IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රේගු නිලධාරීන් පිරිසක් රට ඉදිද්දීත් පඩි අරගෙන

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රේගු නිලධාරීන් පිරිසක් විදේශගතව සිටියදීද වැටුප් ලබාගෙන ඇතැයි අනාවරණය වූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

රේගු ප්‍රධාන කාර්යාලයේ ඇඟිලි සලකුණු භාවිතා කිරීමට ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය පූර්ණ වශයෙන් සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව අනාවරණය කරගෙන ඇත.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය කොවිඩ් වසංගත තත්ත්වය නිසා ප්‍රමාද වූ බව රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් රේගු නිලධාරීන් කාර්යාල ගත ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස වර්ගීකරණය කර ඇති හෙයින් රාජකාරි ස්වභාවය අනුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමේ අපහසුතාවක් පවතින බවද එම ප්‍රධානින් කමිටුව හමුවේ වැඩිදුරටත් පවසා ඇත .

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ප්‍රායෝගිකව අපහසු අංශ සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ හැකි අංශ ඇතුළත් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි කෝපා කමිටුව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින්ට උපදෙස් දී ඇත .

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ක්‍රමානුකූලව සිදු වෙනවාද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම රේගුවේ ඉහළ නිලධාරීන් සතුව පවතින බව කෝපා කමිටුවේ සාමාජිකයෝ මෙහිදී පැවැසූහ.

 



අදහස් (16)

රේගු නිලධාරීන් පිරිසක් රට ඉදිද්දීත් පඩි අරගෙන

Aruna Saturday, 31 July 2021 09:50 AM

රේගු නම් ඉතින් අහන්න දෙයක් නැහැනේ...

:       0       236

කිරි පුතා Saturday, 31 July 2021 10:14 AM

ක්ෂේත්‍රයට යන කෙනා කාර්යාලයට ඇවිත්නේ යා යුත්තේ... දන්නා කාලයකම සිට කරන වංචා නිසා මේවා වෙනස් කිරීම හරිම අපහසුයි. නමුත් කළ යුතුමයි. නැත්නම් රට එක තැන..

:       4       77

aka Saturday, 31 July 2021 10:36 AM

විදේශගත වෙන්නේ රාජකාරියේ කොටසක් ලෙස නම් පඩි දෙනවා මම හිතන්නේ...!

:       4       22

රමණීSaturday, 31 July 2021 11:10 AM

ඔව්, රාජකාරිය සඳහා විදේශගත වෙනවා නම් වැටුප් ගෙවනවා. හැබැයි බැඳුම්කර කොන්දේසි යටතේ. ඒ වගේම තමයි ශිෂ්‍යත්ව මගින් පිටරට යන රජයේ සේවකයින්ට වැටුප් දෙනවා. දොස්තරලා, විශ්වවිද්‍යාල ආචාර්ය සහ ඉහළ තලවල ඉන්න අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන්, රජයේ බැංකු නිලධාරීන් ගොඩක් දෙනෙක් පිටරට ගිහින් නවතින්නේ ඔය ක්‍රමය යටතේ.

:       2       27

Perera Saturday, 31 July 2021 12:23 PM

ඕවා මොනවද... අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා මොන වැඩක් කළාටද පඩි ගන්නේ?

:       106       309

shanikaSaturday, 31 July 2021 12:55 PM

හැම එකකටම පාර්ලිමේන්තුවේ ඉන්න අයට විතරක් දොස් කියන්න එපා .වංචාව කොහේ උනත් එකයි .ඒක ලොකුද පොඩිද කියල වෙන් කරන්න බෑ

:       3       206

PereraSaturday, 31 July 2021 02:56 PM

රටේ දූෂණය වැඩි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අය දූෂිත නිසා... ඒ අය රටට ආදර්ශේ දෙන්නේ වැරැදි විදිහට...

:       75       105

නිරීක්ෂකයාSaturday, 31 July 2021 04:07 PM

මොනවා වුණත් පාර්ලිමේන්තුවේ සිටින අය ආදර්ශයක් වුණොත් පහළ අය ගැන කියන්න දෙයක් නෑ නේද?

:       41       72

හර්ෂණ මාපා කුලසේකර Saturday, 31 July 2021 12:45 PM

රාජකාරි සඳහා විදේශගත වන සියලුම අයට පඩි හිමි වේ...

:       38       56

Ruhunu Saturday, 31 July 2021 01:08 PM

රට ගියාට වැඩිය ගාණක් හොයන්න පුලුවන් මෙයාලට ලංකාවේ ඉඳන් ජරාව කෑවා නම්...!

:       1       236

සේනක~ඉතාලිය Saturday, 31 July 2021 01:26 PM

මෙහෙත් ඉන්නවා ගුරු හොරු,රාජ්‍යය සේවකයෝ.මාස් පතා රජයෙන් පඩි අරගෙන මෙහෙ පාටි ටයිමි කරනවා.ඒ අවශ්‍යය ලියකියවිලි අළුත් කරන්න විතරක් ලංකාවට ඇවිල්ලා යනවා.අවශ්‍යය නම් ලිපිනයත් එක්කම දෙන්නම්.

:       2       80

ajith priyankara Saturday, 31 July 2021 02:44 PM

රජයෙන් ලැබූ ‍ශිෂ්‍යත්ව මත විදේශගතවන අයත්, රාජකාරි අවශ්‍යතා මතක විදේශගතවන අයත් සඳහා වැටුප් ගෙවනු ලැබේ. මේ බව දැනගෙනත් යම් යම් පුද්ගලයින් මෙවැනි වාර්තා පළ කරන්නේ රජයට සහ රාජ්‍ය නිලධාරීන්ට මඩ ගැසීම සඳහායි.

:       82       22

pradeepa Saturday, 31 July 2021 02:52 PM

අපේ රටේ අද හොරකම නීතිගත වෙලා. හැම කෙනාම පුළුවන් විදිහට හොරාකෑමේ යනවා... ඉහළම පුටුවල ඉඳලා කම්කරුවා දක්වා... මේ රට 2050දී කොහොම වෙයිද? ඉතියෝපියාව, සිම්බාබ්වේ, මැඩගස්කරය වගේ වෙනවා ශුවර්...

:       8       25

විපරමා Saturday, 31 July 2021 03:43 PM

නිකම් ඉඳන් පඩි ගන්න අය රාජ්‍ය සේවයේ ඕනෑතරම් ඉන්නවා. පගාවක්, සන්තෝෂමක්, ජරාවක් ලැබෙනවා නම් බලන්න එපැයි තියෙන උනන්දුව..?

:       0       9

අත් දැකීම්.Saturday, 31 July 2021 05:02 PM

කහ කොළයක් දික් කළොත් ඕනේ දෙයක්, එතකල් ගල් ඉබ්බන් වගේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ පරිපාලකයින් ඉන්නවා.. ඔවුන්ට ලේකම්ලාත් ඉන්නවා. තියෙන රාජකාරි ප්‍රමාණය, ගතයුතු කාලය ගැන කිසිම හොයා බැලීමක් නැහැ. රජයේ ආයතන බහුතරයකට අයැදුම් පත්‍රයක් එකක් දුන්නොත් එ්කට පිළිතුරු දෙන කාලය කියන්නේ නැහැ. මාස 6-7 අදිනවා. කෝවිඩ් කාලේ ගෙදර ඉඳලා පඩි ගන්නවා.. වැඩට එන දවසේත් වැඩක් කරන්නේ නැහැ. සේවකයින් වැඩ නැතිනම් ආයතනයේ ලොක්කාගෙන් ගේම ඉල්ලන්න. පගා දෙන්න යන්න එපා...

:       0       53

චාමර Saturday, 31 July 2021 08:14 PM

කණුවල ගසා වෙඩි තැබිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site