( පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටියේ ගෝවා වගාවන්, රාත්‍රි කාලයේ දී ආක්‍රමණය කරණ සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් පිළිබදව කල්පිටියේ ගෝවා වගා කරුවෝ චෝදනා කර සිටිති.
කල්පිටිය අලුත් කොළණිය ගොවි මහතෙකු වූ උපාලී වීර සිංහ සිය ගෝවා වගාවට සිදුව ඇති හානිය පිළිබදව මෙසේ විස්තර කළේ ය.
"මම අක්කර දෙකක ගෝවා වගා කරලා තියෙනවා.ගෝවා වගාවට ඉතාම සුදුසු දේශ ගුණික කාලය තමයි මේ.දැන් අස්වැන්න නෙලන කාලයයි."
"අපේ වැඩුණු ගෝවා ගෙඩිවල කොළ බරපතළ විදිහට සිදුරුවෙන්න ගත්තා.කොළ කන්නේ කවුද හොයා ගන්න බැරි වුණා.අපි විවිධ කෘමි නාශක භාවිතා කළා.ඒත් ප්‍රතිපලයක් ලැබුණේනැහැ."
"පස්සේ අපි අහම්බෙන් තමයි සොයා ගත්තේ අදුර වැටුණට පස්සේ දළඹු විශේෂයක් ගෝවා ගෙඩිය මත ඉදගෙන සීඝ්‍රයෙන් ගෙඩ්ය කනවා.ඉර පායන්න කලින් ආපසු අතුරුදහන් වෙනවා."
"අක්කරයක ගෝවා වගාවකට රුපියල් ලක්ෂ එකහමාරකට වඩා වියදමක් යනවා.මේ තත්ත්වය නිසා අපේ ගෝවා විකුණා ගන්න විදිහක් නැහැ.බැංකුවට ණය වෙලයි මම ගොවිතැන් පටන් ගත්තේ.දැන් වහ බොන්නයි වෙලා තියෙන්නේ."
ගොවා වගාකරුවෙකු වූ ඩී.එම්.ප්‍රනාන්දු මෙසේ අදහස් දැක් වූ යේය.
"වෙන අවුරුදුවල ගෝවා වගාවෙන් මේ කන්නයේ අපි හොදට ලාභ ගත්තා.ඒ නිසා හුගක් දෙනෙක් ගෝවා හිටවලා තියෙනවා.කනකර උගසට තියලා,බැංකු ණය අරගෙන තමයි වියදම හොයා ගෙන තියෙන්නේ.මේ දළඹුවා නිසා සමහර ගොවි බිම් එහෙමම අත් හැරදාලත් තියෙනවා."
අප මේ පිළිබදව පුත්තලම කලාපය භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා බී.වී.තරංගිකා ශ්‍යාමලී මහත්මියගෙන් විමසූ වෙමු.මේ පිළිබදව සොයා බැලීමට පාලකුඩාව ගොවි ජන කේණ්ද්‍රයේ කෘෂිකර්ම උපදේශකවරයෙකු යොමු කරණ බැව් ඒ මහත්මිය පැවසුවා ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෑ තිස්සේ ගෝවා ගෙඩිය කාලා ඉර එන්න ඉස්සර සැඟවෙයි