(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.
ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37 ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් වී තිබෙන බව රජය පවසයි.
ඒ අනුව, එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්‌මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කරන ලදී.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යළි බිත්තර ආනයනය කරන්න කැබිනට් අනුමැතිය
අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 10:46 AM
රනිල්ගේ චන්ද කැම්පේන් එකට සල්ලි හොයන්නේ රටට බිත්තර විකුණලද ?
Hafeel Tuesday, 30 July 2024 01:29 PM
එතකොට ගිය සතිය නේද කිව්වේ ලංකාවේ බිත්තර පිට රටකට අපනයන කරන්න කැබිනට් අනුමැතිය ලැබුන කියල. අද මේ මෙහම තීන්දුවක් අරන්. මොකද්ද මේකේ තේරුම? අනික රාමසාන් උත්සවයට තව මාස 9 තියන්නේ. දැන්ම රාමසාන් උත්සවය වෙනුවෙන් බිත්තර ආනයන කළා නම්, කුණු වේවි. කියන කරන බොරුවත් අතේ පුපුරන්න නැතුව කියන්න බැහැ. මෙකින් ඉතා පැහිදිලි, මේ රනිල් ආණ්ඩුව සුභ ආරංචි කියල කියමින් සහ රට බංකලොත් භාවයෙන් නිදහස් කළා කියල කියමින් පට්ට පල බොරුවක් කරන්නේ කියල. මේකටද ආයිත් වරමක් ඉල්ලන්නේ?
Lalla Tuesday, 30 July 2024 02:24 PM
දැනට රුපියල් පණහකට විතර දේශීය බිත්තර ඕනෑ තරම් තියෙනවා. රාමසාන් කාලේ ඔයතරම් වැඩිපුර බිත්තර කනවාද? ජරාව කන්න දරන උත්සාහයක් නේද ආනයනය කියන්නේ...?