IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


රැකියා විරහිත උපාධිධාරීහූ පොල්දූව හන්දියේ විරෝධයේ

(යොහාන් භාසුර)

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ‘වාහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්’ බත්තරමුල්ල පොල්දූව හන්දියේ මේ වන විට විරෝධතාවක නිතරව සිටියි.

රැකියා විරහිත උපාධිධාරීහූ රාජගිරිය ගුවන් පාළම අසළ සිට බත්තරමුල්ල පොල්දූව හන්දිය දක්වා පාගමනින් පැමිණ එම ස්ථානයේ විරෝධතාවක නිතරව සිටිති.

’මර්ධනය හකුලා ගනිව්, පොරොන්දුවූ රැකියා 35,000 වහා ලබාදෙනු සහ උපාධිධාරීන්ට වයස් සීමා පනවා කප්පාදු නොරනු’ ආදි පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී ඔවුහු විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ) 

 

 



අදහස් (7)

රැකියා විරහිත උපාධිධාරීහූ පොල්දූව හන්දියේ විරෝධයේ

indika Tuesday, 04 March 2025 02:26 PM

අපගේ රැකියා තියෙනවා... මහන්සි වෙලා වැඩ කරනවා නම්

:       0       18

casmir Tuesday, 04 March 2025 02:40 PM

කොහෙත්ම අනුමත කළ නොහැකි ඉල්ලීම් මේවා... මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, අනිත් මිනිස්සුන්ගේ සල්ලිවලින් ජීවිතේ ඉතුරු ටිකත් ගතකරන්න කරන ඉල්ලීමක්, රජය අධ්‍යාපනය දෙන්න බැඳිලා හිටියාට (සමහර රටවල ඒ ටිකත් නැහැ) රස්සාවල් දෙන්න බැඳිලා නැහැ. අනිත් අතින්, සමහර උපාධි කොහෙත්ම, කිසිම රැකියාවකට අදාලම නැහැ. පෞද්ගලික අංශයේ රැකියා ඕනෑතරම් තියනවා. හැබැයි, මහන්සිවෙලා වැඩකළ යුතුයි. ඒවාට යන්න මේ අය කැමැතිම නැහැ. අනිත් එක වයස 30 ක් ගෙවෙනකම් මේ අය මොනවාද කළේ?

:       0       11

Kamal Koyrala Tuesday, 04 March 2025 02:59 PM

හකුලා ගන්න මර්ධනයක් කොහෙද තියෙන්නේ බොරු ජනගත කරනන උපාධිධාරීන් පිළිබඳව කටයුතු කළ යුතුයි

:       0       8

nipuna Tuesday, 04 March 2025 03:10 PM

මේක සමාජ ව්‍යසනයක්. දැනටමත් රජයේ සංවර්ධන නිලධාරී විදියට ගත්තොත් ඒ ආශ්‍රිත රැකියා වල බරපතල අතිරික්තයක් තියෙනවා. තව දුරටත් සංවර්ධන නිලධාරීන් කියල පුරප්පාඩු නැති තනතුරු වලට බඳවා නොගත යතුයි.

:       0       10

ආච්චි Tuesday, 04 March 2025 04:04 PM

සිංහල, බෞද්ධ අධ්‍යයන, සමාජවිද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, දර්ශනය, පුරාවිද්‍යාව, ප්‍රසාංගික කලා, සන්නිවේදන, ඉතිහාසය... ඔය මෙකී නොකී ආට්ස් සබ්ජෙක්ට් කරලා උපාධි ගැනීමේ විපාකය... මේ අය මේ විෂයන්වල ප්‍රාමානිකයොත් නොවෙයි. සාමාන්‍ය උපාධි ගත්තු අය ගොඩායි. විෂය තුනක් එහෙන් මෙහෙන් අතගාලා ගන්න උපාධියේ ස්වභාවය ඒකයි. ඒවාට ගැලපෙන දෙන්න රස්සා නැහැ. අනික, රස්සාවලට වුවමනා ඔය විෂය දැනුම නොවෙයි. ඉංග්‍රීසි, පරිගණක දැනුම, පාරිභෝගික සේවා ගැන දැනුම, තීරණ ගැනීමේ හැකියාව, නව අදහස් උත්පාදනය, සැලසුම් සකස් කිරීම ආදිය. එව්වා ඉහත විෂය වලට එහෙන් මෙහෙන් රිංගවලා තියෙනවා මිසක් වැඩකට ගන්න පුළුවන් ආකාරයකට උගන්වන්නෙත් නෑ. ඉතිං රස්සා දෙන අයට අවශ්‍ය දේ මෙයාලා ළඟ නෑ. මෙයාලා ළඟ තියෙන දේ වටිනාකමක් දිය හැකි රස්සා නැහැ. ඒ දැනුම මුදලට පෙරළන්න බෑ. කතාව එච්චරයි.

:       0       3

sena Tuesday, 04 March 2025 04:05 PM

මහ විකාරයක් මේක, මේ කාලකන්නි මිනිස්සු රටට මහා බරක් සාපයක්, මොවුන් ටිකට මොන්ටිසෝරියේ ඉඳලා නිකම් පොත්ටික, ඇඳුම් ටික සපත්තු දී ලා උගන්නන්න ඕනේ. ඊළඟට උපාධි ගත්තාට පස්සේ නිකම් ඉන්න රස්සාවල් දෙන්න ඕනේ, පෙන්ෂන් ගියාට පස්සේ මැරෙන කල්ම නිකම් පඩි දෙන්න ඕනේ. මේ ඔක්කෝම කරන්න ඕනේ මේ රටේ බදු ගෙවන අපි නේද? මොන පවක්ද මේ රටේ බදු ගෙවන මිනිස්සූ ගෙවන්නේ...

:       0       5

රම්බොඩ Tuesday, 04 March 2025 05:08 PM

එදා මාලිමාව මේවා පසුපස සිට ඔවුන් කුලප්පු කරන්නට ඇත. දැන් මාලිමාව බලයේ සිටී. අපි නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගත්තෙමු. ඒ සඳහා කිසිඳු මුදලක් මට නම් වැය වූයේ නැත. රැකියාවක් ලැබෙන තුරු මට ශිෂ්‍ය ආධාරද ලැබුණි. කිසිම රජයක් අපට රැකියා දෙනවා යැයි පොරොන්දු වී නැත. ඒවා සොයා ගැනීම අප සතු වගකීමකි. මොන රජය බලයේ සිටියත් කම් නැත. මේ රැකියා විරහිත කල්ලිය වැරැදි වග මගේ මතයයි. එය ඔවුන්ගේ දුර්වලතාවක් මිස රටේ වැරද්දක් නොවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

අසාධාරණ වැඩ වර්ජන එපා
2025 මාර්තු මස 04 70 0

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්


ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී
2025 මාර්තු මස 04 110 0

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය


හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම්
2025 මාර්තු මස 04 77 0

වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර


මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා
2025 මාර්තු මස 04 137 0

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි


වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න
2025 මාර්තු මස 04 484 0

ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්න


මුහුදේ පාවී ආ වස්තුවක් තරුණයකු රෝහලට යවයි
2025 මාර්තු මස 04 777 0

කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තු


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20044 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 126 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 441 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 528 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site