IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජගලතැන්න පුරාවිද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කරයි

වසන්ත චන්ද්‍රපාල

අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඓතිහාසික රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා විසින් යුනෙස්කෝ ආයතනය වෙත රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් කරන ලද අයදුම්පත්‍රය සකස් කර එය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ඇතිව ශ්‍රිලංකාවේ යුනෙස්කෝ නියෝජිතය හරහා යුනොස්කෝ ආයතනය වෙත එය ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම පිළිබඳව සැලිකිමත් වූ යුනෙස්කෝ සංවිධානය ඓතිහාසික රජගලතැන්න පුදබිම තාවකාලික ලෝක උරුමයක් ලෙස පිළිගන්නා බව සිය නිල වෙබ් අඩවියේ සදහන් කර තිබේ.

ඓතිහාසික ස්ථානයක් ලෝක උරුමක් හැටියට නම් කිරීමේදි එහි පළවෙනි අයදුම් පත ලැබුන පසු යුනොස්කෝ ආයතනය විසින් එය සලකා බලා එහි වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම පිළිබඳව අධ්‍යයනයක් කර ඇත. පළමු පියවරේදි එය තාවකාලික ලෝක උරුමයක් හැටියට නම් කරන අතර ඉන් වසර දෙකක කාලයකට පසුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පැවසීය.

වසර ගණනාවක සිට වල් බිහිවෙමින් තිබු රජගලතැන්න පුදබිමෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව එක්ව කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම කැනීම්වලදි රජගලතැන්න ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවිය. මෙම ව්‍යාපෘතිය සදහා මිලියන 229.38 ක මුදලක් වැය කර තිබේ.



අදහස් (10)

රජගලතැන්න පුරාවිද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කරයි

ravi Friday, 01 May 2020 09:09 AM

ඕකට කියන්නේ..., බටර් ගානවා කියල... ඔය බටර් ගානවා එක්කම තව අනතුරකුත් සිද්ද වෙන්න පුළුවන්''', පරිස්සමෙන් .

:       0       0

rasika Friday, 01 May 2020 10:09 AM

නිසි ප්‍රචාරයක් නැත. ගොඩ ගෙනීමට බොහෝ දේ ඇත. නව තාක්ෂණය යොදා ගෙන බිත්ති ටික හදල පෙන්නවන්න. රෝමය, පොම්පේ හදල අවසන් .

:       1       135

සතරසිංහ Friday, 01 May 2020 11:10 AM

මේ බුදුන් උපන් බිමයි. අපි දකින හැම බොදු සිද්ධස්ථානයක්ම බුදුන්ගේ පහස ලැබූ බවට දැන් දැන් සාක්කි ලැබෙමින් පවතිනවා. අනෙකුත් පන්සල් විහාර ආදියත් රජය මැදිහත් වී ලෝක උරුමයන් බවට පත් කරන්න ඕනා. අනිකුත් ආගම් පසු කරමින් බුදු දහම ලෝකය පුරාම පිබිදෙන කාලයක් තමයි එලබී තියෙන්නේ. බුදු දහමේ ඇති තර්කානුකුල බව මීට ප්‍රධානම හේතුවයි.

:       18       477

මල්කා Saturday, 02 May 2020 12:01 AM

අහන්නත් සතුටුයි.

:       0       12

jayaratha Saturday, 02 May 2020 12:51 AM

කිසිවෙකු හට බුද්ධ දේශනාවට අනුව ජීවත් වෙනවා හැර වෙනත් විකල්පයක් මිහිපිට නැත. ඊට හොදම කාලයයි මේ....

:       0       12

ravi02 Saturday, 02 May 2020 08:18 AM

දැන් ඉතින් ඊළඟ සතිකිහිපය තුල... යුනෙස්කෝ කාරයෝ ටිකක් අපේ රටට ගොඩ බැහැල .. හොඳට අපෙන් කාලා බීලා ... ආයිබෝවෙවා කියාගෙන ආපහු යයි යන්න ... ඕකට තමයි , යුනෙස්කෝ ලෝක උරුමය කියන්නේ .. !!!

:       1       10

Madhawa Saturday, 02 May 2020 09:09 AM

මිහිදු හිමියන්ගේ සහ උත්තිය හිමිවරුන්ගේ ධාතු තැන්පත් කල බව සදහන් සෙල් ලිපියේ ඇති සැගවුණු ඉතිහාසය තිබෙන ඓතිහාසික රජගලතැන්න...

:       0       1

SL Saturday, 02 May 2020 02:11 PM

මහන්සි වූ සැමට ප්‍රණාමය!

:       0       1

Champa Saturday, 02 May 2020 03:23 PM

ඔබට අනෙක වාරයක් ස්තුතියි මහාචාර්යතුමා. මේ වගේ ලෝක උරුමයන් විදිහට නම් කල යුතු පුරාවිද්‍යා බිම් සිය ගානක් ලංකාව පුරා තියෙනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒවා ලෝක උරුමයන් කරනවා තියා ආරක්ෂා කරන්නවත් පියවර අරගන්නේ නැහැ. ඓතිහාසික මුලතිව් ගුරුකන්ද විහාරයේ අවුරුදු 2000 කට එහා ගිය සිංහල බෞද්ධ ඉතිහාසය ගැන ඔබ මුලතිව් උසාවියට කරුණු කිව්වා. ඊටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන මුහුදු මහා විහාරය අද රැක ගන්න කෙනෙක් නැහැ. එතන වැඩ ඉන්න හාමුදුරුවෝ දෙන්නෙක් තනි සටනක් දෙනවා. පොතුවිල් වල තියෙන එකම පුරාවිද්‍යා බිම මුහුදු මහා විහාරය. කාවන්තිස්ස රජ්ජුරුවෝ විහාර මහා දේවිය වෙනුවෙන් හදපු මුහුදු මහා විහාරය එක්ක ඉන්දියාවේ ටජ්මහල මොකක්ද? සුනාමිය ගැන අපි දන්නේ අවුරුදු දෙදහස් ගානකට ඉස්සෙල්ල. බ්‍රිතාන්‍යයන් කාලේ අක්කර 264ක් තිබ්බ මුහුදු මහා විහාරයට අද තියෙන්නේ අක්කර 3යි. මේ ගැන ක්‍රියා කරන්න නීතිමය අයිතියක් තියෙන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තද නින්දේ.

:       0       19

ravi02Sunday, 03 May 2020 10:27 AM

බෞද්ධයකු වීමට අවශ්‍ය පිරිසිදු .. සිතත් .. ගතත් .. වචනයත් පමණයි . අනිත් ඔය කියන දේවල් ඔක්කොම බොරු ..! පරණ ගඩොල් ගොඩවල් පරිස්සම් කරමින් දුරාචාරයේ යෙදෙන්න කියල , කොයි ධර්මයේද කියවිලා තියෙන්නේ .. ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 349 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2522 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1954 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 207 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26870 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site