IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


යොවුන් සේනාංකය එක්කෝටි විසි හතර ලක්ෂයක් අතහැර දාලා

(සුජිත් හේවාජුලිගේ )

ජාතික යොවුන් සේනාංකය ආයතන දෙකකින්  රුපියල් එක්කෝටි විසි හතර ලක්ෂයක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ජාතික යොවුන් සේනාංකයේ  පරිබාහිර ආයතනයක් වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ  2015 සිට 2021 දක්වා  විදුලිය හා ජල පරිභෝජනයට සහ  වරිපනම්වලට අදාළ  රුපියල් කෝටියකට වැඩි මුදලක්ද  වෙන්නප්පුව පුහුණු මධ්‍යස්ථානය  ඉදිකිරීම සඳහා වැඩිපුර ගෙවා තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක්ද  මෙලෙස අයකර ගෙන නැතැයි එම වාර්තාවේ  සඳහන්වේ.

මේ අතර ජාතික යොවුන් සේනාංකය සම්පත් සකසුරුවම්, කාර්යක්ෂම  සහ ඵලදායී ලෙස අදාල නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බවද  විගණන වාර්තාව සඳහන් කරයි.

ජාතික යොවුන් සේනාංකයට  නව මධ්‍යස්ථාන දහයක් හා  මධ්‍යස්ථානවල ගොඩනැගිලි ඒකක 21ක්  ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් විවෘත ටෙන්ඩර්  ක්‍රියාවලියෙන් බැහැරව ලබාදී ඇතැයි පවසන එම වාර්තාව ඉදිකිරීම්වල  අසාර්ථකත්වය හේතුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු  අවලංගු කර තිබුණු බවද  සඳහන් කරයි.

පසුගිය 2016 හා 2017 වර්ෂවලදී ලබාදී ඇති රුපියල් කෝටි දහයකට වැඩි වටිනා අත්තිකාරම් මුදලින් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඉදිකිරීම් කටයුතු අවලංගු කර වසර දෙකක් ගතවී තිබියදීත් ඒවා  නිරවුල් කරවා ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ජාතික යොවුන් සේනාංකයේ ප්‍රධාන කාර්යාලයේ භාවිත වන වෙනත් අමාත්‍යාංශ හා ආයතන සතු  රුපියල් කෝටි තුනකට වැඩි වටිනා වාහන අටක් මෙතෙක් සේනාංකයට පවරා ගෙන නැතැයි  පවසන විගණන වාර්තාව සේනාංකයට පවරා ගත හැකි ඉඩම් හැට දෙකක් අතරින් පවරා ගෙන ඇත්තේ ඉඩම් 19ක් පමණක් බවද සඳහන් කරයි.

ඉඩම් හතළිස් තුනක් පවරා ගැනීමට කටයුතු කර නැතැයිද එහි දැක්වේ



අදහස් (1)

යොවුන් සේනාංකය එක්කෝටි විසි හතර ලක්ෂයක් අතහැර දාලා

vernon Wednesday, 11 October 2023 09:06 AM

ඇයි මේ ඒක පාර්ශවිකව මේවා පළ කරන්නේ? මේවට දීපු පිළිතුරු ඇයි පළ කරන්නෙ නැත්තෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 509 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 192 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 281 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site