(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් වසර පහකට අධික කාලයක් තිස්සේ මෙසේ පැනවූ දඩමුදල් එම පිරිස් නොගෙවීම මීට හේතුව බව ද රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම රුපියල් කෝටි 6300 ට අදාල ඇතැම් නඩු වසර පහකට පමණ පෙර ගොනු කළ ඒවා බවත් බොහෝ නීති විරෝධී භාණ්ඩ ආනයන සහ අපනයනකරුවන් රේගු දඩ මුදල් ගෙවීම මඟ හැරීමට අධිකරණය යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත් එම නිලධාරියා පැවසීය.
රේගු විභාගය අවසානයේ දඩ නියම කිරීමෙන් පසුව ඔවුන් අභියාචනාධිකරණයේ නඩු පවරණ බවත් එම නඩු දිගින් දිගටම කල්යෑමෙන් රජයට ආදායම් ප්‍රමාද වන බවත් එම නිලධාරියා පැවසීය.
එම නිලධාරියා පැවසුවේ නීති විරෝධීව කසළ තේ අපනයනය කිරීම්, බීඩි කොළ ආනයනය කිරීම යන සිද්ධිවලට පැනවූ දඩ මුදල් පමණක් රුපියල් කෝටි 10 කට ආසනන් මුදලක් හිරවී ඇති බවත් මෙම තත්වයට විසඳුමක් ලබාගැනීමට රජය මැදිහත් විය යුතු බවත්ය.
කසළ තේ නීති විරෝධී ලෙස අපනයන කිරීමට උත්සාහක කිරීමේ සිද්ධි කීපයකට ලක්‍ෂ ගණනක දඩ මුදල් නියමවී අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනුකර ඇති පුද්ගලයෙක් පසුගියදා නැවත කසළ තේ අපනයන කිරීමට කළ උත්සාහකදී අත්අඩංගුවට පත්වූ බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට සහ රජයට ආදායම් ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි වෙලා‘‘
himal Tuesday, 22 June 2021 08:48 AM
ඉතින් මහත්තයෝ, රේගුව කියන දේ පිළිගන්නේ නැත්නම් අධිකරණයට යන එක වැරදියි කියලද කියන්නේ...? මේ මහත්තයා එයාට ඉඩම් ප්‍රශ්නයක් ආවොත් නඩු යන්නේ නැතුව අනෙක් පැත්ත කියන විදිහට දීලා දානවද?
කිරිපුතා Tuesday, 22 June 2021 11:10 AM
සුපුරුදු ලෙස නඩු කල් දමදමා සිටීම යම්යම් අයට ආදායම් මාර්ගයක් වුණද රටකට හානියකි. එවැනි දේ කවදා නම් නතර වේවිද? සිහිනයක්ම පමණි...
Jonty from Australia Tuesday, 22 June 2021 02:54 PM
හරියට නීතිය කියාත්මක නොවීම ගැන තමයි පුදුමෙ