IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


රාජාංගනයේ ගෙවිලියෝ අලුත් වැඩකට අත ගසති

(දයාරත්න ඇඹෝගම)

රාජාංගනය ප්‍රදේශයේ ගෙවිලියෝ පිරිසක් පරිසරයට අහිතකර අලිමානා,ජපන්ජබර, යෝධ නිදිකුම්බා ආදීයෙහි පාත්‍රාවලින් මෙන්ම බඩඉරිඟු ශාකයෙන් ඉවතලන ද්‍රව්‍ය ,කෙසෙල් කඳන් ආදිය උපයෝගී කරගෙන අත් කඩදාසි නිපදවීමේ කටයුත්ක නිරතව සිටිති.

රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කාර්යලයට අයත් ස්ථානයක ඉතා අඩු පහසුකම් යටතේ සිදුකරන මෙම කඩදාසි නිෂ්පාදනය වාසි ගණනාවක් අත් වන  බව මෙහි නිර්මාතෘවරයා වන්නේ ධම්මික රන්සිරිගේ මහතා පවසයි.

මෙම කර්මාන්තය දියුණු කළ හොත් සමාජ ගැටළු රාශියකට විසදුම් ලබාගත හැකි බව ඔහු පවසයි. දේශීය මෙන්ම විදේශිය වෙළදපොළ තුළ ද ස්වභාවික අත් කඩදාසි සදහා ඉහළ ඉල්ලුමක් පවතී. විසිතුරු භාණ්ඩ , කාර්යාලයීය උපකරණ , ලිපි ද්‍රව්‍ය බහාලීම සදහා අවශ්‍ය විවිධ උපකරණ ආදිය මෙම කඩදාසි හරහා ආකර්ශනීය ලෙස නිර්මාණය කිරීම මෙම ස්ථානයේ දී සිදු වේ.

අවශ්‍ය නම් වර්ණ වෙනස්කර ගැනීම සදහා පල්පයට විවිධ වර්ණ එකතු කිරිමේ හැකියාව ද පවතී. වියලා ගත් කඩදාසි මටසිලිටි කරගැනිම සදහා යන්ත්‍රය මගින් මැදීම ද සිදුකරයි.

එම අත්කඩදාසි වලට විවිධ අලංකාරවත් මෝස්තර යොදා ගැනීමේ බ්ලොක් මුද්‍රණ ක්‍රමයක්ද පවති.

මෙම අත් කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සදහා ඇමරිකාව , ජපානය , ස්විට්සර්ලන්තය ආදී රටවලින් ඉල්ලුමක් පවතී. එමෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව දේශිය වෙළදපොළ තුළ ද මේවා ප්‍රචලිත කිරීමට හැකියි.

2020 වර්ෂයේ දී පළමුව ආරම්භ කළ මෙම කර්මාන්තය තවමත් පවතින්නේ ළදරු අවධියකය. කෝවිඩ් බලපෑම ඊට ප්‍රධානතම හේතුවයි.

ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදනය කිරීමේ සමිතියක් ලෙස 30 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එක්ව කරන මේ නවමු වැඩපිළිවෙළ ඉතා සාර්ථකත්වයට පත් වුවකි. මෙම කඩදාසි නිෂ්පාදනය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා සමෘද්ධී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නීරික්ෂණ චාරිකාවකට එක්විය.

 

 



අදහස් (4)

රාජාංගනයේ ගෙවිලියෝ අලුත් වැඩකට අත ගසති

Raveendra Monday, 28 June 2021 10:18 AM

මෙන්න නිරීක්ෂණය කරන්නත් ගිහින් ...

:       0       0

සමන් විමලධර්ම Monday, 28 June 2021 11:45 AM

ජයෙන් ජයම වේවා !

:       0       0

sharm warn Monday, 28 June 2021 12:47 PM

පරිසර හිතකාමී කෙනෙක් හැටියට ලොකු සතුටක් දැණුනා මේ ලිපිය දැකලා...

:       0       0

Sri Lanka Monday, 28 June 2021 06:51 PM

හොඳ වැඩක්, හැබැයි ඕකේ කරන්න දෙයිද දන්නෑ එච්චර කාලයක්? මේක ශ්‍රී ලංකාව ඔක්කොම කරන්නේ පිටරටට ඕනේ විදිහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 631 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 305 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 266 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1075 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1431 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1611 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site