(ඩි.ජී.සුගතපාල)
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය රෝහල ඇතුලු දිවයිනේ ප්‍රධාන රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර මහින්දදාස මාවත පදිංචි 30 හැවිරිදි විවාහකයෙකි.
සැකකරු විසින් සොරකම් කරන ලද රුපියල් විසි ලක්ෂයකට අධික රන් ආභරණද නුවර රජ විදියේ ස්වර්ණාභරණ අලෙවි සලකට විකුණා තිබියදි සොයාගෙන ඇත.
ඉකුත් 10 වන දින සැමියාට ප්‍රතිකාර ගැනිම සඳහා කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණි කාන්තාවක් රවටා ඇයගේ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ල අනුව ක්‍රියාත්මකවු පොලිසිය ට සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබේ.
අක්මිමණ ප්‍රදේශයේ පදිංචි කාන්තාව සැමියාගේ වකගඩු රෝගයට ප්‍රතිකාර ගැනිම සඳහා එදින උදැසන සැමියා සමග කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණ දොරටුව අසල සිටියදි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි සැකකරු පැමිණ දෙදෙනාටම පරික්ෂණයක් කළ යුතු බව පවසා භෞත චිකිස්තක කාමරය වෙත කැඳවාගෙන ගොස් ඇත.
එහිදි සියලුම රන් ආභරණ ගලවා සැමියාට දෙන ලෙස පවසා ඇය ඇඳක හාන්සි කරවා ඇති අතර රන් ආභරණ බෑගයක දමන ලෙස පවසා සැමියාටද ඇඳක හාන්සිවන ලෙස සැකකරු පවසා ඇත.
ඒ අනුව සැමියාද බිරිඳගේ මුදු 3ක් මාලය සහ සුරයද බෑගයේ දමා ඇඳේ හාන්සිවි තිබේ.මේ අතර සැකකරු ඔවුන් දෙදෙනාට නොපෙනෙන ලෙස රන් ආභරණ ටික සොරකම් කරගෙන පිටතට ගොස් එන බව පවසා කාමරයෙන් පිටව ගොස් තිබේ.
මෙම සිද්ධියට පෙරද මෙවැනි සිද්ධින් හතක් කරාපිටිය රෝහලෙන්ද මහමෝදර රෝහලෙන් එක සිද්ධියක්ද ඇතුලු සිදධින් අටක් ගාල්ල පොලිසියට වාර්තාවි තිබු අතර ඒවා සම්බන්ධයෙන්ද පරික්ෂණ පවත්වමින් සිටියදි මෙම සිද්ධියද වාර්තාවිමත් සමඟ පරික්ෂණ කඩිනම් කල පොලිසියට සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි ඇත.
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු අනුරාධපුර 3වන පියවරේ උපන් අයෙකු වන අතර එහිදි වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා ඇති බවයි.පසුව සැකකරු සුදුවට සහ සමාජශාලා වලට යාමට ඇබ්බැහිවිම නිසා මව්පියන් එම ගෙවල් විකුණා හෝමාගම ප්‍රදේශයේ කුලි නිවසකට පැමිණ ඇත.
සැකකරු පවුලේ එකම පිරිමි දරුවා බවත් සොහොයුරියන් තිදෙනෙකු සිටින අතර එක් සොහොයුරියක් විදේශ රටක පදිංචි බවත් සැකකරුද වරක් එරටට ගොස් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මේ වනවිට කෑගල්ල , නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, හම්බන්තොට, පුත්තලම ආදි රොහල්වලටද ගොස් සායනවලට පැමිණෙන කාන්තාවන්ට විවිධ පරික්ෂණ කිරිමට අවශ්‍ය බව පවසා රවටා ඔවුන්ගේ රන් ආභරණ සොරකම් කර ඇති බවයි. දැනට අනාවරණයවි ඇති තොරතුරු අනුව සැකකරු විසින් මේ ආකාරයට රුපියල් විසි ලක්ෂයකට අධික රන් භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය පවසයි.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝගීන්ගේ රන් බඩු සොරාගත් හොර දොස්තර අල්ලයි