(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ රජය ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත.
අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බළ කරමින් සිවිල් ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බවට ශිෂ්‍ය නායකයන් එරට ජනතාවගෙන් කළ ඉල්ලීමත් සමඟ බංග්ලාදේශ ජනතාව නැවත වීදි බැස විරෝධතා ආරම්භ කළේය. එම ඉල්ලීම කළ අවස්ථාවේ රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් විරෝධතා ආරම්භ කිරීමට මුල්වූ "වෙනස්කම්වලට එරෙහි සිසුන්" නම් සංවිධානයට අග්‍රාමාත්‍ය හසිනා සමග සාකච්ඡාවක් ලබා දීමට එරට රජය කටයුතු කළත් එයද එම සංවිධානය ප්‍රතික්ෂේප කළේය.
අග්‍රාමාත්‍ය හසීනා සමඟ ලබාදුන් සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින් "වෙනස්කම්වලට එරෙහි සිසුන්" නම් සංවිධානය ප්‍රකාශ කර සිටියේ පසුගිය මාසයේ පැවැති විරෝධතාවලදී 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් වගකීම අග්‍රාමාත්‍ය හසීනා බාරගත යුතු බවත් ඔවුන්ට යුක්තිය ලබාදීම සඳහා අධිකරණයට කැඳවිය යුතු බවත්ය.
විරෝධතා මේ වනවිට නැවත වරක් ප්‍රචණ්ඩවී ඇති බවත් ගාසිපූර්හිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම ඩකා අගනුවර ආසන්නයේද විරෝධතා පැවැත්වෙන බවත් එම විරෝධතාද ප්‍රචණ්ඩවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ අතර පසුගිය මාසයේදී පැවැති විරෝධතාවලදී ළමයින් 32 ඝාතනය වී ඇති බවත් ඒ අතර වයස අවුරුදු 5 ට අඩු ළමයින්ද සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම ළමුන් විරෝධතාකරුවන් නොවන බවත් ඔවුන්ගේ මරණ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පැවැසුවේය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රැකියා කෝටාවට විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
රනේ Sunday, 04 August 2024 07:05 AM
ලෝකයම සමානාත්මතාව පිළිගත යුතුයි..
Don pablo escobar Sunday, 04 August 2024 10:04 AM
ශිෂ්‍ය ව්‍යාපාර නම් ත්‍රස්ථවාදී කල්ලි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ
sumanasiriSunday, 04 August 2024 05:04 PM
පුන්නක්කු ගිලින උන්ට ශිෂ්‍යය ව්‍යාපාර අරහං
Don pablo escobar Sunday, 04 August 2024 10:05 AM
ශිෂ්‍ය ව්‍යාපාර නම් ත්‍රස්ථවාදී කල්ලි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ
නිමල් Sunday, 04 August 2024 06:07 PM
අනිවාර්යයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාර පමණක් නොව ඒවාට පණ දෙන, දේශපාලන ව්‍යාපාරත් විනාශ කරන්න ඹ්නැ