(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පදික මාරුව අසල නැවතූ බස් රථයක රියදුරකු දැඩි අපහසුවෙන් පෙළෙන අයුරු දුටු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රොෂාන් රාජිත මහතා සහ තවත් පුද්ගලයකු එක්ව වහා ක්‍රියාත්මකව රියදුරු රෝහල්ගත කිරීම නිසා ඔහුගේ දිවි බේරුණු බව බණ්ඩාරගම රෝහල් ප්‍රකාශකයෙක් කීය.
සිය දරු දෙදෙනා පාසල් බස් රථයට ඇරලිම සඳහා මන්ත්‍රීවරයා බණ්ඩාරගම වීදගම හන්දියේ රැඳී සිටියදී හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පදික මාරුව අසල නතර කර තිබී ඇත.
බසය පිටුපසින් පැමිණ තිබූ වාහන කිහිපයක් නලා හඬ නොනවත්වා නාද කරන අයුරු මන්ත්‍රීවරයා ගේ අවධානය යොමු වී ඇත.
මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටි මන්ත්‍රීවරයා රියදුරු අසුන දෙස බැලීමේදී බස් රථයේ රියැදුරු දකුණු අත උඩට උත්සාහ ගෙන වම් අතින් පපු පෙදෙස අල්ලාගෙන ඉතා අපහසුවෙන් රියදුරු අසුනේ සුක්කානමට හිස බරවි සිටින අයුරු නෙත ගැටී ඇත.
ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ ඔහු බස් රථයට ගොඩ වී රියැදුරු අසුන අසළට ගිය අවස්ථාවේදී රියදුරු දැඩි ලෙස රෝගීව අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන බවට දැක බස් රථය තුළ කිසිවකු නොසිටි මෙන් මහත් අසරණ වූ මන්ත්‍රීවරයා රියදුරු අසුන අසලින් අත දමා පිටුපසට අත වනා බස් රථයේ පිටුපස සිට නලාව නාද කරමින් සිටි තීරෝද රථ රියදුරකු බස් රථය තුළට ගෙන්වාගෙන රියදුරුව අසුනින් පිටතට ගෙන බස් රථය තුළ තැබීමට පියවර ගෙන තිබිණි.
යම් අසනීප තත්ත්වයකින් අසාධ්‍යව පෙළෙන රියදුරු ගේ ජීවිතයේ බේරා ගැනීමට විනාඩියත් වටින බව තේරුම්ගත් මන්ත්‍රීවරයා" මල්ලි උඹට පුලුවන්ද බස් එක එලවන්න යැයි " විමසීමත් සමගම පුළුවන් යැයි පැවසූ එම ත්‍රීරෝද රථ රියදුරු බස් රථය බණ්ඩාරගම රෝහල ඉදිරිපිට තෙක් අධික වේගයෙන් ධාවනය කෙරිණි.
ඒ අතරතුර රියදුරුට ප්‍රථමාධාර දීමට මන්ත්‍රීවරයා කටයුතු කළේය. වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.
තවත් විනාඩි කිහිපයක් හෝ ප්‍රමාද වූවා නම් රෝගියාගේ ජීවිතය යම් අනතුරකට පත් වන්නට බොහෝ දුරට ඉඩ තිබූ බව වෛද්‍යවරුන් විසින් පවසා තිබිණි.
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රෝගී වූ බස් රියැදුරා බේරාගත් මෙහෙයුම
Thilina Friday, 12 May 2023 05:32 PM
නියම මනුස්සයෙක්...!
සුනිමල් Friday, 12 May 2023 05:35 PM
අන්න නියම ජනතා නියෝජිතයෙක් ඇත්තටම ක්ෂණිකව තීරණ ගැනීමට දක්ෂතා ඇති ඔහු වගේ අය තමයි ලංකාවේ දේශපාලනය සඳහා සුදුසුකම් ලැබියයුතු අය වන්නේ පොහොට්ටු අයෙක් නොවේ නම් ඔහුට පළාත් සභාව සඳහා යෝජනා කිරීම හොඳයි...
zeylanicus Friday, 12 May 2023 05:48 PM
බොහොම හොඳ වැඩක්...
Chinthaka Perera Friday, 12 May 2023 06:58 PM
අගය කළයුතු කාලෝචිත ක්‍රියාවක්...
Koswatte Friday, 12 May 2023 08:10 PM
මෙන්න ආදර්ශමත් ජනතා නියෝජිතයෝ
Nihal Friday, 12 May 2023 11:54 PM
ක්ෂණිකව නිවැරැදි තීරණ ගත් මන්ත්‍රීතුමාටත් රියදුරුතුමාටත් ගෞරවය...!
Rajeev Saturday, 13 May 2023 12:31 AM
අගය කලයුතු දෙයක් ජීවිතයක් බෙිරා ගැනිමට ඔබ දෙදෙනාට ගොඩක් පිං සියලු දෙවි රැකවරණය ලැබෙිවා ඔබ දෙදෙනාට
Lakshan kumara Saturday, 13 May 2023 08:54 AM
අපේ ගමේ එකා හැමදාම කරේ පොඩි මිනිහාට හැමදාම හිටියේ පොඩි එකා එක්ක කරපු සේවය... හිස නමා ආචාර්ය කරමි.
Lakmal234 Saturday, 13 May 2023 09:34 AM
නියම මනුස්සයෙක්...!
prasanna Saturday, 13 May 2023 11:21 AM
අපේ ඡන්දය ඔබට...
කරුණාරත්න Saturday, 13 May 2023 01:55 PM
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රොෂාන් රාජිත මහතාට අපගේ ගෞරව පුර්ව ස්තුතිය... නියම මහජන නියෝජිතයෙක්.
කාලික ගුණරත්න Wednesday, 14 June 2023 02:09 PM
නියමයි..