IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රෝගී වූ මගියා අරන් ලංගම බසර රෝහලට

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් ගත් මගියකු හදිසියේ  රෝගී වීම නිසාවෙන් කොස්ගම සාලාව රෝහල වෙත එම රෝගීයා ගෙනැවිත් භාර දීමට එම ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරු අද දහවල් කටයුතු කළහ. 

බස් රථයෙහි රියදුරු ලෙස කටයුතු කළ යටියන්තොට  වයි.ජී.එල්.එස්.කුමාර මහතා සහ  කොන්දොස්තර ලෙස කටයුතු කල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිර කුමාර යන දෙදෙනා විසින් රෝගී වූ මගියා මෙලෙස සාලාව රෝහලට භාර දීමට කටයුතු කර ඇත.

සිද්ධිය පිළිබදව අදහස් දැක් වූ අදාල බස් රථයෙහි කොන්දොස්තර ලෙස කටයුතු කල සිසිර කුමාර මහතා මෙසේ කීය. අපි කොළඹ ඉදල අවිස්සාවේල්ල යන්න ආවේ. බස් රථයේ ආසන ගාණටම වගේ මගීන් හිටියා. රණාල හරියෙදි එක් මගියෙක් අසනීප තත්වයක් පෙන්නුම් කලා. ඇග වෙව්ලලා හුගක් අසනීප තත්වයක් තමයි දැක්කෙ. පස්සේ මමයි රියදුරු මහතායි කතාවෙලා ලගම තිබුණ සාලාව රෝහලට බස් එක අරං ගියා. ගිහින් රෝගී තත්වයෙන් හිටපු මගියාව බාර දීලා අනෙත් මගීන්වත් රැගෙන ගමානාන්තයට ආවේ. බස් එකේ හිටපු මගීන් කවුරුත් ඒකට උදව් කළා.

මේ සම්බන්ධයෙන් සිදුකල විමසීමකදී සාලාව දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළදාරී වෛද්‍ය රුචිර ගෝනලගොඩ මහතා මෙසේ කීය. එම රෝගියා දැනටත් වලිප්පු රෝගී තත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගන්න කෙනෙක්. වයස අවුරුදු 58 ක පුද්ගලයෙක්. අපේ රෝහලට රැගෙන එන විටත් රෝගී තත්වයෙන් පෙළුණා. මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු රෝගියාව අවිස්සාවේල්ල මූලික රෝහල වෙත යොමු කළා.

 



අදහස් (2)

රෝගී වූ මගියා අරන් ලංගම බසර රෝහලට

Mahasen Friday, 17 November 2023 08:08 AM

ඒකනෙ ඕකට 'ලංගම බස් සේවය ' කියන්නෙ . බස් ව්‍යාපාරයට වඩා එහා ගිය ගරු සේවයක්. මේ සේවකයන් විසින් එය අර්ථ ගන්වා තියනවා . ඔබට ප්‍රනාමය .

:       0       35

ඉන්දික Saturday, 18 November 2023 03:12 PM

ඉතාම වටිනා දෙයක්... හැම මනුස්සයෙක්ම අනෙකාගේ දුකට පිහිට වෙනවා නම් හොඳයි.. රියදුරු කොන්දොස්තර මහතාට හා සහය දක්වපු මගීන්ටද ප්‍රණාමය...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 93 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1589 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1063 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1302 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1424 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 417 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39570 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25761 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1201 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site