IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රෝ බිය දුරු කරනු මැනේ රන් මැලි සෑ සාමිනේ

(අංජුල මහික වීරරත්න)

වසංගත රෝ බියෙන් පීඩිත සියලු ලෝවාසී ජනතාවට ආශිර්වාද පතා අනුරාධපුර ඵෙතිහාසික ස්වර්ණමාලී මහසෑය අභියසදී දින හතක් පුරා රතන සූත්‍ර සජ්ඣායනයක් ඇරඹූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන සංවිධාන කර තිබේ. මෙම මස 20 වන දින දක්වා සෑම දිනකම පස්වරු 5.30 සිට පසුදා පහන් වනතුරු පවත්වන මෙම රතන සූත්‍ර සජ්ඣායනය ස්වර්ණමාලී මහසෑ බටහිර දොරටුව අභියස සිදුකෙරෙයි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය,දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියපත පදනම එක්ව මෙම වැඩසටහන සංවිධාන කරයි.

 



අදහස් (29)

රෝ බිය දුරු කරනු මැනේ රන් මැලි සෑ සාමිනේ

janahitha Thursday, 16 September 2021 11:17 AM

වෙන කල හැකි දෙයක් නැත. තම තමන් අදහන ආගම සිහිකර,සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය පිළිපදිමින්, නිවසට වී සිටීම එකම විසඳුම වෙනවා .පාලනාධිකාරය දැඩි පිළිවෙතක් අනුගමනය කලොත් මෙය වලක්වා ගත හැක .මරණ මංචකයේ සිට ආර්ථිකය , මුදල් ගැන කතා කරන බමුණන් රටින් පිටුවහල් (ටික කලකට )කල යුතුමය .

:       8       24

samira Thursday, 16 September 2021 11:40 AM

කරන්න ඕන දේවල් කරන්නේ නැතුව රාජ්‍ය අනුග්‍රහයෙන් බහු බුත කරනවා

:       108       73

පිටිගල මිලානෝ Thursday, 16 September 2021 12:13 PM

හරි....නියමයි....දැන් එන්නත් කරන එක නවත්වන්න. බුදුදහමේ උගන්වන්නේ බුද්ධිය උපරිම කරගෙන ලෝකයේ ස්වභාවය හදුනාගෙන ජීවත්වේමට මිසක් මෙවැනි පුහු දේවල් කර කාලයත් දනයත් නාස්ති කිරීමට නොවේ. බුදුන්වහන්සේ නිර්දය ලෙස බැහැර කල බොහෝ දේ අද හාමුදුරුවරු තන්හාවෙන් අල්ලාගනී. වරද මෙතැනය.

:       123       94

සරත් පෙරේරා Thursday, 16 September 2021 01:04 PM

මිනිසුන් නොමග යවලා නැති ලෙඩත් දාන්නේ, ශබ්ද විකාශණ යන්ත්‍රවලින් උදේ හවස මරහඬ දීගෙන වෛරස් එලවන්නෙත් මේ වගේ අයම තමා.... බුදු හාමුදුරුවෝ දේශණා කල විදියට ලෙඩේ ස්වරූපය​, එය පැතිරීමට හේතුව සොයාගත යුතුයි. වැලකීමට සහ ලෙඩෙන් සනීපවීමට අවශ්‍ය ප්‍රතිකාර සොයාගතයුතුයි. ඒ වගේම ඒවා පිලිපැදිය යුතුයි. සාමන්‍ය බෝවන ලෙඩකින් ගොඩ එන්නත් වැරදිපාර පෙන්නන මේ ස්පීකර් නඩ නිවන්මග පෙන්වීම ගැන කවර කතාද​. අපේ රටම මහ අවුල් ජාලයක් වෙන්න මේ විකෘර්ති චීවර ව්‍යාපාර හේතුවෙලා තියෙනවා. හාමුදුරුවරු කට්ටඬි බවට පත්වෙලා තිබෙනවා...

:       94       101

යහලබැද්දේ සමිතThursday, 16 September 2021 01:20 PM

පව්කාරයා..... කොරෝනා හැදුනම ආගම ධර්මය, බෝදි පූජා මතක්වෙයි. කකුලුවා කෙලින්නේ දිය රත්වන තෙක් පමනි.

:       25       15

සත්‍ය ගවේෂක.Thursday, 16 September 2021 04:33 PM

මිලානෝ හිටියට පිටිගල පැත්තේ ගොඩේ ගතිය ගිහිල්ලා නැහැ. සිංහ නාද කියලද හිතන් ඉන්නේ. මෝඩකමට බෙහෙත් නැහැ.

:       10       54

SashithFriday, 17 September 2021 09:38 AM

රෝග බිය තියෙන්නේ හිතේ. හිතට කරන වෙදකම් භෞතික වෙදකම් නෙමේ.

:       0       3

කිරි පුතා Thursday, 16 September 2021 12:15 PM

මෛත්‍රිිය, කරුණාව , පරහිතකාමී බව , සසර දුක හඳුනාගෙන , සියල්ල අත හැර බව දුකින් මිදීම මේ සියල්ල කැටි වූ තැන ඇත්තේ සමස්ථ සත්ත්ව වර්ගයා කෙරෙහි පැතිරෙණ සෙතක්මය. සාදු ! සාදු !

:       5       68

ruwan Thursday, 16 September 2021 12:22 PM

දැන් මෙච්චර කල් පන්සල් පල්ලි කෝවිල් ඔක්කොම වැහුවා .කොරෝනා වලට බයේ .දැන් මේ විකාර කරනවා

:       68       40

ඒ.ඩී.සිරිසේන Thursday, 16 September 2021 12:48 PM

මම උදේ සවස නිහඬව බුදුන් වැඳ භාවනා කරන විශ්‍රාමිකයෙක්. රටට සෙත්පතායැයි පන්සලෙන් කරන මහා කාලගෝට්ටිය මාගේ නිවන් සුවපතා සිදුකරන ආගමික වතාවත්වලට මහත් බාධාවකි . පින් ඇති පාලකයෝ මේ පිලිබඳව සොයා බලත්වා..

:       68       87

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 September 2021 01:20 PM

" රෝබිය දුරු කරනු මැනේ .. රන් මැලි සෑ සාමිනේ .. විෂ වෛරස නසා අනේ .. සලසනු සෙත පා සෙනේ .. "

:       7       39

Bandula Gu n Thursday, 16 September 2021 01:47 PM

සාදු සාදු සාදු සාදු

:       8       57

kamal Thursday, 16 September 2021 02:18 PM

පින්තුරවලින් පේනවනේ මේක රජයේ මුදල් වලින් කරපු දෙයක් බව

:       53       22

jayasekara Thursday, 16 September 2021 02:38 PM

ඔය කතාවම එදා විශාලා මහනුවර තුන්බිය දුරුකරන්න අපේ බුදු රජාණන්වහන්සේ රතන සුත්‍රය දේශනා කරන්න යන දවසේ කොහෙද යන හාල්පාරුවෙක් එදා රජකම් කරපු ,ලිච්චවී රජදරුවන්ට කිව්වලු .හැබැයි තුන්බියත් දුරු උනාලු .නිකන් කහින්නේ නැතිව ඉඳපන් .හොඳ දෙයට හොඳයි කියන්නේ නැතිව

:       20       122

Harith Friday, 17 September 2021 09:53 AM

අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන මහත්තයා.

:       0       0

රට වැසියා Thursday, 16 September 2021 02:39 PM

මිත්‍යාව තවත් අත්හැර නොමැති බව මෙයින් පෙනෙයි! - කරුණාකර බුදු දහම වැනි දර්ශනයකට අපහස කරන්න එපා! - බුදු දහම යනු ලෙඩ සුව කරන විජ්ජාවක් නොවේ!

:       150       63

jagath Thursday, 16 September 2021 02:54 PM

මේවගේ ප්‍රාතිහාර්යමය හාස්කම් තියෙන්නේ ලංකාවේ විතරයි .බුද්ධ ධර්මය මෙලොවට බිහි වුන ඉන්දියාවේත් නැහැ මෙහෙම විකාර

:       82       54

VenuraFriday, 17 September 2021 10:10 AM

දැන් ඉන්දියාවේ බුදු දහම නැහැ. තිබුනුකාලේ හදපු ස්මාරක විතරයි ඉතුරු. භය හොඳ කරන්න භෞතික ප්‍රතිකාර නෑ. ඒකට තියෙන්නේ මනස සුව කරන ප්‍රතිකාර විතරයි. බුදුදහම ගැන ලැජ්ජයි වගේ නම් බටහිර මනෝ විද්‍යාව ඉගෙන ගන්න. එතකොට බටහිර මනෝ විද්‍යාඥයො ඔයාලට භාවනාව අනුමත කරයි. ඊට පස්සේ ඒක පුරුදු කරන්න.

:       1       4

kamalFriday, 17 September 2021 12:25 PM

රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා.!

:       0       1

උපාසක Thursday, 16 September 2021 03:34 PM

රුවන්වැලි සෑ වහන්සේගේ, කොත්වහන්සේ ,ඉවත් කරන වෙලාවේදි ඇන්ටනාවක් සවිකරන ලද බවක් මාධ්‍යයේ පලවුනා. ඒක ඇත්ත නම් කුමටද කියන්න

:       50       9

යශෝධThursday, 16 September 2021 04:54 PM

බීමත්ව මහ රෑට රුවන්වැලි සලපතල මළුවේ සීතල විඳිමින් අහසේ තරු ගණින්න එන ඇමැතිලාව ඒකෙන් මොනිටර් වෙනවා.

:       1       21

ගමේ එකාලා Thursday, 16 September 2021 05:08 PM

ඕක විතරක් කරලා ඇති ද? නරකද ඒ දවස්වල හොඳයි කියලා කියාපු පැණියෙනුත් ටික ටික දීලා දැම්මානම්?

:       36       16

saman sigera Thursday, 16 September 2021 05:41 PM

මේ මොන පිස්සුවක්ද .ගල් වලින් හදපු දේවල් වලට පුලුවන්ද රෝ භිය දුරු කරන්න .මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පිස්සු .ගස් ,ගල් දැන් සිමෙන්ති ගල් .පිස්සෝ තමයි .

:       86       42

JayanathFriday, 17 September 2021 09:49 AM

ඔතනදී සිතේ රෝගබිය දුරු වෙන්නේ සිතේ ඇතිවන කුසල් සිතිවිලි නිසාය.

:       0       0

Abey Thursday, 16 September 2021 06:02 PM

අබේරත්න , වඳුරා දකින දකින දේ පහුරු ගාන්නේ අවබෝධයෙන් නොවන සේ, උප්පැන්නෙන් සහ පරම්පරාවෙන් පමණක් බොදු නුවන් වූ පන්සිල් පදවත් නොදන්නා මිසදිටුවන් රැලක් සමාජ මාධ්‍ය ජාල තුලින් නිතරම බෞද්ධ ජනතාව සහ එම චාරිත්‍ර වාරිත්‍ර දිනපතාම අපහාසයට ලක්කරනු පෙනේ.මේ කාලකන්නි නොදන්නා එකම දේ "බීජ කොතරම් හොඳ වුනත් ගල්තලාවක රෝපණය නොවන බවයි " විවේචනය සහ අපහාස උපහාස අතර වෙනස නොදැන මඩ ගහන මේ මෝඩයින්ට කියන්නේ " බල්ලෝ බුරයි තවලම ඉදිරියට ඇදෙයි " යන කියමනයි.

:       4       69

hesa Friday, 17 September 2021 02:14 AM

කොරෝනා වලට බෙහෙතක් ලෝකයේ කවුරුන් හෝ සොයා ගත්තද.. ඔය මෙනවා කිව්වත්, එන්නත පස්සෙන් වැටී ගෙන පොර කා ගෙන විදගත්ත අය සනීපයෙන්ද.. උන, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ට එන්නත් දුන්නේ කවද්ද.. ඉඟුරු, කොත්තමල්ලි බීම, දිනකට දෙතුන් වර හුමාලය ඇල්ලීම, දෙහි ඉඟුරු තම්බා මීපැණ මුසු කර බීම හොඳම ඖෂධය බව නොදන්නේ කවුද..

:       50       1

saman Friday, 17 September 2021 06:56 AM

රෝ බිය දුරු වේවා.!

:       0       34

Mahesh Friday, 17 September 2021 10:03 AM

රෝගය හැදෙන්නේ ශරීරයේ, රෝබිය හැදෙන්නේ මනසේ. රෝගයට බෙහෙත එන්නත, රෝ බියට බෙහෙත සැනසීම. පොඩි දෙයක්වත් තේරුම් ගන්න අබ ඇටයක් තරම් වත් මොලයක් නැද්ද?

:       1       1

kamal Friday, 17 September 2021 12:29 PM

රන් මැලි සෑ ආනුභාවයෙන් රෝ බිය දුරුවේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1482 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1311 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2059 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2383 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1136 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35892 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site