IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


රේගු වෘත්තිය සමිති හෙට රැස් වෙති

(මහින්ද නිශ්ශංක)
 
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා රේගු වෘත්තීය සමිති සන්ධානය අද (4) රැස්වී ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා පැවසීය.

ඉකුත් 30 වැනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදට දින හයක් ගතවේ.

කිසිදු හේතුවක් නොදක්වා ජාවාරම්කරුවන්ගේ බලපෑම් මත රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කරන ලද චාල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවන තුරු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණඩව කි‍්‍රයාත්මක කරන  බව උප ලේකම් සුදත්  ද සිල්වා මහතා පැවසීය.

දිනකට වරායෙන් කන්ටේනර 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් නිෂ්කාශණය කරන නමුදු වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතූවෙන් එම සංඛ්‍යාව දිනකට 100ත් 150ත් අතර සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බවත් පවසන ඒ මහතා වරායේ පමණක් කන්ටේනර් 2000කට අධික සංඛාවක් ද ඊට අමතරව ඔරුගොඩවත්ත සහ තොටලග කන්ටේනර් අංගන වලද විශාල සංඛ්‍යාවක් ද කන්ටේනර් ගොඩ ගැසී ඇතැයිද පැවසීය.

මුදල් ඇමති මංගල සමරවීර මහතා ගැටළුවට විසඳුමක් නොදී කැබිනට් එකට බොරු කරුණු ඉදිරිපත් කර කැබිනට් එක නොමඟ යවා ඇති බවත් පැවසු සුදත් ද සිල්වා මහතා මුදල් ඇමැතිවරයා කැබිනට් එකේදී පවසා ඇති කරුණු බොරු කරුණූ බවට ඔප්පු කිරීමට රේගු වෘත්තීය සමිති සුදානම් බවද පැවසීය.

රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති අමිල සංජීව මහතා කියා සිටියේ ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල සහය ලබාගෙන පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය පියවර ගෙන තිබෙන බවත්ය.
 
 
 
 



අදහස් (13)

රේගු වෘත්තිය සමිති හෙට රැස් වෙති

Lal Sunday, 03 February 2019 07:52 AM

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත සේවයෙහි පිහිටවන තුරු ජාවාරම් කරුවන්ටත් ඔය ඇමතිටත් යටනොවී රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩිකර සටන ජයගන්න සියළුදෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.!

:       38       148

sam Sunday, 03 February 2019 08:23 AM

රේගුව, ලංකාවේ දූෂිතම ආයතනය නොවේ නම් දූෂිතම ආයතන දෙකතුනෙන් එකක්. වර්තමානයේත් එහි දූෂිත බවේ කිසිම අඩුවක් නැහැ... හොර සිගරට් ලොරියක්ම රේගුවෙන් නිදහස් වෙලා එනකොට අල්ලා ගත්තේ පෙරේදා හෝ පළමුදා නේද? තමන්ට බඩේ පාර වැදීම වළක්වා ගැනීමට හෝ දේශපාලන වුවමනාවන් සඳහා මිසක් රටේ යහපත වෙනුවෙන් කවුරුන් හරි වර්ජනය කර තිබෙනවාද?

:       126       216

Asanka Sunday, 03 February 2019 09:52 AM

ලංකාවේ හොඳම හොරුටික සේරම එකතුවෙලා හොරකම රජ කරවන්න අර අඳිනවා. මේ පිටුපස කාගේ කාගේත් බළල් අත් ඇති බව නම් අපට හිතාගන්න පුළුවන්... ඔය ගුවන්තොටුපල ආගමන, විගමන නිලධාරිනුත් පහුගිය කාලේ වර්ජන කලේ කැමරා පද්ධතියක් සවි කිරීමට විරුද්ධවයි. මොවුන් සේරම එලවල සුදුසුකම් ඇති තරුණයෝ බඳවාගන්න ඕනෑ. කොන්දක් ඇති නායකයෙක් ඉන්නවා නම් රටේ......

:       33       41

MaheeSunday, 03 February 2019 07:47 PM

මන්ද බුද්ධිකයන් සිටින තුරු දේශපාලක හොරුන්ට හිතේ හැටියට රජකම් කරන්න ඉඩ ලැබී තිබෙන බව නම් අපට පේනවා. මංගලගේ ලේකම්ලා, අර කුප්‍රකට වන නාශක ඇමතිගේ මල්ලිලා හොර මගඩිවලින් රටේ ආදායම ගසා කන එක හරියි කියන එකනේ ඔය වෙන වචනවලින් කියන්නේ. පක්ෂ, පාටවලින් නෙත් අන්ධ වී සිටින ඔබ වැන්නන් සිටින තුරු දෙපැත්තේම හොරු ටික අගේට රජ කරයි.

:       116       51

sandy123 Sunday, 03 February 2019 10:24 AM

දේශපාලකයන්ගේ පහත් දේශපාලනය නිසා රටේ සියලුම පුරවැසියෝ වන්දි ගෙවනවා. කැබිනෙට්ටුවේ ඉන්න ඔල මොට්ටලයන්ගේ ජඩ වැඩ ගැන වටහා ගැනීමට දේශපාලන මන්ද බුද්ධික වන්දි භට්ටයන්ට නැණ නුවණ පහළවේවා! ඒ එක්කම කියන්න තියෙන්නේ ඔබලාගේ ගැති බව නිසා පොදු මහත් ජනතාවම දුක් විඳින බව නොපෙනේද? කන්ටේනර් සිර වීමෙන් භාණ්ඩ හිඟවීමක් වගේම භාණ්ඩ නරක් වීමක් සිදුවෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ අලාභය පාරිභෝගික ජනතාව වෙත පටවනවා. තැලෙන යකඩය හැමෝම එකතුවෙලා තවතවත් තලනවා. අම්බරුවන්ගේ සුඛ විහරණයට අපි මිරිකෙනවා.

:       7       68

RaveendraSunday, 03 February 2019 03:39 PM

sandy123 මයාවෙත, ඔබගේ වැදගත් අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම "මහජන නියෝජිතයන් යයි කියාගන්න බූරුවන් " වංකකමේ හිමි පැත්තටම පැමිණි ඇති බවත් ඒ සමගම එම බූරුවන්ගේ වංචනික ක්‍රියාවලියන්ට, හොරකමට හොඳින් උදව් කරමින් තමන්ද " හොරකමේ යෙදෙන නිලධාරී බල්ලනුත්" සිටීම මොන තරම් අභාග්‍යයක්ද? මෙවන් පාදඩ නිලධාරින් අතරේ අවංක නිලදරුවන්ට කෙසේ හෝ කොන්ද කෙලින් තියාගෙන වැඩකිරීමට ඉඩ නොදෙන මෙම අමනයන් මෙම ආයතනයේ පමණක් නොව සෑම රාජ්‍ය ආයතනයක්ම සිටින බව නොරහසකි. මෙම දූෂණ කෙල පැමිණි දේශපාලන බූරුවන් සහ නිලධාරි අමනයන් සෑම දෙයක්ම හොරකම් කලාක් මෙන් වැලිගම් බලා යන දවස තම තමන්ට හොරකම් කිරීමට හැකි බව සිතමින් සිහින මවන්නෝය. මහජන මුදල් වංචා කල එකා මිය යන්නේ අනේකවිධ දහදුක් විඳ, අනේකවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී බව අතීතයෙන් අප සියල්ලන්ටම ඕනෑතරම් උදාහරණ ඇත.

:       5       57

Athula Sunday, 03 February 2019 02:31 PM

ජනතාව වන අපට තියෙන ප්‍රශ්නේ වන්නේ චාල්ස් මහත්මියව මාරු කරනවද? නැද්ද? කියන එක නෙමෙයි, අර ජාවාරම් කාරයන්ට කව්ද නීතිය ඉදිරියට ගේන්නේ...?

:       1       18

පිටිගල මිලානෝ Sunday, 03 February 2019 10:35 PM

අපිට රේගුව සුළු-ආබාධිත රණවිරුවන්ට සහ නවක උපාධිධාරීන්ට රැකියා දෙන තෝතැන්නක් කරගන්න පුළුවන්. අදාළ බලධාරීන් මේ ගැන සොයා බලන්න.

:       23       214

සංක Monday, 04 February 2019 02:42 AM

එකෙක් රකින්න බහුතරයකගේ රස්සාවලට පහර එල්ල කිරීමක් මේක... ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන කවුරුත් නෑ. වරාය තුල වැඩිම අල්ලස් ගන්නා ඔවුන් සුදනන් වෙන්න බෑ. ඒක විහිලුවක්...

:       107       274

theshanMonday, 04 February 2019 07:19 AM

සංක, ඔබතුමා වරායට අඩුගානේ එක පාරක් ගියානම් රේගුවෙන් වෙනසේවය මොකක්ද කියලා අඳුරගන්න තිබුණා. අහි දැවැන්ත කාර්යභාරයක් මොවුන් කරන්නේ, චාල්ස් මහත්මිය ඉවත් කරන්න හදන්නේ ජාවාරම්වලට ඒ මහත්මිය බයවෙන්නේ නැතුව වැඩ කරපු නිසා...

:       0       6

Pandith Monday, 04 February 2019 10:36 AM

මේ රේගුවේ ඉන්න ලොකු ලොක්කෝ සහ ඉහළ නිලධාරීන් රජයේ සමස්ත බදු අදායමෙන් 1/3ක් විතර හොරපාරෙන් සාක්කුවේ දමාගන්නවා. මේක අද ඊයේ ඉඳන් නෙමෙය‍ි. මේක කවුරුත් දන්නා රහසක්... මේ අයගේ පරම්පරා හතක්ම ගොඩ මේ රස්සාව නිසා... රජය වහාම දැඩි තීරණයක් අරගෙන මේ රේගු වෘත්තිය සමිතිවලට ඕන විදියට නටන්න දෙන්න එපා... රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට මේ හොරකම් නවත්තලා දැඩි තීරණ ගන්න පුළුවන් කෙනෙක් වහාම පත්කරන්න.

:       0       994

theshanMonday, 04 February 2019 11:16 AM

එහෙම කෙනෙක්ව තමයි පත්කරලා තියෙන්නේ. අනිත් එක දැඩි තීරණ ගන්න ඕනෑ කියලා විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ව පත්කරන්න බැහැ. මොකද මෙවැනි තනතුරකට පත් කරන්න නියමිත ක්‍රමවේදයක් තියෙනවා. මේක පළමුවැනි ශ්‍රේණිය යටතේ තිබෙන තනතුරක්...

:       58       0

theshanTuesday, 05 February 2019 07:31 AM

මේක පරිපාලන ක්ෂේත්‍රයේ 1 ශ්‍රේණිය යටතේ තිබෙන එකක්. ඒ නිසා හිතුන හිතුන කෙනාව පත්කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 186 0

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 172 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 74 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 239 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 322 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1884 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 640 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 324 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site