරාය හදන වෙලාවෙ කොළඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්‍යන්ත ගත්ත ණයෙන් හැදුවා නම් කොළඹ වරායේ බිම් අගලක් වත් කාටවත් දෙන්න වෙන්නෙ කොහොමද .කොළඹ වරාය එහෙම අපේම වුනානම් එහි ආදායම් යොදාගෙන හම්බන්තොට වරාය හදන්න නොතිබුනාද. පුද්ගලික වාසිතකා (නම් ගැසීමට ) වැඩ කලාම ඔහොම වෙනවා කියලා හිතෙනවා

:       1       4

PereraWednesday, 17 August 2022 07:42 AM

පහුගිය අවුරුදු 20දී තමයි ණය පිට ණය අරන් ක්‍රීඩා පිට්ටනි සම්මන්ත්‍රණ ශාලා කුළුණු හදන්න ණය අරන් ඒ ණය ගෙවා ගන්න තව ණය අරන් අද රට බංකලොත් තත්වයට ඇදලා දැම්මේ. කල්පනා කරලා බලන්න පහුගිය අවුරුදු 20ක කාලය තුල රට වැඩිපුරම තිබුනේ කාගේ පාලනය යටතේද කියලා

:       3       8

ජනිතFriday, 19 August 2022 02:14 PM

සේද මාවත ආසන්නයේ ඇති වැදගත්ම වරාය හම්බන්තොට වරාය තමයි. සේද මාවතේ දවසකට නැව් 150ක් විතර යනවා. ඒවා තෙල් ගහගන්න තවත් වියදම් කරගෙන කොළඹට එන්නේ නැහැ. මට නම් පේන්නේ නැහැ නම ගහගන්න කරපු වැඩක් කියලා. මේක කලාපයේ වටිනාම වරාය. මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න යහපාලන ආණ්ඩුව වැඩකළේ නැහැ. මේක ඩොලර් උල්පතක්. වරායන් දෙකක් කියන්නේ රටක අනාගතයයි. මේකට විරුද්ධ දේශපාලන කුහකයින් විතරයි...

:       0       2

Sharn Tuesday, 16 August 2022 09:54 AM

ඉන්ධන ලබාගන්න නැව්තොටට ආ නැවක් පිළිගන්න රතන හිමි ඇතුළු පා.ම. ගොඩක් සැදී පැහැදී පෙනී හිටින්නේ මොකද? තේරුන් නැති නිසයි අහන්නේ?

:       7       81

විජේ Tuesday, 16 August 2022 10:03 AM

ඉන්දීය ගුග්ලියට චීනඅඩියක්ද..........

:       2       21

ශ්‍රියාන් ලංකා Tuesday, 16 August 2022 11:21 AM

මේ මින්පසු ශ්‍රී ලංකාවේ වරායයන්හි නැංගුරම් ලාන නෞකාවන් පිලිගැනීම සදහා රජයෙන් පත්කල සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායමක් ද ... ?

:       4       47

ganegoda Tuesday, 16 August 2022 12:53 PM

ආදරයෙන් පිළිගනිමු.......!

:       13       12

fairoos Tuesday, 16 August 2022 12:56 PM

හයියෝ සිරිසේන කිවුවලු... පිළිගැනීමට ගිහිල්ලා තියෙන්නෙ අර 11 සෙට් එකනෙ?

:       3       24

senaTuesday, 16 August 2022 02:10 PM

ඇත්තමයි මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද?

:       3       23

janahitha Tuesday, 16 August 2022 03:59 PM

යුන් චුන් එකක් අපිට හදන්න බැරිද දේසපාලකයන් විසින් කොල්ල කමින් විදේශවලින් ලබාගත් සම්පත් වල වටින කමින් මෙවනි නැව් 5 හදන්න පුලුවන්

:       0       0

de silva Tuesday, 16 August 2022 04:07 PM

ජාත්‍යන්තර දේශපලනික , අර්භුදයකට අසුවෙලා රටෙ රැවුල ගිනි අරගෙන බඩ පිටෙ ඇලිල බිම වැටිල ඉන්න අවස්තාවක මෙ දේශපලුවො සුරුට්ටු පත්තු කරන්න , මුන් කලොත් කරන්නෙ , මුන් සෙට් එක මෙ රට්ටට කොඩි විනයක් , හමුඩුරුවො රසයනික පොහොර එපා කියල අපිට කන්න නැති කලා , වසු කොරෝන එන්නත් ගෙන එන එක ප්‍රමාද කලා , විමල පැරඩිල හිටපු මයිනෙක්, කපුටෙක් සහ අමරිකවෙ හිටපු ගෝටෙක් ගෙනත් අපිව නැත්තටම නැති කරල හිගමනට දැම්ම.

:       0       0

විපරමා Tuesday, 16 August 2022 04:38 PM

අතන මෙතන ඉන්න රතන..පිළිනොගෙන කොහොමද හම්බන්තොට වරාය චීනට බදුදීලානේ තියෙන්නේ ? චීනාව කොහොමටත් හොන්දින් තියාගන්ඩ වෙනවා.

:       0       0

gameing07 Tuesday, 16 August 2022 05:40 PM

චීනයෙන් කාලා, බීලා, ඇදලා චීනටය ගරහන උන් කෙතරම් අපේ රටේ ඉන්නවද? මැදපෙරදිගට ඇමෙරිකාවට ආවඩා කිව්වට අපේ අවශ්‍යතාවයන් සපුරන්නේ චීනය බවත් දැනගනිල්ලා.

:       5       4

සත්‍ය ගවේෂී.Wednesday, 17 August 2022 10:39 AM

ඔයාත් චීනයෙන් කාපු බීපු කෙනෙක් වෙන්න පුළුවන්. තවත් අය ඇති. අපි නම් එහෙම අය නෙමේ. චීනයට ආවඩා ඒ අය වගේ බල්ලෝ පූසෝ ඇතුළු පණ තියෙන හැම දෙයක්ම කන්න පුරුදු වෙන්න. ඔබලාගේ ඇඟේ ඇත්තේ චීන ජාන වෙන්න ඇති...!

:       4       4

gaming01 Wednesday, 17 August 2022 03:43 PM

බල්ලෝ ,පූසෝ මරාගෙන කෑවත් හරක් ,උරෝ ,එළුවන්ව මරාගෙන කෑවත් මොකද්ද ඒකේ වෙනස.අපිනම් ඉගෙනගත්තේ ප්‍රාණය හැම සතෙකුටම පොදුයි කියලා

:       0       0

විජේ Monday, 22 August 2022 09:16 AM

එතකොට ඔයාගේ තියෙන්නේ මොන ජානද?

:       0       1

sandalWednesday, 17 August 2022 10:51 AM

අපේ ගෙදර භාවිතා කරන හැමදෙයක්ම චීන බඩුබාහිර... අපි මැදපෙරදිගට, ඇමෙරිකාවට, යාතිකා කරන මානසික රෝගියෝත් නෙවෙයි..! සමහරු උඩදාගෙන මැදපෙරදිගට, ඇමෙරිකාවට ලතෝනිය දුන්නට, ඒ ගෙවල්වල කිසිම දෙයක් ඇමෙරිකාවෙන් ගෙනාපු දේවල් නොවේ...! 

:       2       4

siri Tuesday, 16 August 2022 10:19 PM

ඒ ගොල්ලන්ගෙම වරායනේ. ඉතින් ඒගොල්ලන්ගේ නැවක් එතෙන්ට ආවහම අපි මොකටද මෙහැටි උඩ පනින්නේ.?

:       0       0

ලුම්බිණි Wednesday, 17 August 2022 05:25 AM

අපිට ලජ්ජා නැහැ කියන එක ලෝකයට පෙන්වීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 83 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 131 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 133 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 332 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 346 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site