IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

(යොහාන් භාසුර)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති.

රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් වන හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්රාංජලි, ශෂිනි ගිම්හානි, සංජානා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී එම ක්‍රීඩිකාවෝ වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර කටයුතු කරන අතර මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි උප නායිකාව ලෙස කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ වැඩිමහල් දියණිය වන ලිමන්සා තිලකරත්න එම කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නිය ලෙස පසුගිය කාලයේ ‘බට්ටි’ ලෙස ප්‍රසිද්ධ වූ මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යලයේ චමුදි ප්‍රබෝදා කටයුතු කරන්නීය.  

මෙම තරගාවලිය මැලේසියාවේදී මේ මස 18 වැනිදා සිට පෙබරවාරි 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය:

මනුදි නානායක්කාර (නායිකා - මොරටුව වේල්ස් කුමරි විදුහල), රශ්මිකා සෙව්වන්දි (උප නායිකා - මාතර අනුර විදුහල), විමෝක්‍ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මහ විද්‍යාලය), හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්රාංජලි, ශෂිනි ගිම්හානි, සංජානා කාවින්දි සහ ෂෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විදුහල), දහමි සනුත්මා (නුගේගොඩ අනුලා විදුහල), අෂිනි තලගුණේ (මහනුවර මහමායා විදුහල), ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය), චමුදි ප්‍රබෝදා (මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යලය), දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල) සහ ලිමන්සා තිලකරත්න  



අදහස් (0)

යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි
2025 ජනවාරි මස 11 171 0

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිද


ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා
2025 ජනවාරි මස 10 283 0

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිට


ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්
2025 ජනවාරි මස 10 1109 0

පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන


දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට
2025 ජනවාරි මස 10 1478 2

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙ


ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා
2025 ජනවාරි මස 10 385 0

පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත් දෙලක්ෂ එක


යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
2025 ජනවාරි මස 10 401 0

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 102 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 507 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 268 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site