IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු

රටේ තත්ත්වය යහපත් නොමැති බව එකක් පසු පස එකක් වශයෙන් පළවන ප්‍රවෘත්තිවලින් පැහැදිලිය. කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ආශ්‍රිත වතුවලින් මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද කොරෝනා ආසාදිතයන් පොකුරු පිටින් හමුවෙමින් පවතී. පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදකලා කර විසි දෙදාහක් නිරෝධායනයට යොමු කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය. රටේ තත්ත්වය යහපත් නොමැති බවට එම ප්‍රවෘත්ති වුවද සාක්ෂි වේ.

ලෝක වසංගත තත්ත්වයක් වන කොරෝනා මාරාන්තික උවදුරට තවමත් නිශ්චිත ඖෂධයක් නැත. නිරෝධායනය පමණක් විසඳුම ලෙස ප්‍රකාශයට පත් වී තිබේ. මෙම රෝගයෙන් ගැලවී ගත හැකි වන්නේ පමණට වඩා ආරක්ෂා වීමෙනි. ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සඳහා මැළි නොවිය යුතුය. සුළු හෝ අත්වැරැද්දක් තමන්ට මෙන්ම තමන්ගේ පවුලේ සමිපතමයන්ට මරණය රැගෙන ඒමකි.

විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන ගැනීමට අසමත් වන්නේනම් ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය අතිමහත්ය. මාසයකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ රටම ඇඳිරි නීතියේ ගිල්වා තිබිණි. දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය ලිහිල් කළ ද එම ලිහිල් කිරීම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමාණවත් නැත. රටේ ප්‍රධාන වාණිජ අග නගරය අඳිරියෙහි ගිල්වා තිබිය දී රට සාමාන්‍ය අතට පත් කිරීම කිසිලෙසකින් හෝ පහසු කාර්යයක් නොවේ.

රට මෙසේ ඉදිරියට යා නොහැකිය. අප රටේ නිෂ්‍පාදන ආර්ථිකය මෙන්ම සේවා ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබේ. ලෝක පරිමාණයෙන් ද වසංගත තත්ත්වයක් ඇතිවන බවට ඉඟි පළ කර තිබේ. එහෙයින් මේ ව්‍යසනයෙන් මිදීම සඳහා මුළු වැර යොදා කටයුතු කළ යුතු එකොළොස් වැනි පැය එළැඹ තිබෙන බව අවිවාදාත්මකය.

කොරෝනා මාරාන්තික උවදුරට එරෙහිව රටක් ලෙස අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් මගින් පමණක් මෙම උවදුර මුලිනුපුටා දැමිය නොහැකි බව පැහැදිලිය. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කොරෝනා සැක රෝග ලක්ෂණ පහළවීම නිසා ලංගම ඩිපෝ අධිකාරිවරයකුගේ බිරිඳ හා පුතා පරීක්ෂණ සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත්, මෙම ඩිපෝ අධිකාරිවරයාගේ පුතා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා රෝගී මාළු ව්‍යාපාරිකයා පදවා ගෙන ගිය යතුරු පැදියක පසුපස අසුනේ මීට දින කිහිපයකට ඉහත දී හිඳගෙන ගොස් ඇති බවත් එම පුතා එම සිද්ධිය වසන් කර තිබූ බවත්ය.

මෙහිදී මතුවන ගැටලුවක් තිබේ. මාළු ව්‍යාපාරිකයා එම ව්‍යාපාරයේ යෙදෙන විට ඔහු සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු යැයි හැඟීමක් සාමාන්‍ය කෙනෙකුට ඇති විය හැකිය. එහෙයින් විශේෂ ආරක්ෂාවකින් තොරව ඔහු සමග ගනුදෙනු කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. මිනිසුන් සමග විවිධාකාරයෙන් ගනුදෙනු කරන පුද්ගලයන්ට අදාළව ද මෙය පොදු තත්ත්වයකි.

‘චූන් පාන් වෙළෙන්දාද’ එක් උදාහරණයකි. ඔහු බොහෝ ප්‍රදේශවල සැරිසරයි. මෙහිදී විශේෂ සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින ලෙස උපදෙස් දී තිබේ. එහෙත් එබඳු වෙළෙන්ඳන් සමග විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළකින් තොරව කටයුතු කිරීම සාමාන්‍ය ජනයාගේ ස්වභාවයය. ගමට හෝ නගරයට පැමිණ විවිධ වෙළෙඳාම් කටයුතුවල නියැලෙන පුද්ගලයන්ට මෙන්ම විවිධ රාජකාරී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට ද මෙය පොදු තත්ත්වයකි.

කොරෝනා රෝගී මාළු වෙළෙන්දා සමග යතුරු පැදියේ එකට ගමන් කිරීම නිසා එම පුතාටත් මවටත් කොරෝනා සැක රෝගී තත්ත්වයක් ඇති වී තිබේනම් මෙසේ මහජනයා සමග විවෘතව ගනුදෙනු කරන පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොකළ සෞඛ්‍යමය විධි විධාන ක්‍රියාවට නැගිය යුතුය.

එබඳු පිරිස් විශේෂ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන්ට කොරෝනා සැක රෝග ලක්ෂණ පහළ වී ඇද්ද නැද්ද යන්න නිරීක්ෂණය කළ යුතුය. එබඳු රෝග ලක්ෂණ පහළ වී නොමැතිනම් ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ඔහුට නිකුත් කළ හැකිය. එළැඹ ඇති අනතුරට මෙබඳු පිළියම් වඩාත් යෝග්‍ය බව ඉතාම පැහැදිලිය.

මේ මොහොතේ ඇති අවදානම එයට හිමි සැබෑ අර්ථයෙන්ම හඳුනා ගත යුතුය. එසේ හඳුනා ගනිමින් එයට අදාළව ක්‍රියාත්මක කළ යුතු සෑම විධිවිධානයක්ම ක්‍රියාත්මක කළ යුතුය. මෙය එක් අතකින් අතිශයින්ම දුෂ්‍කර විය හැකිය. සංකීර්ණ විය හැකිය. එහෙත් කොරෝනා රෝගීන් පොකුරු පිටින් බිහි වී මේ රට පතුළ නොපෙනෙන අගාධයකට ඇදවැටීම වැළැක්වීමට නම් කුමන දුෂ්කර තත්ත්වයක් තුළ වුවද කළ යුතු දේ කළ යුතුමය.



අදහස් (3)

රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු

lal Tuesday, 28 April 2020 05:14 AM

ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ රටේ මිනිස්සු මෙම වසංගතයේ ඇති බරපතලක තේරුම් නොගැනීම. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගැන අපේ රට ගැන, සෞඛ්‍ය සේවය ගැන අධි තක්සේරුවක් සහ අතිශයෝක්තියක් ඇතිකර ගැනීම. සහ වෙනත් රටවල් හෙළා දැකීම. එයින් වෙන්නේ අපේ දුර්වලකම් ඒ අයුරින් නොදැකීම. තවත් එකක් තමයි සත්‍ය තොරතුරු මිනිස්සු අතරට නොයාම සහ වෙනත් රටවල් වල සාර්ථක සහ අසාර්ථකභාවය පිළිබඳව තර්කානුකූලව අවබෝධ කර නොගැනීම. අනික හැමදේම දේශපාලනීකරණය සහ 'විරු' මානසිකත්ව

:       1       70

විජිත් Thursday, 30 April 2020 11:30 AM

මේ රටේ සිටින ප්‍රධානම රෝග වාහකයා දේශපාලුවයි. ඒවගේම ඔය රෝග වාහකයා මාරාන්තික වයිරස් වර්ග දෙකක් පතුරනවා.1. ආගම. 2.ජාතිය.

:       0       39

lal Monday, 04 May 2020 11:08 PM

"රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු" කිව්වට බිරිදට මාස්ක් එකක් දාගන්න කිව්වම පරල වෙලා සැමියා ගැහුවයි කියලා බොරු පැමිනිල්ලක් රාත‍්‍රියේම දමා අසරන සැමියෙකුව රැයක් පොළිස් කුඩුවේ රදවා තැබු සිද්ධියක් කොළඹ අවට ප්‍රදේශයක වෙලා තියෙනවා. කොරෝනා වසංගතය අතරතුර පලිගැනිම් පවා හොදින් වෙනවා. පොලිසි නිලධාරින් කරන රාජකාරිය ඉතා අගයන නමුත්, මෙවැනි සිද්ධින් වලදි ගැහැණු/පිරිමි බව, දැනහැදුනුම්කම් වැනි කරුනු මත පාක්ෂික නොවි සාධාරණ ලෙස තිරන ගැනිම ඉතා වැදගත්.

:       0       106

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 135 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1276 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2737 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1693 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site