IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි

(රන්ජන් කටුගම්පොල)

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ  කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි "රාජ සභා මණ්ඩපය" ඩෝසර් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ  බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම වසරක සිර දඬුවමක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය .

 ඒ අනුව ඔවුන් චෝදනා තුනකට වැරදිකරුවන් කරමින් වසර බැගින් වන පරිදි වෙන් වෙන්ව  ගෙවී යන ලෙස වසර තුනකට   නියම කර තිබූ  සිර දඬුවම එකවර ගෙවී යන සේ වසරක් තෙක්  අඩු කිරීමට  නියම කරන කෙරිණි.

කුරුණෑගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ 2023 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිර දඬුවම  බලපැවැත්විය යුතු බවට ද  නියම කෙරිණ. 

අදාළ සිර දඬුවමට එරෙහිව ගොනුකර තිබූ අභියාචන පෙත්සමකට  අවසර දෙමින් මෙම නියෝගය සිදු කෙරිණි .



අදහස් (7)

’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි

Nirmal Thursday, 18 July 2024 04:39 PM

මේ වගේ සමාජයට නොගැලපෙන උද්දච්ච නරුමයෝ හිරේම සිටිය යුතුයි. මීට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් දමනවා හෙට අනිද්දාම.

:       0       56

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 04:52 PM

ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක් මේක, මෙවැනි සමාජ දූෂකයින්ට, නොහොබිනා පුද්ගලයින්ට දෙන දඬුවම් සරල හෝ සැහැල්ලු නොවිය යුතුයි. මොකද මොවුන් මෙම වැරැදි කරන්නේ නැතිබැරි කමට හෝ නොදැනුවත්ව හෝ නොවේ. තමන්ගේ තියෙන නැහැදිච්චකම හා බලපුළුවන්කාරකම සමාජයට පෙන්වන්නයි. ඒ නිසා එවැනි අමනයින්ට නීතියේ උපරිම දඬුවම ක්‍රියාත්මක කළ යුතුවේ...

:       0       48

ama Thursday, 18 July 2024 06:16 PM

ආ ආ ... මසුරංව පොදි බැන්ද රන්...

:       0       0

chandima Thursday, 18 July 2024 08:29 PM

බැංකු කඩපු එකාලා එළියේ ඉද්දි මාලිගාව කඩපු එකාලා ඇතුළට දාලා මොනවා කරන්නද? තව ටික දවසකින් කෙහෙළියත් එළියට දායි අධිකරණය බලතලත් අතට අරන් තියෙන්නේ

:       1       1

ලකුවිදු Thursday, 18 July 2024 08:38 PM

කෝටි ගණනක දඩය එක්වරම ගෙවීමට මුදල් සොයාගත් අන්දම සොයලා බලන්න පුළුවන්ද?

:       0       3

Lalla Thursday, 18 July 2024 10:01 PM

ඒ කියන්නේ මේ තිරිසනුන් රෑන මේ අවුරුද්දේ දෙසැම්බරයේ නිදහස් වෙනවා...

:       0       2

sam Friday, 19 July 2024 10:33 AM

ඡන්දෙට වැඩ අල්ලලා .. මෙරට දේශපාලනයේ ගෝල වැරදි කරුවන්ට දඬුවම් නැහැ. හිරේ ගියත් උන් ඉන්නේ සුඛෝපභෝගී වයි.. මේ දේශපාලුවෝ නීතියකට කිසිම ගරුත්වයක් නෑ. එකයි මේකට හේතුව

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 241 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 968 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 193 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1797 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 223 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 1322 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 797 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site