(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බදුල දිස්ත්‍රික්මන්ත්‍රී දිනිඳු සමන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මන්ත්‍රී දිනිඳු සමන් මහතා.
හල්දුම්මුල්ල මහ ලන්ද බෝගහ පැලැස්ස රක්ෂිතයට අයත් භූමියේ මේක වනජීවී රක්ෂිත භූමියක් අක්කර දාහකට අධික ප්‍රමාණයක් තියෙනවා. ජාවාරම්කාරයන් පිරිසක් අනවසරයෙන් වගා කරලා තියෙනවා. මේ ජාවාරම සඳහා හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවරයෙක් ඒ ආණ්ඩුකාරවරයා ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට විදුලි බල මණ්ඩලයට ලිපියක් යවලා බලපෑම් කරලා තියෙනවා. ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අදාළ කටයුතු සිද්ධ කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලය මේ රක්ෂිතය හරහා විදුලිය ලබාදෙන්න විශාල මුදලක් වැය කරලා තියෙනවා.අනවසර ජාවාරම්කාරයන්ට විදුලිය දෙන්න පසුගිය රජය කටයුතු කරලා තිබුණා. අලින් යන අලිමංකඩ හරහා තමයි මේ වගාව සිද්ධ කරලා තියෙන්නේ. අක්කර දහස් ගණනක්. ඒ සතුන්ට කන්න තියෙන තණ භූමි ටික තමයි මේ අත්පත් කරගෙන තියෙන්නේ. මේක ඇතුලේ රජයේ නිලධාරීන් ඉඳලා තියෙනවා දේශපාලනඥයන් ඉඳලා තියෙනවා තියෙනවා. විවිධ පරිපාලන නිලධාරීන් ඉඳලා ව්‍යාපාරිකයන් ඉඳලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලය මෙය අනීතික ව්‍යාපෘතියට වැය කරපු මුදල අය කරගන්න කටයුතු කරනවාද.සමහර ගොවිසංවිධානත් මේකට උදව් කරලා තිබුණා තිබුණා.
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල