IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක්

(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක්,ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.

මියයන විට 69 වයසේ පසුවූ රාජා හස්තියා , කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි බවත් ඊයේ දවස පුරා කිසිදු කෑමක් නොගෙන සිටීම මත සුපරීක්ෂාවෙන් සිටියදී අද උදෑසන එක්වරම ඇද වැටීමෙන් මරණයට පත්වූ බවත් වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

ආසියාවේ විශාලතම හීලෑ ඇතු ලෙස සැලකෙන රාජා හස්තියා, 1953 වර්ෂයේදී ඉන්දියාවේ උපත ලබා ඇති අතර එරට ධනකුවේරයකුට ප්‍රතිකාර ලබාදීම පිනිස එරටට ගිය පිළියන්දල නීලමහර වෙද හාමුදුරුවන්ට ත්‍යාගයක් ලෙස ලැබී ඇති මෙම හස්තියා , පසුකලෙක හර්ෂ ධර්මවිජය මහතාගේ පියාණන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව මිය යන තෙක්ම නැදුන්ගමුව වෛද්‍යාචාර්යවරයා රැකබලා ගැනීම සිදු කළේය.

රාජා මියයාම සැලවීමත් සමග මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර මහතා අද උදෑසන පැමිණ දැකබලා ගත් බව ධර්මවිජය පැවසීය.

මේ අතර මෙම සිදුවීම සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුරකථනයෙන් වෛද්‍යවරයාට කතාකොට ශෝකය පළ කොට ඇත.

මෙම හස්තියා වසර 25 ක පමණ කාලයක් රැකබලාගත් විල්සන් කොඩිතුවක්කු මහතාද රාජා මියයාමෙන් දැඩි ශෝකයට පත්ව සිටින අතර මහනුවර ඇතුලු සෑම පෙරහරක් සදහාම හස්තියා පාගමනින් රැගෙන ගියේ මොහුය.


2022 මාර් 07 වන සඳු, පෙ.ව. 08:13

නැදුම්ගමුවේ රාජා දිවියට සමුදෙයි

(තිලකරත්න දිසානායක)

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.



අදහස් (7)

’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක්

අප්පුහාමි Monday, 07 March 2022 10:32 AM

අපි ප්‍රාර්ථනා නොකලත් නිවන් දැකීමට අවශ්‍ය පිං කරගෙන තියෙනවා සියලු සංකාරයෝ අනිත්‍ය බව පසක් කරමින් පරලොව සැපත් හස්තිරාජයාට නිවන්සැප ලැබේවා

:       0       0

Gayanath Monday, 07 March 2022 10:38 AM

දෙව් ලොව ඉපදේවා!!!

:       0       0

කිරි පුතා Monday, 07 March 2022 01:08 PM

හෙළ බොදු සංකේතයක්. තිරිසන් ව ඉපදුනත් ඉන මිදෙන්නට පිං කරගත් සතෙක්. ජාතියේම ප්‍රණාමය හිමි වේවා !

:       0       0

අතුල සෞදි Monday, 07 March 2022 02:35 PM

තිරිසන් ආත්මයක උපත ලැබුවත් සැබෑ ජනතා ප්‍රසාදයක් ලබන්නෙ පෙරකල කුසල කර්මයකටමයි. ඔබට මිනිස් උත්පත්තියක් ලැබ සසර කෙළවර නිවන් සුව ලැබේවා!

:       0       0

jayasiri Kanuwana Tuesday, 08 March 2022 09:24 AM

ඔබ බෝසත් කුලයේ.බුදුන් දවසේ සිටම මේ එන ගමනේ නිමාවක් නැත .ඔබ ආයෙමත් එන බව ඔබ දන්නවා .ආයිමත් ඇවිත් මේ සේවාව දිගටම කරගෙන යන්න .ටිකක් විවේක ගන්න ,දිව්‍ය ලෝකවල සැරි සරලා සිළුමිණ සෑයත් වැඳ පුදාගෙන .ආයෙමත් එන්න මේක ඔබේ සංසාර ගමන .මම ඔබට නිවන් සුව නොපතමි .ඒ ඔබ නැවත ආ යුතු නිසා .ටික කලක් විවේකීව ඉන්න

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 March 2022 04:23 PM

ඇත් රජුනි, දළදා වහන්සේ වැඩම කරවන විටදී පාවඩය ඉවත්ව තිබූ මොහොතක එය සකසා ගෙන ගමන්කිරීමට තරම් ඔබ බුද්ධිමත් වූවා හොඳහැටි මතකයි. ඔබ ගැන නිති ගුණ ගයමින් අපි කල්ගත කළෙමු. මේ ශෝකජනක අවස්ථාවේ අපි සැම දුකට පත්වී සිටිමු. ඇත් රජුනි, ඔබට නිවන් සුව අත්වේවා... !!!

:       2       11

R.A තිසරි දම්දිනී Friday, 11 March 2022 05:41 PM

මිනිසෙකු නොකරන තරම් මහා මෙහෙවරක් කරන ලද රාජා හස්ති රාජයාට මොක් සුව ප්‍රාර්ථනා කරමි...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 18 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 169 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල



මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1246 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 757 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති
2025 අප්‍රේල් මස 21 1452 2

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 452 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site