IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


රැකියා සුරැකෙන හෙට දවසක්

(සැකසුම – සාගර සමරවික්‍රම)

කෝවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් ලෝකයේම ආර්ථිකය කෙතරම් පීඩනයකට පත්ව ඇත්ද යත් ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා තර්ජනාංගුලිය එසවීමට ඇමරිකානු ජනාධිපතිවරයාට සිදුවිය. අද (9 වැනිදා) පස්වරු 3.00 වන විට කොරෝනා වයිරසයෙන් ලෝකය පුරා මියගිය සංඛ්‍යාව 88,000 ක් ඉක්මවා තිබූ අතර ඒ අතර ඇමරිකානුවෝ 14,700ක් සිටියහ.

ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාවේ තත්ත්වය එයයි.

ඇමරිකානු ඩොලරයේ වටිනාකම මේ වන විටත් ශ්‍රී ලංකා රුපියල් 200 ඉක්මවා ගොසිනි. එය කොතැනින් නතර වේද යන්න කීමට කිසිවකු නොදනී. එවන් තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අනුගමනය කළ යුතු බවත් ඒ සඳහා ගැලපෙන යෝජනාවලියක් පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කර සිටී.

“රටට විනිමය උපයන ප්‍රධාන උල්පත් සිඳී ඇත. විදේශ රුකියා කරන පිරිස එවන ආදායම සීමා වී ඇති බව දැක්විය යුතුය. ඇඟළුම් අපනයනය නතර වී ඇත. සංචාරක කර්මාන්තය බිංදුවට වැටී තිබේ.“

දුප්පත් හා සීමිත ආදායමක් උපයන පිරිස ගේ අතට ලැඛෙන ආදායම නංවමින් රැකියා සුරක්ෂිත කිරීමත් සුළු හා මධ්‍ය පරිමාන

අංශ වෙත ණය සහන සැපයීම සඳහා අවශ්‍ය රැකවරණය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටීමත් ඔවුන්ගේ ප්‍රධාන යෝජනා වෙයි.

මහා පරිමානයෙන් රුකියා වලින් ඉවත් කිරීමට ඉඩ ඇති අංශ ආවරණය කරමින් දේශීය වශයෙන් ණය ගැනීම හෝ දැනට ඇති නිශ්චිත සම්පත් වලට අත නොතැබීමේ වැදගත්කමත් මෙම යෝජනාවලියට ඇතුළත් වෙයි.

පාත්ෆයින්ඩර් පදනම විසින් රජයට ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව පහත දැක්වේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් මෙරට සෞඛ්‍ය අංශයේ පරිමාව ඉක්මවා යා නොයන තැනට කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම.

සීමා පනවා ඇති ප්‍රදේශවලට විශේෂයෙන් සලකා ආහාර හා ඖෂධ නිසි පරිදි සැපයිම මෙන්ම නිෂ්පාදන හා සේවා ජාලය නොබිඳෙන සැපයුම් මාර්ග තහවුරු කිරීම.

සෞඛ්‍ය හා ආර්ථීක අංශ ඉක්මනින් හා කාර්යක්ෂමව පවත්වාගැනීමට පුද්ගලික අංශයේ සහාය ලබාගැනීම සඳහා පැහැදිලි රාමුවක් ඉදිරිපත් කිරීම. හදිසි අවශ්‍යතා සම්පූර්ණ කරනු සඳහා වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට පුද්ගලික අංශය ඉදිරිපත් වීම.

දුප්පත් හා සීමිත ආදායමක් උපයන පිරිස ගේ අතට ලැඛෙන ආදායම නංවන පියවර ගැනීම. රැකියා සුරක්ෂිත කරමින් ව්‍යාපාර කරගෙන යනු සඳහා සුළු හා මධ්‍ය පරිමාන අංශ වෙත ණය සහන, ප්‍රාග්ධන සැපයුම හා අවශ්‍ය රැකවරණය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටීම.

ව්‍යසනයේ තත්ත්වය මැනබලා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ හැකි ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිම. ඒ සඳහා මෙරටට වැඩිම විනිමය උපයන ප්‍රධාන අංශ හතර එනම් විදේශ රැකියා, ඇඟළුම්, කෘෂි අපනයන හා සංචාරක අංශ වල නියෝජනය අවශ්‍යය. විශේෂයෙන් මහා පරිමානයෙන් රුකියා වලින් ඉවත් කරන්නට ඉඩ ඇති අංශ ආවරණය කරන ව්‍යවසායකයන් නියෝජනය කළ යුතු අතර ඔවුන්ගේ අදහස් සහිත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම.

ආර්ථීක ජවය නැවත ඇති කරගැනීම වෙනුවෙන් රටට අලූත් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වී තිබේ. දේශීය වශයෙන් ණය ගැනීම හෝ දැනට ඇති නිශ්චිත සම්පත් වලට අත නොතැබීම. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා හා ආසියානු සංවර්ධන බැංකුව යන ආයතන හදිසි සහන වැඩ පිලිවෙල ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවායේ සහන ඉතාම අඩු පොලියකට සැපයේ. මෙම ආයතන සමග සම්බන්ධවී අලූත් ණය ගිවිසුම් ඇති කරගැනීම සහ ඒවා රටට ගැලපෙන පරිදි වහාම සම්පාදනය කිරීම.

පශ්චාත් අර්බුද ඇති නොවන පරිදි අය වැය හා මුල්‍ය කළමණාකරණය ගැන කල්තබා පියවර ගත හැකි අතර රාජ්‍ය ව්‍යවසාය එනම් ශ්‍රී ලංකන් වැනි ආයතන වහා ප්‍රතිසංස්කරණයට ලක් කර පාඩු අවම කරගැනෙන පියවරකට යා යුතුය. මේවා අමිහිරි තීරණ නමුත් එම තීරණ දැන්ම නොගතහොත් අවසානය ඉතාම දුෂ්කර හා පීඩාකාරී වන බව තේරුම් ගැනීම.

දීර්ඝ කාලීනව බලන විට ව්‍යුහයට පිටතින් හිතන අලූත් විසඳුම් කරා යා යුතුය. භාණ්ඩ හා සේවා අංශයන් හි මෙතෙක් පැවැති ක්‍රම වෙනස් කරන තීරණ ගත යුතුව තිබේ.

දේශපාලන අරමුණු රහිත මැදහත් විචාරයකින් අනතුරුව මෙම බැරූරුම් අවකාශය පසුකිරීමෙන් පසු ආර්ථීක හා තාක්ෂණික වශයෙන් ඉදිරියට ගමන් කරන ජාත්‍යන්තරය තුළ ඉදිරියෙන් සිටින්නට හැකි වන පරිදි හොඳ පදනමක් සකස් කරගත යුතුය. වසංගතයේ පශ්චාත් අවධිය උදාවන අවස්ථාවේ දී ආහාර සුරක්ෂිතතාව ඉතාම වැදගත් වන බව ද සඳහන් කළ යුතුවම තිබේ.

ඉඩම් පරිහරණය ඉහළම තැනක රඳවමින් මිශ්‍ර භෝග වගාවක් කරා අවතීර්ණ විය යුතුය. ඒ සම්බන්ධයෙන් දීර්ඝකාලීනව සැලසුම් සකස් කළ යුතුව ඇත.    



අදහස් (6)

රැකියා සුරැකෙන හෙට දවසක්

නවසීලන්තයා Friday, 10 April 2020 07:27 AM

වියයුත්ත වෙමින් පවතී. ජනතාව ඉතාමත් අවදියෙන් සිටිය යුතු කාලයකි. රජයක් වශයෙන් මෙබදු තීරණ මෙතරම් ඉක්මනින් ගැනීම ගැන මහා ජනතාව වශයෙන් අපි සතුටු වන්නෙමු. නමුත් ලැබෙන ණය මුදල් පරිහරණය කරන ආකාරය ගැන විපක්ෂය ඉතා විමසිලිමත්ව විචක්ෂණ බුද්දියෙන් කටයුතු කළ යුතුය. මෙහි නියම ප්‍රතිඵල ලබා ගැනීමටනම් මහජනතාව එනම් අපි ඉතාම බුද්ධියෙන් කටයුතු කළ යුතුය. මෙහිදී ජනමාධ්‍යට තිබෙන වගකීම සුළුපටු නොවේ. අපි සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු කාලයකි.

:       108       224

විනිවිද Friday, 10 April 2020 12:22 PM

මෙරටට වැඩිම විනිමය උපයන ප්‍රධාන අංශ හතර එනම් විදේශ රැකියා, ඇඟළුම්, කෘෂි අපනයන හා සංචාරක අංශ වේ. ලෝකයේ දියුණු රටවලත් කොරෝනා වෛරසය පැතිරී ඇති නිසා විදේශ රැකියා, ඇඟළුම්, කෘෂි අපනයන හා සංචාරක වැනි සියලු අංශ යලි පනගන්වීමක් වීමට නම්, covid-19 සදහා බෙහෙතක් සොයා ගැනීම කල යුතුය. එතෙක් කිසිවක් යතා තත්වයට පත් වන්නේ නැත. ලංකාවේ රජයේ වර්තමාන ක්‍රියාකලාපය මෙසේය. රට මේවනවිට පාලනය කරන්නේ රාජපක්ෂවරුන් 4 දෙනෙකු යටතේය. සත්‍ය වශයෙන්ම මෙය සහෝදර "C-M-G-B" සමාගම කිවොත් නිවැරදිය . රටේ සියලු පරිපාලන කටයුතු ඔවුන්ගේ යටතේය. ඇමතිවරු සාකජ්ජා සදහා පැමිණියත් ඔවුන්ගේ අදහස් මේ වනවිට ගණන් නොගනී. ඔවුන්ව යොදවාගන්නේ මාධ්‍ය ප්‍රකාස කරවා ගැනීම සදහා පමණකි. ගොවි ආර්ථිකයක්, දේශීය ගොවියාගේ හෙට දවස ගැන මහින්දලා, ගොටබයලා මැතිවරණයේදී දුන් පොරොන්දු අද ක්‍රියාවට නැගෙන්නේ නැත. ගොවියාගේ අස්වැන්න විකුනා ගැනුමට ක්‍රමවේදයක් සකසා ගැනීමට මේ වනවිට රජය මුළුමනින්ම අපොහොසත්ව ඇත. සුදුස්සන් කොන්කර රාජපක්ෂවරුන් විසින්ම රටේ සියල්ල කලයුතුය.... යන මතයේ සිට සහ මමත්වය තුලම ක්‍රියා කිරීම නිසා රාජපක්ෂලා විසින් රට සහ ජනතාවගේ හෙට දවස අවිනිශ්චිත කර ඇත.

:       0       4

Asanka Friday, 10 April 2020 07:31 AM

මේ වටිනා වැදගත් යෝජනාවලිය සම්බන්ධයෙන් අවුරුදු 50 ක් මේ රටේ ජීවත් උනු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ අනේ මේක චන්දේ ගොඩදාගන්න පුළුවන් දෙයක් විතරක් වෙයි කියලා.

:       0       46

de silva Friday, 10 April 2020 08:42 AM

මේවා කරන්න නම් වසාදමල තිබෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන නැවත විවුර්තකර දුරකථන මගින් හෝ ජනතාවට අවශ්‍ය උපදෙස් , බිජ වර්ග වැනි දේවල් හෙට සිටම ක්‍රියාත්මක කල යුතුය . දැන් වැස්ස පටන් ගන්න හදන්නේ හිටවන දෙයකට දැන් සිටම සුදානම් විය යුතුය . රජයේ නිලධාරියෝ වැටුප් ගෙවමින් ගෙවල් වල තබාගැනීම වහාම නතර කල යුතුය , ඇදිරිනීතිය නිසා ගොවියාට ගොවිජන සේවා එකට එන්න බැරිනම් ගොවිජනසේවා එක ගොවිපලට යායුතුය...

:       0       5

thush Friday, 10 April 2020 09:16 AM

ඩොලරයේ වටිනාකම මේ වන විටත් ශ්‍රී ලංකා රුපියල් 200 ඉක්මවා ගොසිනි. එය කොතැනින් නතර වේද යන්න කීමට කිසිවකු නොදනී. සත්‍ය ලෙස බලන්නන් මෙය 245- 260 අතර නතර වනු ඇති බව කියයි. එසේ වන විට අප ගෙන්නන 90% දේවල් බලන විට , $250-260 වෙන විට අප රට කෙසේ පවත්වා ගත යුතුද? රැකියා සුරක්ෂිත කරමින් ව්‍යාපාර කරගෙන යනු සඳහා සුළු හා මධ්‍ය පරිමාන අංශ වෙත ණය සහන, ප්‍රාග්ධන සැපයුම...' මෙවැනි දී කිරීම ඉතා නිවැරදිව කිරීම වැදගත්ම වේ. මන්ද අපගේ ඇති කුඩා බැංකු ටිකට මෙය දරා ගත හැකි විය යුතුමය. ඒවාටද දැන් ආදායමක් ලැබෙන විදි අහුරා ඇත. එනිසා එක බැංකුවක් බංකොලොත් වුවහොත් කාඩ් කුට්ටම ලෙස බැංකු එක දිගට කඩා වැටීම සිදුවේ. ඉතා ඉක්මනින් ක්‍රියා කළයුතු කාලය දැන්ම වේ.

:       0       2

hewa Friday, 10 April 2020 09:22 AM

රජය දැනටම තම ආයතන ගැන තීරණයක් ගත යුතුය. පාඩු ලබන, මහා වියදම් ඇති කොටස් දැන්ම බලා, දේශපාලනයෙන් තොරව තීරණයක් දිය යුතුය. ශ්‍රී ලංකන් වැනි ආයතන වහා ප්‍රතිසංස්කරණයට ලක් කර පාඩු අවම කරගැනෙන හෝ පුද්ගලීකරණය සිතා බැලිය යුතය. මෙය දේශපාලනයක් නොව ඇත්තට මුහුණ දිය යුතු කාලයකි.

:       1       62

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 57 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 60 0

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 285 0

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්
2025 අප්‍රේල් මස 30 155 1

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට


පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි
2025 අප්‍රේල් මස 30 364 1

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා


හිටපු පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිණිඅවියක් සොයාගනියි
2025 අප්‍රේල් මස 30 1083 1

වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 203 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 58 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1086 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site