IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රේගුවේ මහා හොරයක්:සිවු දෙදෙනෙක් ගෙදර

(යොහාන් භාසුර)

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කළ බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩතහනම් කළ නිලධාරීන් අතර සිටින බවත් නිලධාරිනික මෙවැනි බරපතල සිද්ධියකට සම්බන්ධ වීම වඩාත් කැපී පෙණෙන බවත් එම උසස් නිලධාරියා කීය.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති බවත් එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන අද (18) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැති වූ බවත් එම නිලධාරියා කීය.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බව කී එම නිලධාරියා රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බව ද සඳහන් කළේය.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩි දුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් එම නිලධාරියා කීය.

මෙවැනි දූෂිත ක්‍රියා හේතුවෙන් ශරීර සෞඛ්‍යට අහිතකර මෙන්ම පිළිකාකාරක සහිත ආලේපන වර්ග, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ, බාල ඖෂධ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග වෙළෙඳපොලට යෑම වැළැක්විය නොහැකි බව ද රේගුව උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (24)

රේගුවේ මහා හොරයක්:සිවු දෙදෙනෙක් ගෙදර

Muthu Friday, 19 July 2024 06:17 AM

මේක ඔතන කෙරෙන වැඩ වලින් පුංචි ඉඳිකටු තුඩක්.... ගණන් ගන්නවත් එපා... ඔතන තේ හදන මිනිහ හිටන් හිනා වෙනවා ඇති...

:       0       29

donFriday, 19 July 2024 04:00 PM

කාන්තා නිලධාරිනියක් සම්බන්ධ වීම ගැන අහන්නත් දෙයක්ද? ඒ ගොල්ලෝ ගොඩක් කැමැති නෑ... සුවඳ විලවුන් සහ ආලේපන වලට...

:       0       10

Indhika Friday, 19 July 2024 06:57 AM

අපෝ ඕක චූටි දෙයක් නේ...

:       0       21

sk Friday, 19 July 2024 09:30 AM

අහිංසක මිනිස්සුන්ට රට ඉඳලා එනකොට ලොකුවට ටැක්ස් ගහන නිලධාරීන් අන්තිම හොරු...

:       0       24

krishna Friday, 19 July 2024 09:40 AM

අකුරට වැඩ...

:       0       18

අරවින්ද මොනරවිල Friday, 19 July 2024 09:48 AM

ඕවා මොනවද ස්විපින් ගේම්නේ, බැඳුම්කර වංචාව බිලියන 12 සීනි බදු වංචාව බිලියන 16 එතකොට සුදුළූණු වංචාව ඒවනේ ගේම්......

:       21       24

WijekonFriday, 19 July 2024 04:57 PM

ඇත්තෙන්ම අරවින්ද ඔබතුමා ඕපදූප හොයනවා මිස රටේ වැදගත් පුවත් එහෙම කියවන්නේ හෝ අහන්නේ නැද්ද විශේෂයෙන් අයවැය වගේ දේවල් කියවා බලන්නේ නැද්ද? හරිම දුකයි මැතිතුමා බැසිල් අවසාන වශයෙන් කියවූ අයවැය අරගෙන කියවා බලන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ අරගන්න පුළුවන් වේවි... එහි ඔබතුමා කියන හොරකමක් ගැන විස්තරයක් ඇති. එහෙම තියෙද්දී කියන්නන්වාලේ මෝඩයෙක් වගේ නොකියවා බොරු ප්‍රචාරය කිරීමේ කොන්ත්‍රාත්තුව දැන්වත් අවසන් කරන්න උත්සාහ කරන්න මම කුඩාකාලයේ අහලා තියෙනවා ලැදිව රජෙක් බොරු බස් කී විගස කියා නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කය කියලා කවියක්. ඒක ඔබතුමාගේ ආගමේ නැතුව ඇති ඒත් බෞද්ධ අපේ හතරවෙනි සිල් පදය ඒක තමයි...

:       5       13

අරවින්ද මොනරවිල Friday, 19 July 2024 09:21 PM

බැසිල්ගේ අයවැයේ මොනවාද තිබුණේ... රට බංකොලොත් වුනේ ගොවියෝ කම්මැලි කමට වට්ටක්කා ඇට ටිකක් කුඹුරට විසිකරලා ගෙදර ගිහිල්ලා නිදා ගත්තු හින්දා කියලාද නැත්නම් කපුටාස් ප්ලෙන් එකට හිට් කරලා සංචාරක කර්මාන්තය කඩා වැටුණු හින්දාද කියලා ඕපාදූප හොයන අපි දන්නේ නැහැ. ඒවා දන්නේ තමුන්නාන්සේලා වගේ උගත් බුද්ධිමත් පඬිවරුවන් නොවැ...

:       0       0

sam Friday, 19 July 2024 10:14 AM

මුන්ට විරුද්ධව ඉතා ඉක්මණට නඩු අහලා හිරේ දැමිය යුතුයි... ඒ වගේම මුන්ගේ වත්කම් බැරකම් ළමයි ඉගෙන ගන්න පාසල්. විදේශ විශ්ව විද්‍යාල ගැනත් තොරතුරු අරගෙන ඒවාට කොහෙන්ද සල්ලි වියදම් කලේ කියලා ඉතා ඉක්මණට සොයා ගත යුතුයි. පට්ට හොරු.. රාජපක්ෂලාගේ ණය වෙන්ඩ ඇති.

:       8       29

පිටිගල මිලානෝ Friday, 19 July 2024 10:23 AM

රේගු නිලධාරීන්ගේ මෙන්ම ඔවුන්ගේ ආසන්නම ඥාතීන්ගේ ද වත්කම් පරීක්ෂා කරන්න. බොහෝ අයගේ වත්කම් තිබෙන්නේ පිටරට ඉන්න තම දූදරුවන්ගේ නම් වලිනුයි.

:       1       37

රංබොඩ Friday, 19 July 2024 10:29 AM

හොරු හැම තැනම. අනෙකාට හෙන ගැහුවත් තමන්ගේ මල්ල තර වෙනවානම් මොකද කියන දීන මානසිකත්වයෙන් ඉන්න අය කොතැනත් ඉන්නවා. හැබැයි කවදා හෝ අහු මෙනවා. විඳවනවා.

:       1       33

dasun Friday, 19 July 2024 10:32 AM

රේගුව අද නින්දෙන් ඇහැරිලා වගේ අද ද දන්නේ මේ වගේ වැඩ වෙනවා කියලා... බොහෝ රේගු නිලධාරින්ගේ ගෙවල් දොරවල් වත්කම් ජීවන රටාව පරික්ෂා කළොත් ඕන තරම් තොරතුරු හොයා ගන්න පුළුවන්

:       2       31

de silva Friday, 19 July 2024 10:45 AM

ලංකාවට භාණ්ඩ ගෙන්වන විට ඉතා සංකීර්ණ විවිධ නම්වලින් බදු විශාල ප්‍රමාණයක් ගහනවා , ප්‍රධාන ව්‍යාපාරිකයන්ගෙන් 95% ම මේවා නිතියනුකුලව ගෙවල බදු ගෙනත් ව්‍යාපාර කරන්නේ නැහැ , ඔවුන් කරන්නේ රෙගු නිලධාරීන්ට අල්ලස් දීල බදු දැලෙන් රිංග යන එක , එමනිසා ලෝකේ දියුණු රටවල කරන විදිහට 10%-20% අතර එක අඩු සරල එක බද්දක් ගහන්න , එවිට බොහෝ දෙනෙක් නිසි ආකාරයෙන් බදු ගෙවන නිසා ආණ්ඩුවට විශාල බදු අධයමක් රජයට ලැබේවි . සරල එක බද්දක් නිසා විශාල ලියකියවිලි ප්‍රමාණයක් පිරවීමට අනවශ්‍ය වේ , නැතිනම් පෝසත් වන්නේ නිළධාරින්

:       0       34

lalith Friday, 19 July 2024 11:13 AM

දවසකට රේගුවේ මේ වගේ හොර වැඩ කොපමණ වෙනවද ? මේ ඉතා සුළු එකක් වෙන්න පුළුවන් . රේගුවේ ඉන්න ය ගෙවන සුකුමාල ජිවිත දැක්කම තේරුම් ගන්න පුළුවනි ලැබෙන තෑගි මුදල් වලට අමතර තව කොපමණ ආදායමක් ඒ අයට ලැබෙනවද කියල . ඒ වගේම තමයි ආදායම් බදු එකේ උන් .

:       2       42

Pradeep Kumara Friday, 19 July 2024 11:29 AM

පවතින නීති සහ දඬුවම් සංශෝධනය කර හෝ මේ පුද්ගලයන් හට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්න.

:       1       26

Rata Perata Friday, 19 July 2024 11:42 AM

මේ කම්බ හොරු රැළ තමයි තව ඉල්ලීම් ඉල්ලා වර්ජනය කරන්නෙත් කාලකන්නි

:       4       35

විපරමා Friday, 19 July 2024 11:56 AM

රේගුව ගැන කියලා වැඩක් නැහැ.හොර ගුහාවක්.. හොර වැඩ, වංචා වලට,දේසපාලුවන්ගේ මෙන්ම ,රේගුවේ උසස් නිලධාරීන්ගේත් පිහිට ලැබෙනවා.

:       3       33

don Friday, 19 July 2024 04:00 PM

එකක් විශ්වාසයි... මෙයාලට නම් දඬුවමක් නම් දෙන්නේ නෑ ඕක ඇතුළෙන් නම්..! 

:       2       8

MO77 Friday, 19 July 2024 04:28 PM

ඔය රේගුවේ එකේ සූරා බදු එකේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේ ආදායම් පරීක්ෂා කර බැලුවොත් අර පියුමිගේ බැලුවා වගේ 100ට 99ක් තඩි හොරු... ඔවුන්ගේ බහුතරයක් විදේශ රටවල් වලින් පදිංචිකාරයෝ. දැන් සල්ලි පොම්ප කරන්නේ පිටරට. ඒක තමයි මේ රටේ අවශ්‍ය වන්නේ ඩිජිටල් ආර්ථිකයක් ඕනේ. දේශපාලුවෝ හා රජයේ ඉහළ නිලධාරීන්ලා මේකට විරුද්ධයි.

:       1       9

Prabha Friday, 19 July 2024 09:26 PM

රිමාන්ඩ් එකට යන්න ඕනෑ කට්ටිය ගෙදර යවලා..

:       0       0

Nihal Friday, 19 July 2024 09:58 PM

ගෙදර යැව්වාම ඔක්කොම හරි ද?

:       0       0

chandima Friday, 19 July 2024 11:12 PM

මහබැංකු හොරකම, මග හොරකම, බෙහෙත් වංචාව, එව්වා ඔයිට වැඩිය ලොකු හොරකම්...

:       0       0

G ajithh Saturday, 20 July 2024 01:12 AM

ඔයගොල්ලෝ දන්නෙ අදද මේ රේගු වැඩ වැඩ කරන මිනිස්සු හොරකම් කරනවා කියලා. අපි නම් ඉස්සර ඉඳලා දන්නවා ලොකු ලොකු මාල කරට එනකොට ලොකු ලොකු බේස්ලට් අතට එනකොට මේගොල්ලෝ හොරකම් කරනවා කියලා

:       0       0

Hemantha Peiris Saturday, 20 July 2024 03:46 PM

ඔය එන සියලුම බාළුම් ක්ලියර් කරන්න ඕනේ එස්.ටී.එෆ් එක දාලා ඔය රේගුව ඉන්නේ ලෝකෝත්තර හොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 169 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 489 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site