IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි

(ජයන්ත සමරකෝන්)

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍යවරයා විසින් ඔහු රෝහලින් බැහැරකිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ (පාලන) මහතා පැවසීය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහලින් බැහැරකිරීමේදී ඔහුගේ රෝගී තත්ත්වය අනුව ඔහුට කිසියම් අවදානමක් සිදුවුවහොත් එහි වගකීම භාරගත නොහැකි බවද එම වෛද්‍යවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී සමන්ත අලහකෝන් මහතාට පවසා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා රැගෙන යාමට පැමිණ තිබූ ගිලන් රථය සහ අරක්ෂක නිලධාරීන් සහිත වෑන් රථය ආපසු බන්ධනාගාරයට පැමිණ තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (49)

රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි

Rasika Pradeep Sunday, 29 December 2019 12:42 PM

කාවද මේ අය රවට්ටන්නේ? ඕක අහිංසක මිනිහෙක්ට වුණානම්, නීතියෙන් මගහරින්න නීතිය මුලා කරනවා. රාජිත එදා ඉඳන් කලේ ඕක. රාජිත වීරයෙක් කියලා හිතන හරක් ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ. නීතියට මුහුණ දෙන්න කොන්දක් නැති කෙනෙක් රටේ පරිපාලනමය තීරණ ගන්න, මහජනතාව නියෝජනය කරන්න යවන අයට ගහන්න ඕනේ. රාජිතගේ කෙරුවාව මයික් ඉස්සරහ විතරයි. ඡන්දය කාලේ මිනිස්සු නොමග යවන්න බොරු කළා. දැන් ඒ බොරු හින්දා නීතියෙන් ගැලවෙන්න අායෙත් බොරු කරනවා. දේශපාලනේ ව්‍යාපාරයක් කරගත්තා විතරයි.

:       345       2183

C.K.LankaputhraSunday, 29 December 2019 02:39 PM

දැන් ඔය ලොකුලොකු තැන්වලට ඇවිත් ඉන්න කට්ටියත් කලේම නීතියට වංගු දාලා, නීතිය නවලා විතරක් නෙවෙයි නීතියට නවපු එක තමයි. අපි මැරිලා ඉපදුණා කියලා එහෙම හිතන්න එපා මහත්තයෝ.

:       1011       1349

saaliSunday, 29 December 2019 02:59 PM

දෙගොල්ලම රවටන්නේ අපිවයි. බලවත් කාගේත් වැඩ ඔහොමයි. අතීතයේද උදාහරණ බොහෝමයි. පාස්කු ප්‍රහාරය ගැන, බැංකු වාර්තාව ගැන දැන් උනන්දුවක් නැහැ වගේ... ඒවා තමා රටට මහත් හානියක් ගෙන ආවේ... විසඳිය යුතු රටේ ප්‍රශ්න යටපත් වීමක් තමයි ප්‍රදර්ශනය වන්නේ...

:       1       155

සම්පත් Monday, 30 December 2019 01:57 AM

රාජිත තමයි මේ රටේ මහාචාර්ය සේනක බිබිලේ මහතා කරන්න උත්සාහ කල අවුෂධ පනත සම්මත කලේ, අපේ රටේ මිනිස්සු කළගුණ සලකන්නෙ එක්කෙනෙක්ට විතරද? අක්ෂි රෝහලට ගිහිං බලන්න දවසකට පන්සීයක් දෙනාට නොමිලේ අක්ෂි කාච දානවා, ඒ සංකල්පය ඇතිකළේ රාජිත, මෙතන තම දෙමව්පියෙකුට අක්ෂි කාච, ස්ටෙන්ට් නොමිලේ ලැබුණු අය ඒක ගැන දන්නවා.

:       60       164

sunilSunday, 29 December 2019 03:16 PM

ඔය මොනවා කිව්වත් රාජිත රටේ සෞක්‍ය ඇමති හැටියට, කොන්ද කෙලින් තියාගෙන මහ ජනයාට සේවය කළ කෙනෙක්.

:       2247       2257

ajitjSunday, 29 December 2019 03:56 PM

කවුරු ආණ්ඩුව කළත් දේශපාලකයින්ට සැප... ඕක තමයි ඇත්ත. අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තෙත් ඕක...

:       0       197

ravinSunday, 29 December 2019 04:51 PM

රාජිත කියන්නේ පිළිකා රෝගීන්ගේ මාරයා. අත්හදා බැලීමක් නොකළ පිළිකා එන්නතක් රුසියාවෙන් ගෙනත් ලංකාවේ පිළිකා විශේෂඥයින්ගේ විරුද්ධත්වය මත රෝගීන්ට නිර්දේශ කලේ ඔබ කියන ඔය නිකම්ම නිකම් " දත් දොස්තර"යි.

:       253       334

Wijebahu Sunday, 29 December 2019 03:34 PM

අපේ නන්දෙත් ඔය සෙල්ලම් දැම්මා. එ් සෙල්ලම් නිසා අද ලොකු පුටුවේ...

:       140       648

RaveendraSunday, 29 December 2019 08:57 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස නිවැරදිය. ජඩවැඩ කළ සහ කරන නිවට දේශපාලකයන් හැමවිටම තම ගොට්ටන් ඉදිරියේ "බලු වීරයන්" ලෙස හැසිරීම දියවන්නා ඔයේ අයගේ ගති ලක්ෂණ වලින් එකකි. එය "නිවට දේශපාලුවන් යහමින් තම ඡන්ද දායකයන්ට" මනාව පෙන්නුම් කරමින් සිටින අවස්ථාවකි.

:       0       3

Rohan Sunday, 29 December 2019 01:27 PM

පට්ට... මේක නිකන් ටෙලියක් වගේ. මේක තනිකර පළිගැනීමක්...

:       84       126

MaheeMonday, 30 December 2019 03:35 AM

ඔව් සමහරවිට. මහි කියන්නේ නෑ රාජිත හරියි කියලා. එ්ත් මේ රාජිත සිද්ධියත් එක්ක යට යන දෙයක් තියෙනවා. ඒ තමයි පාඨලී කතාව. යූ ටියුබ් එකෙන් බලන්න පාඨලී කවුද කියල. සුකී ගැන විස්තර අහන්න. ඒවා ඇහෙනකොට, පාඨලීත් එක්ක සංසන්දනය කරලා බලනකොට, රාජිත බෝධිසත්වයෙක් වගේ පෙනෙයි.

:       15       2

සෙනෙවිරත්න Sunday, 29 December 2019 01:41 PM

රාජිත හරි යැයි නොකියමු. මේ සියලු අයියලාගේ තරම අප හොඳින් දනිමු. නමුත් රාජිත, පාඨලී කෝලම රඟ දැක්වීමට පෙර කළයුතු බොහෝ දෑ මේ රජයට තිබිය යුතුයි. සියලු මාධ්‍යවල මුල් විනාඩි ගණනක් මෙයට වෙන්කිරීමට ඇති වැදගත්කම කුමක්ද? බැඳුම්කරය වෙනුවෙන් කලේ කුමක්ද? හඳුන්නෙත්ති කළ හරියක්වත් බලය ඇති මේ අය කර තිබේද? රාජිත කළ දෙයින් අගතියක් වූයේ කාටද? බොරුව මෙය පමණක්ද මේ සියල්ලම ඇස් බැන්දුම් පමණි. අන්තිමට සියල්ල සතුටින් විසිර යන හැටි බලන්න.

:       45       250

Palitha Sunday, 29 December 2019 01:43 PM

අපරාදේ අනූනවයෙන් සුවසැරියේ සවාරිය මිස් වුනේ... ඕක රටට හඳුන්වා දුන්නට තාම ඔබතුමාට ඕකේ යන්න බැරි වුණා නේ නේද? මේ මනුස්සයෙක්ගේ අසනීපයකට හිනාවෙනවා නෙවෙයි හොඳේ.

:       12       48

Ruhunu Sunday, 29 December 2019 01:52 PM

ඔය රෝහලින් බන්ධනාගාර රෝහලට අරගෙන යන්න බැරිවුණාට වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යන්න අවසර දුන්නොත් බලන්නකෝ රෝහලේ වෛද්‍යතුමා මොකද කියන්නේ කියලා... නීතියට බොරු කළාට රටේ මිනිස්සුන්ට නම් බොරු කරන්න බැහැ මහත්තයෝ...

:       114       279

Lasintha Sunday, 29 December 2019 02:18 PM

කෙසෙල් කැනක්, පොල් ගෙඩි හයක් හොරකම් කළ වරදට අපේ නීතිය අකුරටම ක්‍රියාත්මක වුණා මතකයි.

:       0       282

Devinda Uduwara Sunday, 29 December 2019 02:21 PM

මේ මොහොතේ ඔහුට රෝගියකු ලෙසින් ප්‍රතිකාර කරන්න.

:       66       19

Don Sunday, 29 December 2019 02:29 PM

දැන් පේනවා නේද විශේෂඥ දොස්තරලගේ ශක්තිය, රෝගියෙක් වෙනුවෙන් බන්ධනාගාරවල ඉන්න දෙකයි පනහේ දොස්තරලට පුළුවන්ද? හෘදයේ සැත්කමක් කරපු රෝගියෙකුට වගකියන්න...

:       411       424

AnandaRSunday, 29 December 2019 03:52 PM

ඊට වඩා පාට කණ්ණාඩි ශක්තිමත් කියලයි මට නම් පෙනෙන්නේ. ඒකෙන් කබරයි, තලගොයි වෙලා පෙනෙනවා. තලගොයි, කබරයි වෙලා පෙනෙනවා.

:       6       63

Amula Sunday, 29 December 2019 02:33 PM

මේ රටේ මෙච්චර හොරුන්, මිනීමරුවන්, දූෂිතයන් ඉන්නවා. ඔය ඔක්කොම පැත්තකින් තියලා මේ යකා පස්සේ දුවන්නේ අනිවාර්යයෙන්ම පළිගැනීමනේ... ඇත්තටම සුදු වෑන් තිබ්බද?

:       569       536

ධම්මSunday, 29 December 2019 03:27 PM

අප සුදු වෑන් දැක්කේ යහපාලන ආණ්ඩු කාලේ රයන් උස්සන්න ආ වෙලේ පමණයි.

:       44       49

Champa Sunday, 29 December 2019 02:46 PM

තනිකරම බොරු ෂෝ. යූ-ටර්න් ජනාධිපති ආපු ගමන් දරුවෝ තුන් දෙනෙක් ඉන්න ද්‍රවිඩ කාන්තාවක් රජයට අපකීර්තියක් ගෙනෙන්න කතාවක් ගෙතුවා කියලා ඇත්ත කතාව වැහුවා. ඒ දවසකට පැය 10 ගානේ දවස් තුනකුයි ඊටත් පස්සේ දවසෙත් උදේ ඉඳන් හවස් වෙනකනුත් සීඅයිඩී උසාවි, පිස්සන්කොටු හැම තැනමත් දවස පුරා ගෙනියාමටත් අමතරව. ඊට පස්සේ හිරේ දාපු එක වහන්න දේශපාලන දඩයම් පටන් ගත්තා. යූ-ටර්න් ජනාධිපති ජාත්‍යන්තරයට කිව්වා ශ්‍රී ලාංකිකයන් කාටත් නීතිය එකයි. නීතියට අනුව ක්‍රියා මාර්ග ගැනීමේ ක්‍රියා පටිපාටියක් තියෙනවා. ඒක අනුගමනය කළ යුතුයි. ඒ හින්දා ගානියාට විශේෂත්වයක් කරන්න බැහැ කියලා. දැන් මේ පෙන්වන්නේ නීතිය කාටත් සමානයි කියන එකද? චම්පිකට දවස් දෙකෙන් ඇප. හොඳට හිටපු රාජිත ඉස්පිරිතාලේ... මේ ගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝද? නැත්ද? රටේ ඇත්ත නීතිය මොකක්ද? චම්පිකට, රාජිතට එක නීතියකුත් ගානියාට වෙනස්ම නීතියක් වුනේ කොහොමද? යූ-ටර්න් ජනාධිපති සහ යූ-ටර්න් ආණ්ඩුව රටේ ගෞරවය කෙලෙසන එක වහාම නවත්තලා රාජිතට, චම්පිකට තියෙන නීතියම ගානියාටත් දෙන්න...

:       242       111

ජුන්ඩා Sunday, 29 December 2019 07:07 PM

පුදුමයි...!!! මේ අපේ ආණ්ඩුවට වහල් ආණ්ඩුව කියලා බැනපු නෝනෙක් නේ.

:       12       0

Gamarala Monday, 30 December 2019 02:31 AM

චම්පට, මොකක්ද ඔච්චර තියන කැක්කුම ගානියා ගැන.

:       22       61

ChampaMonday, 30 December 2019 06:42 AM

මේ වගේ වැඩ මේ රටේ මාද ඇතුළු තවත් මිනිස්සුන්ට වෙන්න පුළුවන් නිසා. දේශපාලකයන්ට එක නීතියකුයි රටේ අනිත් මිනිස්සුන්ට තව නීතියකුයි වුනේ කොහොමද? දැන් බලාගෙන යනකොට වහල් ආණ්ඩුව ගියපු පාරේම තමයි යන්නේ. නීතිය ගැන මිනිස්සුන්ගේ විශ්වාසය අන්තිම බින්දුවට බැහැල තියෙන්නේ.

:       33       18

රණසිංහ - වඳුරුගලMonday, 30 December 2019 07:31 AM

මොලේ කචල්.......

:       4       22

මංජුල Sunday, 29 December 2019 02:47 PM

දැන් හෙට ඇප ලැබුණොත් ගෙදර යනවා.. එතකොට මේ දොස්තර මොකද කියන්නේ... සනීපයි කියනවද?

:       5       18

විජිත්Monday, 30 December 2019 12:35 AM

මුලින්ම කොළඹ මහා රෝහලේ සිටින හෘද රෝග විශේෂඥයින් දෙතුන් දෙනෙක් යවන්න ඕනා පරික්ෂා කරන්න.

:       0       39

Kumara Sunday, 29 December 2019 02:51 PM

නීතියට මුහුණ දෙන්න කොන්දක් නැති අය රටේ පරිපාලනමය තීරණ ගන්න. මහජනතාව නියෝජනය කරන්න යවන අයට ගහන්න ඕනේ... ඒ කතාව පහුගිය කාලේ ඒ වගේ නීතියට මුහුණ නොදී කට්ටි පැන්න කෙනෙක්ව රටේ මුල් පුටුවට පත්කරන්න ඡන්දය දුන් අයටත් අදාලද?

:       26       44

Rata Perata Sunday, 29 December 2019 03:06 PM

රටේ නායකයා නීතිය නවපු හැටි අපිට හොඳට මතකයි.

:       200       247

Arshad Sunday, 29 December 2019 03:16 PM

බොරුවෙන් රට කාල‍ා ජීවත් වුණා මිස කළුතරට කරපු වැඩක් නැහැ. අපිට පුදුම කළුතර මිනිස්සු මෙච්චර මෝඩද කියලා මේ අයට චන්දෙ දෙන්නේ.

:       553       531

Nandalal DE SILVA - France Sunday, 29 December 2019 03:46 PM

මනුස්සකම හඳුනන, සිය වෛද්‍ය වෘත්තියේ ගරුත්වය සහ වගකීම මුලින් තබා, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍යවරයා ගත් මේ උසස් තීරණය අගය කළයුතු වෙනවා. රජයේ වෛද්‍ය සංගමයේ ඩොක්ටර් පාදෙණිය ලොක්කාට ආවඩන කෙනෙක් එහි සිටියා නම් මෙලහකටත් රාජිත මැතිතුමා මොන ලෝකයක ඉන්නවාද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණකි ! වගකීම් දරන හැම "මනුස්සයෙකුටම" මෙය උතුම් ආදර්ශයක් වේවා !!

:       528       138

Laksitha France Sunday, 29 December 2019 07:00 PM

නන්දලාල් මයා ලෙඩේ වැඩි වෙලා බෙහෙත් ඕනෑද? මාව හමුවෙන්න .. රාජිතට කඩේ ගිය අසනීපයට මම ළඟ බෙහෙත් ඇත.

:       167       174

BamunuarachchiMonday, 30 December 2019 12:28 AM

අැයි යකෝ මේ ලංකාවට හෙන ගැසුවත් හොඳයි කියන ජාතියේ ද්‍රෝහීන්නේ මේ? බලමු මෙයා හැමදාම දැඩිසත්කාර ඒකකයේ ඉඳියි. අක්කෝ එළියට එයි..

:       20       27

Jabar Husain Beruwala. Sunday, 29 December 2019 03:56 PM

රුහුණුගේ මෝඩකම සටහනෙන්ම පේනවා..! මොකද, බන්ධනාගාර රෝහලේ වෙනසයි සිංගප්පූරුවේ රෝහලේ වෙනසයි තේරුම් ගැනීමම?

:       2       19

Ruhunu Sunday, 29 December 2019 06:56 PM

Jabar, ඔබට මගේ අදහස හරියට තේරිලා නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද මේක රඟපෑමක් කියලා...

:       0       1

Gamarala Sunday, 29 December 2019 03:58 PM

මේ මනුස්සයට මොනවා හරි වුනොත් ඒකත් සුදු වෑන් සිද්ධියට වඩා දෙයක් වේවි... හොඳටම සනීප වෙනකම් ආරක්‍ෂිත රැකවල් ඇතිව බලාගෙන, පසුව නීත්‍යානුකූලව කටයුතු කිරීම තමයි මේ වෙලාවේ හොඳ... ඒ ගොල්ලන්ට මේ වෙලාවේ කිසිම දෙයක් ටෙස්ට් එකට නැතුව ඉන්න වෙලාවේ අපි මොකටද ඔවුන්ට බයිට් එකක් වෙන්නේ...?

:       0       2

BamunuarachchiMonday, 30 December 2019 12:37 AM

"මේ මනුස්සයට මොනවා හරි වුනොත් ඒකත් සුදු වෑන් සිද්ධියට වඩා දෙයක් වේවි." .. මොකක්ද එක කතාව? මෙයාට මොනවාහරි උනොත් වෙන්නේ ඉස්පිරිතාලේදී එක දොස්තරලා බලාගනී අපිට ඇති අමාරුවක් නැත. ආණ්ඩුව කීවද හොර ලෙඩ අරගෙන ඉස්පිරිතාලවල හැංගෙන්න කියලා. තමන්ට වරෙන්තුවක් තිබෙනවානම් ඉදිරිපත්වෙලා නිදහසට කරුණු කියලා නිදොස් නම් බේරෙන එකනේ ඇත්තේ. අපිට කිසිම අමාරුවක් නැහැ මෙයා ගැන. මෙයා කියපුවා කොරපුවා දැක්කේ අපි.

:       2       0

wije Sunday, 29 December 2019 04:59 PM

අනේ මන්දා හාල් 100/=යි , පොල් 70/=යි , එළවලු 250ක් 80/=යි, 90/=යි. මිනිස්සුන්ට මේ රාජිතව බන්ධනාගාර රෝහලට මාරු කළාද කියන එක වැදගත් නැහැ. සේරටම කලින් මිනිස්සු නොමැරී ජීවත්වෙන්න ඕනෑ...

:       61       103

Gamarala Monday, 30 December 2019 02:35 AM

එළවළු හිටෙවුවත් මාසයකින් පලදාව ගන්න බැරි බව මොලේ නැති අයට තේරෙන්නේ නැහැ.

:       23       42

sharm warnMonday, 30 December 2019 03:35 AM

අනේ අපේ මිනිස්සුන්ට කෑමෙන් පිට දෙයක් ඔලුවට එන්නෙම නැති හැටි.. නිකන් හිතන්නකෝ විජේ.. අගෝස්තුවේ ඉඳලා මාස කීයක් වැස්සද? තනිකරම ගොවිතැන් කරන්න ගන්න කාලේ මේ විදියට වහිනකොට සක්කර දෙයියා ජනාධිපති වුණත් එළවළු, හාල් වල මිල ඉහළ යාවි කියලා නිකමට ඔලුවට ආවේ නැද්ද? ඔයා අඩු ගානේ ගෙදර රම්පෙ, කරපිංචා ගහක්වත් හිටවගෙන ඉන්නවා නම් කමක් නැහැ.. හැම දේම උඩින් වැටෙන කල් බලාගෙන ඉන්න පුරුද්ද දැන්වත් වෙනස් කරමු. දේශපාලනේ අපිට තනියම වෙනස් කරන්න බැහැ. හැබැයි අපේ ජීවිත අපිට තනියම වෙනස් කරගන්න පුළුවන්. ඒ ගැන හිතන්න. අඩු ගානේ ගොටුකොල පැළයක්වත් ගෙදර හදාගන්න බලන්න.

:       45       1

saaliMonday, 30 December 2019 05:39 AM

මීට කලින් ලංකාවට වැස්සේ නැත් ද? රම්පෙ යි කරපින්චායි, වැටේ තිබෙන කොලයි තමයි කන්නේ. කලින් කවාදාද 400 ට 500 ට එළවලු ගියේ? පොලුත් ගණන්. කෙහෙල් මුවත් 250 - 300 යි . කලින් අය යද්දී ගස් ගලවන් ගියා ද?

:       0       23

Wijaya Abeywardena Sunday, 29 December 2019 05:10 PM

ඉන්න හිතෙන රටක්...

:       0       30

Jayantha Sunday, 29 December 2019 08:02 PM

රටේ බහුතර ජනතාවගේ පිළිකුලට ලක්වෙන්නේ තමන් විහින්ම වපුරන පිළිකුල් බීජ නිසයි.

:       0       1

Jayantha Sunday, 29 December 2019 08:07 PM

සුළු ජාතීන්ගේ ඡන්ද ටික මහ ජාතියට මඩ තවරලා ඉවර කර ගත්තා..

:       0       1

Bamunuarachchi Monday, 30 December 2019 12:30 AM

ඊළඟට හැංගෙන්න තිබෙන්නේ මෝචරියේ හෙවත් මිනී කාමරේ. අන්න ගියොත් හොඳ තැන.

:       1       19

Bamunuarachchi Monday, 30 December 2019 03:00 AM

ඊළඟට කොහෙද දන්නේ නැහැ හැංගෙන්න තිබෙන්නේ.

:       1       13

sharm warn Monday, 30 December 2019 03:19 AM

බෙහෙත් මිල අඩු කළා කියලා බාල බෙහෙත් වල මිල ඉස්සුවා. අන්තිමට තත්වයෙන් ඉහල බෙහෙත් ලංකාවට එන එකත් නැති කළා ..පිළිකා බෙහෙත් ගැන වෙනම කතා කරන්න පුළුවන්.

:       14       34

rajitha Monday, 30 December 2019 03:49 AM

රාජිත ඉන්න තැන දවස් දෙකක් යනකන් දැනගන්න බැරි බුද්ධි අංශයි ආරක්ෂක අංශයි රට රකින විරුවයි එයාගෙ ගෝලයො රොත්තයි ආයෙ සහරාන්ලගෙ වගේ ප්‍රහාරයක් වෙන එක නවත්වන්නෙ කොහොමද කියලයි ප්‍රශ්නෙ....?

:       0       30

Kumara Monday, 30 December 2019 04:29 AM

අත්හදා බැලීමක් නොකළ පිළිකා එන්නතක් රුසියාවෙන් ගෙනත් ලංකාවේ පිළිකා විශේෂඥයින්ගේ විරුද්ධත්වය මත රෝගීන්ට නිර්දේශ කලේ ඔබ කියන ඔය නිකම්ම නිකම් "දත් දොස්තර"යි. රවීන් මහතාගේ ඉහත ප්‍රකාශයට පිළිතුරකි. ලංකාවේ පිළිකා රෝගීන්ට රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර කළේ එක්තරා උපරිම වියදම් සීමාවක් දක්වා පමණයි. ඒ සීමාවෙන් එහාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වන වියදම් රෝගියා විසින් දැරිය යුතුව තිබුණා. මේ සීමාවන් ඉවත්කර පිළිකා රෝගීන්ට සියළු ප්‍රතිකාර නොමිලේ ලබාදීමට කටයුතු කළේ රාජිත. ඒ් නිසා ඔහු සැබැවින්ම පිළිකා රෝගීන්ගේ ගැලවුම්කරුවෙකි. ඔබ කියන ලංකාවේ පිළිකා විශේෂඥයින්ගේ කුහකත්වය පසුගිය දිනවල මුළුරටම දැන ගත්තා. දේ්‍ශපාලන කටයුතුවලදී රාජිත 100% නිවැරදි නැතත් සෞඛ්‍ය ඇමති හැටියට ඔහුගේ දොස් දකින්න‌ේ දොස්තර සංගමය විතරයි. ඒ ඔහු එම සංගමයේ පදයට නැටුවේ නැති එකම සෞඛ්‍ය ඇමතිවරයා වීම නිසයි...

:       240       264

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 55 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 16 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 18 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


කාර්යයාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු
2024 නොවැම්බර් මස 27 329 0

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග


කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම්
2024 නොවැම්බර් මස 27 265 0

නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්


වැස්ස
2024 නොවැම්බර් මස 27 7 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site